News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
9

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් හෙට

Generic placeholder image

හෙට පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්.


Dec
9

වැස්ස තවත් වැඩි වෙන ලකුණු

Generic placeholder image

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගිගුරුම් සහිත වැසි සහ තද සුළං මෙනේම සිදු විය හැකි අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒමේ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී.150 […]


Dec
8

ගාලුකොටුව අසල ඉපැරණි බිත්තියක් කඩා වැටීමෙන් පල්ලිය පාර අවහිර වෙයි

Generic placeholder image

ගාලුකොටුව තුල පිහිටි ඉපැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩ වැටීමෙන් එම ගාලුකොටුව අසල පල්ලිය පර අවහිර වී ඇති බව පොලිසිය සදහන් කරනවා. විශේෂයෙන්ම මෙම මාරගය භාවිත කරන දෙස් විදෙස් සංචාරකයින් යම් අපහසුතාවයකට ලක් ව තිබෙනවා. ඉපැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක බිත්තියක් මෙලෙස කඩා වැටි ඇත්තේ. වැඩිදුර පරීක්ෂණ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මේ ස්ථානයට පැමිණ තිබෙනවා.


Dec
8

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 06 කටුනායකදී අල්ලයි

Generic placeholder image

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි අදාළ ඉන්දීය ජාතිකයින් පිරිස කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා ව‌ෙනව. අවුරුදු 23ත් 52ත් අතර වයසේ පසුවන ඉන්දීය ජාතිකයින් හයදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Dec
8

ඉදිරි වසර පහ තුළ රටේ සියලු අංශවල පිබිදීමක් – අමරවීර

Generic placeholder image

අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනැගි ඇති බවයි. මේ අතර යම් යම් භාණ්ඩ ආනයනය කිරීමේ දී සීමාවන් පැනවීම රටක් වශයෙන් දුරදිග බලා ගත් තීන්දුවක් ලෙස සලකන බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසන්නේ.


Dec
8

රජයේ විධායක නිලධාරීන්ට ලබන වසර මුල සිට විශේෂ දීමනාවක්

Generic placeholder image

රජයේ විධායක නිලධාරීන්ට ලබන 1 වැනි දා සිට රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඒ සඳහා වන චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බවයි. එමෙන්ම තමන්ට විශේෂ දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය සමයේ රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ […]


Dec
8

කාලගුණයෙන් රතු නිවේදනයක්

Generic placeholder image

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු, මධ්‍යම සහ උතුරු පළාත්වල පවතින වැසි තත්ත්වය අද 08 සිට 10 වෙනිදා දක්වා තවදුරටත් වැඩි වේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තු පවසනවා.


Dec
8

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

Generic placeholder image

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. ඒ තුලින් අනාගත උපාය මාර්ගික තත්ත්වයන් වෙනස් කිරීමට හැකි බවයි ඔවුන් අනතුරු ඇගවීම් සිදු කරන්නේ. කෙසේ වෙතත් උතුරු කොරියාවේ මෙම ක්‍රියාව පිලිබදව ජාත්‍යන්තරයේ අවධානය යොමුව තිබෙනවා.


Dec
8

කාලගුණ විපර්යාසයන් හමුවේ සාගර ජලය තුල ඔක්සිජන් අඩු වීමක්

Generic placeholder image

පවතින කාලගුණ විපර්යාසයන් හමුවේ සාගරය තුළ ඇති පෝෂ්‍ය පදාර්ථ මෙන්ම පවතින ඔක්සිජන් ප්‍රමාණය අතින්ද අඩු වෙමින් පවතින බවද විද්‍යාඥයින් පවසනවා. මෙම පරීක්ෂණය සිදු කරන ලද්දේ සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුබද්ධ පර්යේෂකයින් පිරිසක් මගින් සිදුකළ අධ්‍යනයකදීයි. සාගර කලාපවලින් ස්ථාන හත්සියයක පමණ මේවනවිටත් මෙම ව්‍යසනයට ගොදුරු වී ඇති බවයි එම පරීක්ෂණයෙන් පෙන්වා දෙන්නේ.


Dec
8

ජනපති ගෝඨාභය කැලණි පුදබිම වැද පුදා ගනී

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානය වැඳපුදා ගත්තා. එමෙන්ම කැලණිය විද්‍යාලංකාර පුදබිමට පැමිණ කුලපති ආචාර්ය පුජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දැක ඇති බවද වාර්තා වෙනවා. එහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ආශිර්වාද පල කළ බවයි වාර්තා වන්නේ.


Dec
8

වැස්ස වැඩි වෙයි

Generic placeholder image

දිවයින පුරා අද සිට ඉදිරි දින කිහිපයක පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම, උතුර සහ වයඹ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 200 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]


Dec
6

විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක් පත් කෙරේ

Generic placeholder image

විදුලිබල අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී විදුලි බල පනත සංශෝධනය සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම පනත සංශෝධනය කිරීම මගින් විදුලි නිෂ්පාදනයට බාධාවක් වන ආකාරයේ කරුණු ඉවත් කිරීමට අමාත්‍යවරයා මෙම කමිටුව පත් කොට ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post