ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද පැවැත්වෙනවා. පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු 16 දෙනෙකු දිවුරුම් දුන්නා.
දිවයින පුරා අද සවස් කාලයේ තද වැසි ඇති විය හානි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එමෙන්ම ඌව සහ උතුරු මැද පළාත්වල මි.මී 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]
හඳුනානොගත් ගුවන් යානයක් වොෂිංටන් ගුවන් කළාපයට ඇතුල්වීමේ සිද්ධියක් සමඟ හදිසියේම ධවල මන්දිරය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වනවිටත් එරට ආරක්ෂක අංශ විසින් මෙම ගුවන් යානය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.
පොලිස් නිල සුනඛ බලඇණිය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ජනතාවගේ සහයෝග ද අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකා පොලීසියේ නිල සුනඛ අංශයේ පුහුණුකළ නිල සුනඛයින් 40ක් රාජකාරී සඳහා යොමුකිරීම ඊයේ (25) මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේ දී සිදුවුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ හමුවක් මේ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වෙනවා. ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බව සඳහන්. රජයේ අමාත්‍යාංශ පිළිබඳව සහ ලබන 3 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගෙන් කළ විමසීමකදී ඔහු […]
පවිත්‍ර කිරීම් සහ කැලිකසල එකතු කිරීම සිදුකරන වේලාවන් සංශෝධනය කරන බව කොළඹ මහ නගර සභාව තීරණය කර තිඛෙනවා. පවිත්‍ර කිරීම් සහ කැලිකසල එකතු කිරීම තවදුරටත් විධිමත් කිරීම සදහා මෙම පියවර ගත් බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පැවසුවා. ඒ අනුව නිවෙස්වලින් කසල එකතු කිරීමේ කටයුතු පෙරවරු 6.30ට ආරම්භ කෙරෙන අතර මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු අලුයම […]
මාලි රාජ්‍යයේ ජිහාද් සටන්කාමීන්ට එරෙහි මෙහෙයුමක් අතරතුර සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ප්‍රංශ හමුදා භටයින් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම අනතුරින් හමුදා නිලධාරීන් 12 දෙනෙකු සහ කෝප්‍රල්වරයෙකු මිය යන්නට ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රංශ ජනාධිපති විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987 ක දෙසැම්බර් මස 2 වන දින ආරම්භ කිරීමට නියමිතයි. විභාගය දෙසැම්බර් මස 12 වන දින තෙක් පැවැත් වෙනු ඇති. එම විභාගයට පෙනී සිටින පෞද්ගලික අයඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් මගින් යවා තිබෙනවා. එම ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයඳුම්කරුවන් ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් […]
නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් හෙට උදෑසන 9 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
ලබන වසර සඳහා පාසල් නිල ඇඳුම්, නව පාසල් වාරය ආරම්භයේදීම ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා ප්‍රකාශ කළා.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල තුන්වන පාසල් වාරය මේ මස 29 වන සිකුරාදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා. ඒ අනුව ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 2 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දුන්නා. අප්‍රේල් මස 6 වනදා 2020 වසරේ පළමු පාසල් වාරය අවසන් කිරීමට […]
අල්බේනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක හයයි දශම හතරක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. භූ කම්පන තත්ත්වය හේතුවෙන් ගොඩනැඟිලි රැසක් කඩා වැටී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඇල්බේනියාවේ ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරන්නේ භූ කම්පනය සිදුවන අවස්ථාවේදී ගොඩනැගිල්ලකින් පැනීමට උත්සාහ […]