ලැබුවා වූ 2020 නව වසර ලෝක වාසි ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. ලෝකයේ පළමුවෙන්ම නව වසර උදා වුයේ සැමෝවා සහ කිරිබර්ටි යන රාජ්‍යයන්ට යි. උදා වූ නව වසර ශ්‍රී ලංකාවාසි ජනතාව ද ඉතා ගෞරවයෙන් හා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර අද උදැසන ජනතාව ආගමික වතාවත් වලට සහභාගී වීම සදහා පන්සල්, කෝවිල් පල්ලි ආශ්‍රිතව දිගු […]
විවාහ දිවියට පත්වීම නම් ආදරණීය සිහිනය සැබෑ කර ගනිමින් ඉතාලි ජාතික යුවළක් ගංගාරාම විහාරයේදී ඊයේ(30) යුග දිවියට එළඹුණා. බටහිර සම්ප්‍රදායට හැඩගැසුන මෙම යුවළ ශ්‍රී ලාංකීය සම්ප්රදාය අනුව ජාතික ඇඳුමකින් හා ඔසරියකින් හැඩ වී හුණුපිටිය ගංගාරාමය විහාරයේ දී පිරිත් සජ්ජායනා මැද යුග දිවියට එළඹ තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පරිගණක විද්‍යාව පිළිබඳ දර්ශනවාදී උපාධිය හදාරන ඇන්ඩ්‍රියා පෙරුෆෝ […]
බළල් සුරතලුන් වෙනුවෙන් ඉදිකළ අපූරු අවන්හලක් පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා. මෙම අවන්හල, නිවාස අහිමි බළලුන් වෙනුවෙන් ක්‍රියාත්මක කැපකරු නිවාසයක් ලෙසද ක්‍රියාත්මක වන බව සදහන්. බළලුන්ට ආදරය දක්වන පුද්ගලයන් අනිවාර්යෙන්ම යා යුතු මේ අවන්හල පිහිටා ඇත්තේ අමෙරිකාවේ වොෂින්ටන් නගරයේයි. කෝපි කෝප්පයක රස විඳින අතරේ බළල් සුරතලෙක් සමග විවේකයෙන් කාලය ගතකිරීමට හැකි ආකාරයට මේ අවන්හල නිර්මාණය […]
පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බව එතුමා සදහන් කළා. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අනවශ්‍ය අණ පනත් […]
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ බැලීමට යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබෙනවා.
ලොවම බලා සිටි 2020 නව වසර උදාව නවසීලන්තයේ ඕක්ලන්ඩ් සහ වෙලින්ටන් පිළිගනු ලැබුවේ ගිණිකෙලි සංදර්ශනයක් මැදින්. එම අවස්ථාවේ සජීවී දර්ශන පහත වීඩියෝවෙන්
වෙළඳපොලේ ඇති ඝණ ආහාරවල සීනි, මේදය සහ ලවණ අඩංගු ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීම සඳහා 2020 වසරේ දී නව නීතියක් සම්පාදනය කර ඇති බවද එය ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය […]
නාසා ආයතනයේ නවතම මිනිසුන් රහිත රෝවර් යානය දෙදහස් විස්සේ ජූලි මාසයේදී අඟහරු ග්‍රහයා වෙත යැවීමට නියමිතයි. ඉතා දැඩි ආරක්ෂක ක්‍රමවේදයක් යටතේ එම යානය පසුගියදා මාධ්‍යයට නිරාවරණ කර තිබෙනවා. අඟහරු මත වැළලුණු ඉපැරණි ජීව සාධක සෙවීමේ අරමුණින් නිපදවූ නාසා ආයතනයේ විශේෂ රෝවර් යානය පළමු වරට මාධ්‍යයට ප්‍රදර්ශනය කෙරුණා. රෝද හයකින් සමන්විත එම රොබෝ යානය රතු ග්‍රහයා […]
ලබන වසරේදී විශ්වවිද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම සියයට 25 කින් වැඩි කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා. එමෙන්ම යුනිවර්සිටි කොලේජ් 100 ක් ඉදිරි වසර තුළ ආරම්භ කිරීමට පියවර ගන්නා බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා. වෙනත් අරමුණු සහ ජාතික අරමුණුවලට පටහැනිව, අනිසි ලෙස රාජ්‍ය […]
ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙස සැලකෙන විස්ඩන් සඟරාව මෙම දශකයේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රඩක ලසිත් මාලිංග ඊට ඇතුළත් වන අතර විස්ඩන් සඟරාව ඔහුව හදුන්වා ඇත්තේ 20යි 20 තරඟ රටාවේ වේග පන්දුවේ රජු ලෙසයි. ඕස්ටේ්රලියානු කී‍්‍රඩක ආරෝන් ෆින්ච්, විස්ඩන් සඟරාව විසින් නම් කෙරුණු දශකයේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ […]
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල කාලය අදින් අවසන් වෙනවා. ඒ අනුව හෙට (01) දිනය වන විට අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමක් සිදු කළ යුතු අතර එසේත් නොමැති නම් වෙනත් පුද්ගලයෙකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කළ යුතු වන බව වාර්තා වෙනවා. ත්‍රිවිධ හමුදාවේ දීර්ඝතම සේවා කාලයක් හිමි සහ ජ්‍යෙෂ්ඨතම […]
දු වෑන් මාධ්‍ය හමුවට අදාළව රිමාන්ඩ් භාරයට පත්කර සිටි ඊයේ (31) ඇප මත මුදාහැරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වනවිටත් කොළඹ ලංකා පෞද්ගලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටිනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ ඇප නියම කරනු ලැබුවා.