News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
9

කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

Generic placeholder image

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිලිබදව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ දිවයිනේ ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ උතුරු සහ උතුරු මැද නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනය පහතින් දැක්වේ.


Dec
9

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ සේවකයින් වැඩ වර්ජනයක

Generic placeholder image

සිය ඩිපෝවේ සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසිපරිදි නීතිය ඉටු නොකළැයි දියතලාව පොලීසියට විරෝධය දක්වා බණ්ඩාරවෙල ශ්‍රී ලංගම ඩිපෝවෝ සියලු බස්රථ ධාවනයෙන් ඉවත් කොට එහි සියලු සේවකයන් අද වැඩ වර්ජනයක නිරත වුණා. ඉකුත් දා බණ්ඩාරවෙල- දියතලාව අතර ධාවනය වන ශ්‍රී ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකුට පුද්ගලික බස්රථයක සේවක දෙපළක් විසින් පහරදීමක් හේතුවෙන් එම කොන්දොස්තරවරයා බරපතළ තත්ත්වයෙන් යුතුව […]


Dec
9

මරණ දණ්ඩනය වළක්වාලමින් පැනවූ තහනම තව දුරටත් දිගු කෙරේ

Generic placeholder image

මත් කුඩු, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩණය නියම වී සිටින සිරකරුවන් මරණිය දණ්ඩනයට ලක් කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබු තහනම් නියෝගය ලබන මාර්තු මස 20 වැනිදා තව දුරටත් දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළා. එමෙන්ම මෙම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් කරමින් විවිධ පාර්ශව විසින් ගෙන ආ පෙත්සම් ලබන මාර්තු […]


Dec
9

ආහාරයට නුසුදුසු අල විකිණිමේ ඡාවාරමක් හෙළිවේ

Generic placeholder image

විදේශ රටවලින් ගෙන්වා ආහාරයට නුසුදුසු අර්තාපල් අල තෝරා වෙළඳපළට යැවිමේ ඡාවාරමක් අනාවරණය කර ගැනීමට ඊයේ දින පස්වරුවේ දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා හා පරිසර පොලීසියට හැකිවි තිබෙනවා. දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ තුනේ කනුව ප්‍රදේශයේ වී මෝලක ඉතා රහසිගතව ගබඩාවක් තුළ කම්කරුවන් යොදවා ආහාරයට නුසුදුසු ඉතා කුණු වි ඕජස් ගලමින් තිබූ අර්තාපල් අල තෝරන බවත් ප්‍රදේශය පුරා […]


Dec
9

ස්විස් තානාපති සේවිකාවට රටින් පිටවීමේ තහනම් නියෝගය ලබන 12 දක්වා දිගු කෙරේ

Generic placeholder image

පැහැරගැනීමට ලක්වූ බවට සඳහන් කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය එළැඹෙන 12 දා දිගු කිරීමට එම අධිකරණය අද නියෝග කළා. ඒ එම නඩුව අද අධිකරණය හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුවය. මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී ඇයට අද තෙක් රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරිමට අධිකරණයට කටයුතු […]


Dec
9

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන අභිමානවත් සංවත්සරය අදයි

Generic placeholder image

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන අභිමානවත් සංවත්සරය අදට(09) ට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙසින් 1937 වසරේ දී පළමුව ස්ථාපිත කරන ලද නාවික හමුදාව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උපසේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත අන්තර්ග්‍රහනය කර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් පසුව, […]


Dec
9

ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට

Generic placeholder image

පාකිස්තානයේ පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලිය සඳහා එක්වීමට පාකිස්තානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට ළඟාවුණා. 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට එක්වෙන්නේ පළමු අවස්ථාවටය.


Dec
9

ශ්‍රි පාද වන්දනා සමය මෙවර පුන් පොහොයෙන් ඇරඹේ

Generic placeholder image

මෙවර ශ්‍රි පාද සමය ආරම්භ කරමින් සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව ශ්‍රි පාද උඩමළුව වෙත රැගෙන යාම හෙට දින සිදු කරනු ලබන අතර ඒ අනුව අද පස්වරුවේ සිට හෙට අළුයම දක්වා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රිපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සඳහා පුදපූජා පැවැත්වීමේ අවස්ථාව බැතිමතුන්ට හිමි වෙනවා. පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව හෙට අළුයම […]


Dec
9

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි තීන්දුව ගැන අවසන් තීරණය අද

Generic placeholder image

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳ අද(09) දිනයේ තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කිරීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මීට අමතරව යුධ හමුදාව සමඟ ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු […]


Dec
9

එජාප පසුපෙළ අද රැස්වේ

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අද රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය පිලිබදව සාකච්ඡා කෙරෙන බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් මෙම සාකච්ඡාව නිල මට්ටමෙන් සිදු කෙරෙන සාකච්ඡාවක් නොවන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Dec
9

නවසීලන්තයේ ගිනි කන්දක් පුපුරා යෑමෙන් සියයකට අධික පිරිසක් අතුරුදන්

Generic placeholder image

නවසීලන්තයේ, ගිනි කන්දක් පුපුරා ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම ගිනි කන්ද නවසිලන්තයේ වයිට් අයිලන්ඩ් දුපතේ තිබෙන අතර මෙම කන්ද පුපුරන අවස්ථාවේ ඒ අසල සංචාරකයින් 100 කට අධික පිරිසක් සිටි බව පැවසෙනවා. තවමත් මෙම ස්ථානයට කිසිවෙකුට ලගා වීමට නොහැකි වීම හේතුවෙන් ඒම සංචාරකයින්ට කුමක් සිදුවේද යන්න නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැත.


Dec
9

කිරිපිටි මිල පහළට

Generic placeholder image

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආනයනික කිරිපිටි මිල අද සිට අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කිරිපිටි කිලෝ ග‍්‍රෑම් 01 ක මිල රුපියල් 40 කින් අඩු කිරීමටත් ග‍්‍රෑම් 400 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15 කින් ද අඩු කිරීමට පියවර ගනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post