තමාගේ ජයග්‍රහණයට සමාජ මාධ්‍ය, සෘජුව හා වක්‍රව සුවිශේෂී දායක්ත්වයක් දැක්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළා. ඉදිරියේදී වැඩ කරන රටක් බිහිකිරිමේදී ද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයවා පැවසුවා. තම සමාජ මාධ්‍ය ජාල හරහා සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.
කොළඹ ඇතුළු තදාසන්න නගරවල පවතින වාහන තදබදය අවම කිරීම සහ ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා. රථවාහන පොලිස් නිලධාරීන් ගේ රාජකාරී අවශ්‍යතා සඳහා යතුරුපැදි ලබාදීමට සහ වාහන තදබදය අධිකව පවතින තදාසන්න නගර ආශ්‍රිතව රාජකාරී සඳහා යොදවන පොලිස් නිලධාරීන් […]
ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සහයකයින් තිදෙනෙකු කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී මුල්ලේරියාව, අඹතලේ ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01යි ග්රැම්600ක තොගයක් විශේෂ කාර්ය බලකා නිළධාරීන් භාරයට ගෙන ඇති අතර වැඩිදුර […]
නූතන ක්‍රමවේදයන් උපයෝගි කර ගනිමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා. ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මනා පලපුරුද්දක් පවතින බවද ඔහු සදහන් කළා. කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද උදෑසන මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීම සදහා පිටත්ව ගියා. පසුගිය 21 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයේ දිවුරුම් දුන් අතර එදින පස්වරුවේ ඔහු එම ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. මහින්ද රාජපක්ෂ තුන්වන වතාවටත් මෙරට අග්‍රාමාත්‍යවරයා […]
රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා ලබන මස 4වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහු ඊයේ පස්වරුවේ හලාවත වැඩබලන මහේස්ත්‍රාත් බී.යූ. ශානක උදයංග වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ බව සදහන්. හලාවත – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් රුපියල් එක්ලක්ෂ 90,000 ක […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද අද පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]
හෙරොයින් කිලෝ 10ක් සමග කාන්තාවක් ඇතුලු පුද්ගලයන් දෙදෙනෙකු රාජගිරියේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. අමෙරිකානු තානාපතිනිය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මෙම අවස්ථාව අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී මාර්ටින් කෙලී සහ දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලි යන මහත්වරුන් ද සහභාගී වී ඇති බව සදහන්. මේ අතර මෙරට ජපාන […]
තද වැසි, තද සුළං හා මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනට බටහිර, දකුණු, ගිණිකොණ හා නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම තත්ත්වය බලපානු ඇති. ත්‍රීකුණාමලය සිට මඩකලපුව, හම්බන්තොට, ගාල්ල හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද […]
රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. හලාවත – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් මෙම අල්ලස් මුදල ඔහු ඉල්ලා ඇති බව සදහන්. ඉන් රුපියල් එක්ලක්ෂ 90,000 ක මුදලක් ලබා ගැනීමට යාමේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්නගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පස්වරුවේ අවසන් ගෞරව දැක්වුවා. ඒ රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා දේහය අද පස්වරු 1 ට පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත රැගෙන ආ අවස්ථාවේදීයි. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය පස්වරු 3 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තැන්පත් කර තැබුණු අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද දේහයට අවසන් ගෞරව දැක්වුවා. එමෙන්ම කතානායක කරූ ජයසූරිය, හිටපු […]