පසුගිය වසරට වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබඳව නඩු වැඩි වී ඇති බවත් මෙම තත්ත්වය ඉතාමත් ඛේදනීය බවත් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා. වැලිකඩ බන්ධනාගාරයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවසුවා. මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන්වා බෙදා හරින පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් බන්ධනාගාර ගතව සිටින රැදවියන් වැඩි වශයෙන් […]
මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ලබන අගහරුවාදා දිනයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට අදාළව ඉදිරිපත්ව ඇති ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී විමසා බැලීමට නියමිතයි. එම පක්ෂයේ ලාංඡනය ලෙස දැනට නව […]
කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ නව යුවළ සිය විවාහ උත්සවය කල් දැමීමට කටයුතු කර ඇති බව සදහන්. විදේශයන් හි සිට පැමිණෙන අමුත්තන් වෛරසයට ගොදුරු වීමේ අවදානම ඊට හේතුව වන අතර වෛරසයේ අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර, ලන්ඩනයේ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා සහභාගි […]
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා. ඒ අනුව ප්‍රවාහන, සංදේශ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ආර්. විජේසිංහ ප්රවර්ථන දිසාව වෙත මාරු කර […]
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන සඳුදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට […]
මධ්‍යම මාලිහි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මාලි හි ඔගොසාගෝ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. අදාල ප්රහාරඅය හේතුවෙන් එම ගම්මානයේ නිවාස රැසක් විනාශ වී ඇති බව සඳහන්. කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාවට අයත් ඩිංගි යාත්‍රාවක් මගින් ඊයේ සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, වැඩිදුර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම යාත්‍රාව අණ නොතකා යාත්‍රා කර ඇති බව නාවික හමුදාව […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. අද අලුයම දිවයිනට පැමිණි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.
මහමැතිවරණයේදි දෙපලිකට බෙදි තරඟ නොකර හංසයා ලකුණ යටතේ එක්ව තරඟ කිරිමට එජාප සජිත් පිල හා රනිල් පිල අද සවස පැවති සාකච්ජාවේදි එකගතාවකට පැමිණ ඇති බව වාර්තා වනවා.
පෙබරවාරි 14 අපි හැමෝම දන්නේ ආදරවන්තයින්ගේ දිනය ලෙසයි. නමුත් ඔබ දන්නවද? ලොව සියලු දෙනා අද වන විට පරිහරණය කරන සමාජ මාධ්‍යයක් වන You Tube හි ආරම්භය සිදුවන්නේ අද වන් දිනකයි. 2005.02.14 දින ආරම්භ වන You Tube ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න. Click Here
ඇමරිකාව සහ ඊශ්‍රායලය සුළු අතපසුවීමකින් හෝ තම රටට අනතුරක් සිදුකළහොත් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඉරාන ආරක්ෂක හමුදාවේ ප්‍රධානියෙකු වන කමාන්ඩර් හුසේන් සලාම් පවසනවා. ඉරාන හමුදා ප්‍රධානී කසීම් සුලෙයිමානිගේ ඝාතනයෙන් දින 40කට පසු පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here