News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

අද සවසට තද වැසි

Generic placeholder image

දිවයින පුරා සවස් කාලයේ සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වලත් මහනුවර, සහ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන්. ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං […]


Nov
18

රාජ්‍ය ආයතනවල ජනපතිගේ රුව ප්‍රදර්ශනය කරනවා වෙනුවට රාජ්‍ය ලාංඡනය

Generic placeholder image

රාජ්‍ය ආයතනවල ජනපතිගේ රුව ප්‍රදර්ශනය කරනවා වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා . මාර්ග නාමපුවරුවලින් ද දේශපාල​නඥයින්​ගේ රුව ඉවත්කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පැවසුවා.


Nov
18

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට වැඩ භාරගනී

Generic placeholder image

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි. ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගනු ඇති. මේ අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.


Nov
18

නව ජනපති ගෝඨාභය රාජපක්ෂට සහය පල කරන බව මහේෂ් කියයි

Generic placeholder image

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වු යහපත් අංග වෙනුවෙන් සහය පල කිරීමට සුදානම් බව ජාතික ජනතා ව්‍යාපාරය යටතේ ජනාධිපතිධූරය සදහා තරග වැදි මහේෂ් සේනානායක මහතා සදහන් කළා. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනය වෙනුවෙන් සුභ පතන බවද ඉදිරියේ දී ජනතාව වෙනුවෙන් තමා ඇතුලු කණ්ඩායම ඉටුකිරීමට අපේක්ෂිත සේවාවන් නොපිරිහෙලා ඉටු කරන බවද අද කොළඹදී […]


Nov
18

ප්‍රදේශ කිහිපයකට වැසි සමග ප්‍රබල අකුණු

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ත් 100 ත් අතර තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමෙන්තුව පැවසුවා. ගිගුරුම් සහිත […]


Nov
18

ජනපති ගෝඨාභයට ජපාන අගමැතිගෙන් සුභ පැතුම්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණය සහ ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන්, ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ සිය සුබ පැතුම් පළ කර තිබෙනවා. නව ජනාධිපතිවරයා සමග ශ්‍රී ලංකා – ජපාන සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ජපාන තානාපති කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. ආර්ථික සංවර්ධනය සහ වෙනත් කටයුතු උදෙසා […]


Nov
18

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සදහන් කළා. මාළිගාවත්ත, මාළිගාකන්ද, පළමු මරදාන, කොටුව, පිටකොටුව, චිත්තප්පලම්, ගාඩිනර් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇති. ඒ අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්. එමෙන්ම කොළඹ 03, 07, […]


Nov
18

පශ්චාත් මැතිවරණ කාලසීමාවද ඉතා සාමකාමීයි – පොලිසිය කියයි

Generic placeholder image

මෙවර ජනාධිපතිවරණය මෙන්ම පශ්චාත් මැතිවරණ කාලසීමාව ද ඉතා සාමකාමී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


Nov
18

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය සහ එහි අර්ථය

Generic placeholder image

7 වැනි විධායක ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය සහ එහි අර්ථය.


Nov
18

අතිගරු ජනාධිපතිතුමනි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Nov
18

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ 74 වන ජන්ම දිනය අදයි

Generic placeholder image

අදට යෙදී ඇති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ 74 වන ජන්ම දිනයට සමගාමීව කිරි අම්මාවරුන් 110 සඳහා දානමය පුණ්‍ය කර්මයක් අද අලුයම පැවැත්වුණා. නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේදී මෙය පැවත්වූ අතර එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට කිරිඅම්මාවරුන් විසින් ආශිර්වාද කරනු ලැබුවා.


Nov
18

ශ්‍රී ලංකාවේ 7වෙනි විධායක ජනපති තුමන්ගේ දිවූරුම්දීමේ උළෙල | සජීවී විකාශය

Generic placeholder image

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී දිවුරුම් දීමේ උළෙල සජීවීව පහතින්.. https://www.facebook.com/siyathafmsrilanka/videos/801719553575568/


News Articles
Latest Videos
Most Popular Post