News Line| Off Air
Generic placeholder image

Feb
12

රන්ජන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සහ නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වන නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදි එම නියෝගය නිකුත් කළ බව සදහන්. මෙහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් ඇප ඉල්ලා සිටි අතර, මහේස්ත්‍රාත්වරයා එය […]


Feb
12

ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ ආදායම ඉහළට

Generic placeholder image

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝ වල දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමනය මණ්ඩලය පවසනවා. ඊයේ පස්වරුවේ (11) ප්‍රවාහන කළමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් එහි ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් සිදු කළා. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම හා ලංගම සභාපති නීතිඥ […]


Feb
12

වෙලේ සුදාට එරෙහි නඩුවේ විභාගය ලබන ඔක්තෝබරයේ

Generic placeholder image

රුපියල් ලක්ෂ 10ක මුදලක් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 05 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් […]


Feb
12

විරෝධතාවක් හේතුවෙන් නෙළුම් පොකුණ අවට දැඩි රථවාහන තදබදයක්

Generic placeholder image

විශ්වවිද්‍යාල සිසු විරෝධතාවයක් හේතුවෙන් නෙළුම් පොකුණ රඟහල හා විහාරමහාදේවී උද්‍යානය අවට ප්‍රදේශයේ අධික වාහන තදබදයක් මේ වන විට පවතින බව වාර්තා වෙනවා.


Feb
12

වනාන්තර ගිනි තබන පුද්ගලයන්ට වසර 07 ක සිරදඩුවමක්

Generic placeholder image

පවතින අධික උෂ්ණාධික කාළගුණය හමුවේ ළඳු කැළෑ ගිනි තැබීමෙන් වළකින්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර මාධ්‍ය අධ්‍යක්ෂ ජානක හඳුන් පතිරාජ මහතා ජනතාව දැනුවත් කර තිබෙනවා. 2009 අංක 65 දරණ කැලෑ සංශෝධන පනතට අනුව වනාන්තර ගිනි තබන පුද්ගලයෙකුට අවුරුදු 07 කට නොඅඩු සිරදඩුවමක් ද වනාන්තරයට සිදුකර ඇති හානිය අනුව රුපියල් 20,000 – 200,000 අතර දඩමුදලක්ද අය කිරීමට […]


Feb
12

කොවිඩ් 19 ආසාදනයෙන් මිය ගිය සංඛ්‍යාව තව දුරටත් ඉහලට

Generic placeholder image

නව කොරෝනා වෛරසය කොවිඩ් නයින්ටීන් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා. වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1115 කට අධිකයි. නව කොරෝනා නියුමෝනියාව හේතුවෙන් මියගිය ගණන 1113ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ අලුතින් වාර්තා වූ මරණ 97ත් සමගයි. නව මරණ සියල්ලම වාර්තා වන්නේ චීනයෙන්. ලොව පුරා ආසාදිතයින් […]


Feb
12

චීනයේ වූහාන් සිට පැමිණි සිසුන් 16 වැනිදාට මුදා හරියි

Generic placeholder image

චීනයේ වූහාන් සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන මේ වන විට දියතලාව යුද හමුදා කඳවුරේ දින 14ක නිරෝධායන කරන සිසුන් 33 දෙනා එළැඹෙන ඉරිදා දිනයේදී මුදා හැරිමට හැකිවෙනු ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරාවීර මහතා ප්‍රකාශ කළා. සිසුන් පෙබරවාරි 01 දා ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් අතර ඔවුන්ගේ නිරෝධායන දින 14 සෙනසුරාදා අවසන් […]


Feb
12

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

දිවයිනට වයඹ, බස්නාහිර, දකුණු හා ගිනිකොණ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මන්නාරම සිට පුත්තලම හරහා ‍කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩි විය හැකි අතර […]


Feb
12

විමල්ගේ අල්ලස් නඩුවට දින නියම කෙරේ

Generic placeholder image

රුපියල් මිලියන හැත්තෑ පහකට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද දින නියම කළා. එම නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව […]


Feb
12

ඔක්සිජන් එපා කියන ජනතාවක්

Generic placeholder image

වනජීවි දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා පැවැති හමුවකදී මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සදහන් කලේ දරුවන්ට ක්‍රීඩා පිටියක් සදහා භුමියක් වෙන් කර දෙන ලෙසයි. එහිදී වනජීවි දෙපාර්තුමේන්තුවේ නිලධාරීනිය සදහන් කලේ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුම වන ගණනය වන 1.6 % ප්‍රමාණයක් පවතින බවයි. විශේෂයෙන්ම සිය දෙපාර්තුමේන්තුවට එයිනුත් තිබෙන්නේ අක්කර 18 ක් පමණක් බවත් තව දුරටත් වනාන්තර එලි කිරීම් සහ අනවසර […]


Feb
12

දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ජය ආම් ආද්මි පක්ෂයට

Generic placeholder image

ඉන්දියාවේ දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට ආම් ආද්මි පක්ෂය සමත් වී තිබෙනවා. ඒම පක්ෂයේ නායකයා වන්නේ අර්වින්ද් කේජ්රිවාල්ය. ඒ අනුව එම පක්ෂය විසින් දිල්ලි ව්‍යවස්ථාදායක සභාවේ ආසන 70 න් 62 ක විශිෂ්ට ජයක් හිමි කර ගෙන ඇති අතර ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය කිසිදු ආසනයක් දිනා නොගැනීම විශේෂත්වයකි.


Feb
12

අධික උෂ්ණත්වය හේතුවෙන් වායුගෝල දුවිලි අංශු ප්‍රමාණය ඉහලට

Generic placeholder image

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වායුගෝලයේ දුවිලි අංශු ප්‍රමාණය තවදුරටත් ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් දරුවන් හතිය වැනි රෝගී තත්වයන්ට ලක් වීමේ අවධානමක් ඇති බව සදහන් කරන සෞඛ්‍ය අංශ පවසන්නේ ඒ නිසා දරුවන් හට වැඩි පුර ජලය පානය කිරීමට ලබා දෙන ලෙස දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටින බවයි. එමෙන්ම වැඩිපුර දහදිය පිටවන ව්‍යායාමයන් ගෙන් බොහෝ […]


News Articles
Latest Videos
Most Popular Post