ජනපතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වෙන බවත් මාර්ග කිහිපයක් වසා ඇති බවට වාර්තා වන තොරතුරු සත්‍ය නොවන බවත් පොලිස් මූලස්ථානය පවසයි. එසේම ඡන්දය නිදහස් හා සාමකාමීව පැවැත්වීමට උපරිම ආරක්ෂාවක් පොලීසිය ලබාදී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙවර උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව වැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කිරීමට යොමුව ඇති ආකාරය දැක ගත හැකිය. මේ වන විට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 44ක් වන අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 49කි. එසේම මන්නාරම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 48ක්, මඩකලපුව සියයට 40ක් හා ත්‍රිකුණාමලය සියයට 48ක් වේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු පෙරවරුවේ ප්රශස්ත මට්ටමක පැවැති බව කැෆේ සංවිධානය පවසයි. එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කළේ අසන්න වශයෙන් 40% ක ප්‍රමානයක් මේ වනවිට ඡන්දය භාවිත කර ඇති වාර්තා වන බවයි. අද (16) දිනයේ මේ වනවිට සිදුවීම් 54 ක් පමණ වාර්තා වී ඇති බවත් ඒ අතරින් බහුතරය ප්‍රචාරණ සිදුවීම් බව ඒ මහතා […]
අද දහවල් 12 වන විට දිස්ත්‍රික්ක ගණනාවක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 50 ඉක්මවා තිබුණි. ඒ අනුව සියයට 55 ඉක්මවූ දිස්ත්‍රික්ක වූයේ හම්බන්තොට, මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කයි. ඒ අතරින් බදුල්ල දිස්ත්‍රික්කය සියයට 60ක් ලෙස වාර්තා වි තිබුණි. මීට අමතරව, අද දහවල් වන විට පොලොන්නරුව සියයට 52 ක්, නුවරඑළිය සියයට 50 ක්, ගාල්ල සියයට 50 ක්, කලුතර සියයට […]
ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ද මේ වන විට සිට ඡන්දය ප්‍රකාශ කර ඇත. පංචිකාවත්ත සයිකෝජි පෙර පාසල් පරිශ්‍රයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේ දී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකළ බවයි වාර්තා වන්නේ. 07 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සදහා […]
2019 ජනාධිපතිවරණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(16) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඒ කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී. මේ වන විට ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු මැති ඇමතිවරුවන් රැසක් සිය ඡන්දය භාවිත කර ඇත. ජනාධිපතිවරයා පොළොන්නරුව ශ්‍රි විද්‍යාලෝක විහාරස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැදමුලන ඩී.ඒ රාජපක්ෂ විද්‍යාලයේ දී […]
හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පවුලේ පිරිස මැදමුලනේදී සිය ඡන්දය භාවිත කරනු ලැබීය.
2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අද(16) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ. පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යා ලෝක විහාරස්ථානයේ දී ජනාධිපතිවරයා ඡන්දය ප්‍රකාශ කළේය. ජයන්ති සිරිසේන මැතිණිය ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ අද පෙරවරුවේ විද්‍යා ලෝක විහාරය වෙත ගිය ජනාධිපති වරයා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ජනාධිපතිවරයා, සිය ඡන්දය ප්‍රකාශ කිරීමට එක්ව […]
පලාලි හා පලෙයි පොලිස් වසම් සඳහා යුද හමුදාවෙන් යොදවන ලද මාර්ග බාධක කීපයක් ක්‍රියාත්මක වු අතර එය මේ වන විට ඉවත් කර ගෙන ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (15) දිනයේ දී යුද හමුදාව විසින් මෙම මාර්ග බාධක යොදවා තිබිණි. අද(16) පැවැත් වීමට නියමිතව තිබිය දී මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව මෙලෙස යුද හමුදාව විසින් මාර්ග බාධක […]
ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව පොලීසිය සඳහන් කරයි. ඡන්දපලකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. අද (16) පැවැත්වෙන ඡන්දය සඳහා පොලීසියේ දායකත්වය උපරිමයෙන් ලබා දෙන බව ඒ මහතා පැවසීය. පොලිස් නිලධාරීන්ගෙන් ලබා දෙන ආරක්ෂාවට අමතරව සෑම ඡන්ද […]
මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද(16) උදෑසන 7ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කෙරුණි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාශ 950ක ඡන්ද මධ්‍යස්ථාන 959 ක […]
මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා වන 2019 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද(16) උදෑසන 7ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කෙරුණි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්. යාපනය දිස්ත්‍රික්කයේ, යාපනය මැතිවරණ බල ප්‍රදේශයේ, ඡන්ද මධ්‍යස්ථාන 43ක් […]