News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

බැසිල් රාජපක්ෂට විදේශ ගතවීමට අවසර දෙයි

Generic placeholder image

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාට සෞඛ්‍යය හේතූන් මත විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබා දුන්නා. ඒ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනු හතර ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය […]


Nov
28

දෝනිගේ ඉදිරි ක්‍රීඩා ගමන ගැන තීරණය ලබන ජනවාරියේ

Generic placeholder image

තමාගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් ලබන ජනවාරි මාසය වන තුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා. මුම්බාහි පැවැති උත්සවයකදී ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගැනීම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් මහේන්ද්‍ර සිං දෝනි මෙම අදහස් පල කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඉන්දීය කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේන්ද්‍ර සිං දෝනි […]


Nov
28

උතුරේ ස්ථාන රැසක මහවිරු සැමරුම්

Generic placeholder image

ඊයේ උතුරේ ප්‍රදේශ බොහොමයක මහවිරු සැමරුම් උත්සව සංවිධානය කර තිබුන බව වාර්තා වෙනවා. මේ සදහා උතුරේ දේශපාලනඥයින් පිරිසක්ද ආගමික නායකයින් පිරිසක්ද එක්ව තිබෙනවා. ඒ අනුව යාපනය හා වවුනියාව,මුලතිව්, කිළිනොච්චි යන ප්‍රදේශ වල මෙම උත්සව සංවිධානය කර තිබෙනවා.


Nov
28

එජාප මන්ත්‍රීවරුන් පිරිසකගෙන් කථානායකවරයාට ලිපියක්

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුතුව කථානායකවරයා කරූ ජයසුරිය මහතා වෙත ලිපියක් භාරදී තිබෙන බව වාර්තා වෙනවා. එහි සදහන් වන්නේ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත මෙම කරන ලද ඉල්ලීම පිලිබදව දැනුවත් කරන ලෙසයි. කථානායක කාර්යාලය සදහන් කරන්නේ ලිපියේ පිටපතක්ද දැනටමත් මේ වන විට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත කථානායක කාර්යාලය මඟින් […]


Nov
28

පොලිස් මාධ්‍ය ඒකකය මාධ්‍ය නිවේදන තාවකාලිකව අත් හිටුවයි

Generic placeholder image

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ දිනය සිට ක්‍රියාත්මක වන පරිදි මාධ්‍ය නිවේදන නිකුත් කිරීම තවකාලිකව නවතා තිබෙන බව වාර්තා වෙනවා. ඒ පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය හරහා නව ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති නිසාවෙන්ය.


Nov
28

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවල බොහෝ ප්‍රමාදයක්

Generic placeholder image

ඉකුත්දා උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු යාල්දේවී දුම්රිය පිලිපැනීමකට ලක් වුණා. ඒ අනුව දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු සිදු කරමින් පවතින බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කලේ. යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතර මාර්ගයේදී පිලිපැනිමකට ලක් වුණ අතර මේ හේතුවෙන් උතරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් […]


Nov
28

ජනපති අද ඉන්දියාවට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඉන්දියාව බලා නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි. ජනාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වන පළමු විදේශ සංචාරයක මෙය වෙනවා.


Nov
28

තද වැසි තවදුරටත්

Generic placeholder image

දිවයින පුරා තව දුරටත් තද වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහඌව පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව සදහන් කලේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර […]


Nov
27

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට ඉන්දියාවට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා හෙට (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. මෙම චාරිකාවේ දි ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා හමුවන අතර, ඉන්දීය අග‍්‍රාමාත්‍යතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා වල නිරත වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා. එමෙන්ම ජනාධිපතිවරයා සෙසු ඉන්දීය ප‍්‍රභූවරුන් ද […]


Nov
27

මව්බිමේ ලස්සන දකින්න වෙර දරණ අපේ තරුණ කැල

Generic placeholder image

ශී‍්‍ර ලංකාවට ආදරය කරන තරුණ තරුණියන් රැසක් එක්ව මේ දින වල ඉතාම අනර්ඝ වැඩක් සිදුකරනවා. තැන තැන අලවා තිබෙන පෝස්ටර් ඉවත් කර එම පොදු ස්ථාන ඉතාම අලංකාර විදියට චිත‍්‍ර ඇද වර්ණවත් කරන එක තමයි ඔවුන් කරන්නේ. එය ඉතාම අගය කළ යුතු කාරණයක්. පහත ඡායාරූප වල දැක්වෙන්නේ ඔවුන් විසින් ගාල්ලේ කලු පාලම චිත‍්‍ර ඇද වර්ණ ගැන්වූ […]


Nov
27

නව අමාත්‍යාංශ සදහා ලේකම්වරු පත්කෙරේ

Generic placeholder image

නව අමාත්‍යාංශ 20ක් සඳහා පත්කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා. සම්පූර්ණ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාමාවලිය පහතින්. 01. එස්.එම්. මොහොමඩ් මහත්මිය – සංචාරක සහ ගුවන්සේවා 02 . ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා – මාර්ග සහ මහාමාර්ග 03 . ජේ.ජේ. රත්නසිරි මහතා – අධිකරණ, මානවහිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ 04 […]


Nov
27

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට මැතිව්ස් සහ චන්දිමාල් ඇතුලත් කරයි

Generic placeholder image

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයටඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රිඩකයින් ඇතුලත් කර තිබෙනවා. දෙසැම්බර් 11 වනදා පාකිස්තානයේ දී ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලියට සමගාමීව මෙම සංචිතය නම් කෙරුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 8 වනදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදීයි. 2009 වසරේ මාර්තු […]


News Articles
Latest Videos
Most Popular Post