ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මීට පෙර අමාත්‍යවරුන් 8 දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස් වුණා. එලෙස ඉල්ලා අස්වුයේ, පාඨලි චම්පික රණවක, අශෝක් අබේසිංහ, මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත්. පී. පෙරේරා යන මහත්වරුන්.
ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාව පිළිගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස 29 වෙනිදා ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිතව තිබෙනවා. නව ජනාධිපතිවරයා සිය ධුරයට පත්විමෙන් පසු සිදුකරනු ලබන පළමු විදෙස් සංචාරය මෙය බව සදහන්. ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ පණිවිඩයක් රැගෙන අද (19) දිවයිනට පැමිනි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඇතුළු ධුත පිරිස ජනාධිපති […]
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට අනූ දෙවැනි වියෙහි පසුවුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩභාරගැනීමෙන් අනතුරුව හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂගේ පුතුගේ සුවදුක් බැලීමට පැමිණියා. එම අවස්ථාවට හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද එක්ව සිටි බව සදහන්. එහිදී ලබාගත් ඡායාරූප පෙළක් රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සංචාරයක් සඳහා අද(19) සවස දිවයිනට පැමණි බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාල සඳහන් කළා. එතුමා සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ තිබෙනවා. ඔවුන් අද සවස 4.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ […]
කැනඩා ජාතික දුම්රිය සේවයේ සේවකයින් අද සිට පැය 72 ක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. සේවක කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙම වර්ජනය සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම වර්ජනය සඳහා දුම්රිය සේවකයින් 3,000 ක් පමණ එක්ව සිටින බව සදහන්. කැනඩාවේ නිෂ්පාදනය කරන එළවළු තෙල් සහ තිරිඟු පිටි අපනයනය සඳහා […]
මහ මැතිවරණයෙන් පසු බොදුබල සේනා සංවිධානය විසුරුවාහරින බවත් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් අවසන් වූ බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානාසාර හිමියන් පැවසුවා. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සදහන් කළා. “අපි හුඟක් නිහතමානීව සතුටු වෙනවා අපි ආරම්භ කරපු වැඩපිළිවෙළ ජයග්‍රහණයකින් කෙළවර වි තිබෙනවා. හත්වැනි විධායක ජනපතිවරයා ලෙස අභිෂේක ලත් […]
මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ එරාන් වික්‍රමරත්න මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදුන් සියළු ජනතාවට ස්තූතිය පල කරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියා. හරීන් ප්‍රනාන්දු, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන කැබිනට් අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍ය අජිත්පී. […]
ප්‍රංශයේ ටුලූස් නගරයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා. මෙලෙස කඩාවැටී ඇත්තේ දකුණුදිග ප්‍රංශයේ ටුලූස් නගරයේ ගංගාවකට ඉහළින් ඉදිකර තිබූ එල්ලෙන පාලමක් බව සදහන්. අනතුර සිදුවන අවස්ථාවේ පාලම මතින් වාහන කිහිපයක් ධාවනය වෙමින් තිබු බව විදෙස් වාර්තා සඳහන් කළා. අනතුරින් පහළොස්හැවිරිදි දැරියක් සහ ලොරි රථ රියදුරෙක් මියගොස් ඇති අතර හදිසි […]
උතුරේ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව උතුර පළාත් හිටපු මහඇමති සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය ද ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට තීරණය කර ඇති අතර එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් කියා […]
2019 ජනපතිවරණය සදහා පිළිගත් දේශපාලන පක්ෂ වලින් අපේක්ෂකයින් 20 දෙනකු ඉදිරිපත් වූ අතර අපේක්ෂකයින් 15 දෙනෙකු ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වුණා. එහිදී සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 12.5 ක ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ ජනපති අපේක්ෂකයින්ගේ ඇප මුදල් අද රාජසන්තක කෙරුණා. ඒ අනුව සියයට 12.5 ඉක්මවූ ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූයේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ […]
නීති විරෝධි ආකාරයෙන් මත් පැන් අලෙවි කළ පුද්ගලයින් තිදෙනෙකු සමඟ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ මත් පැන් බෝතල් අනූවක් වැලිමඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් තිදෙනා ඊයේ(18) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. වැලිමඩ පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත කැප්පෙටිපොල අත්කම් නිවාස ප්‍රදේශයේ සිදුකළ නිවෙස් පරික්ෂාවකදී ඉතා සූක්ෂම ලෙස නිවෙස් දෙකක […]