News Line| Off Air
Generic placeholder image

Apr
27

රන්ජන් රාමනායකගේ සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල

Generic placeholder image

පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉංග්‍රීසි විෂය සඳහා “C” සාමාර්ථයක් ලබා ගෙන තිබෙනවා. නීති උපාධිය හැදෑරීම සඳහා තමන්ට හැකි බව සඳහන් කරමින් රන්ජන් රාමනායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මේසේ පළ කර තිබුණා.


Apr
27

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය යළි කැඳවන්න-පක්ෂ කිහිපයක් ජනපතිගෙන් ඉල්ලයි

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නිකුත් කළ නියෝගය යළි කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂය පුමුඛ පැවති පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පවතින අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයාට වගකිව යුතු සහයෝගයක් ලබාදීමට සිය පක්ෂ සූදානම් බව මාධ්‍ය වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් යොමු කරමින් ඔවුන් පවසනවා. විසුරුවාහරින ලද පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පිරිසක් කරුණු 10 කින් […]


Apr
27

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 581 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් 581 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
27

නාවික හමුදාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 180 ක්

Generic placeholder image

නාවික හමුදාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 180ක පිරිසක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ‍ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉන් 112ක පිරිසක් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් බවයි ඒ මහතා පවසන්නේ. ඉතිරි 68 ක පිරිස නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටින අය බව ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.


Apr
27

සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල අන්තර්ජාලයට – සිසුන් 10 346 කට විෂයන් 09 ටම A සාමාර්ථ

Generic placeholder image

සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගෙන් සියයට 73 යි දශම 84 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ගණිතය සමත් ප‍්‍රතිශතය සියයට 66 යි දශම 82 ක්. විෂයන් 09 සඳහාම සිසුන් 10 346 ක් සාමාර්ථ ලබාගෙන තිබෙනවා. 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵළ අද පස්වරුවේ අන්තර්ජාලයට නිකුත් කළා. www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප‍්‍රතිඵල […]


Apr
27

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 567 දක්වා ඉහළට – අවසන් ආසාධිතයින් 44 දෙනාම නාවික හමුදාවෙන්

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගැනීමත් සමග ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 567 දක්වා ඉහළගොස් තිබෙනවා. අද දවසේ අවසන් වරට හදුනාගත රෝගීන් 44 දෙනාම නාවික හමුදාවේ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.


Apr
27

සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල නිකුත් වෙයි

Generic placeholder image

2019 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කර තිබෙනවා. 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.


Apr
27

තවත් කොරෝනා ආසාධිතයින් 06 දෙනෙක් පූර්ණ සුවය ලබයි

Generic placeholder image

මෙරට තවත් කොරෝනා ආසාධිතයින් 06 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 126 ක්. මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 523 ක් වන අතර රෝහල් වල ප‍්‍රතිකාර ලබන පිරිස 390 ක් වනවා.


Apr
27

ඕස්ට්‍රේලියාවෙන් කොවිඩ් 19 සොයාගැනීමට ජංගම දුරකථන යෙදවුමක්

Generic placeholder image

කොරෝනා වෛරස් සබදතා සොයා ගැනීමේ ජංගම දුරකථන යෙදවුමක් ඕස්ට්‍රේලියානු රජය විසින් එරට පුරවැසියන්ට හදුන්වා දී තිබෙනවා. සිංගප්පූරුවේ හදුන්වාදීමක් මත පදනම්ව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය ගේ‍්‍රග් හන්ට් ඊයේ රාත‍්‍රියේ අදාළ යෙදවුමේ සංඛ්‍යාලේඛණ බාගත කිරීම තහවුරු කළ බව විදෙස් මාධ්‍ය පැවසුවා. ඒ අනුව දැනටමත් ඕස්ට්‍රේලියාවේ මිලියනයක පමණ පිරිසක් මෙම යෙදවුම බාගත කරගෙන ඇති බව සදහන්.


Apr
27

සෞදි අරාබිය බාල වයස්කරුවන්ට මරණ දඩුවම දීම අත්හිටුවයි

Generic placeholder image

බාල වයස්කරුවන්ට මරණ දඩුවම දීම අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට ලබාදෙන සිර දඩුවම් කාලසීමාවද වසර 10 ක් දක්වා අඩු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මානව හිමිකම් චෝදනා වලට ප‍්‍රතිචාරයක් ලෙස සෞදි රජය මෙම තීරණය ගෙන ඇති බව විශ්වාස කෙරෙනවා. සෞදි පරිපාලනය මෑතක සිට සමාජ හා නීති ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට යොමු වී […]


Apr
27

ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාධිතයින් 63 ක් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 500 ඉක්මවා තිබෙනවා. ඊයේ(26) මධ්‍යම රාත්‍රී වන විට සමස්ත ආසාදිතයන් 523ක් වාර්තා වුණා. ඊයේ දිනය තුළ දී පමණක් ආසාදිතයින් 63ක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා. එය මෙතෙක් එක්දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. පසුගිය සදුදා සිට ගත වූ දින 06ක කාලය තුළ ආසාදිතයන් දෙසිය පනස් දෙදෙනෙකු […]


Apr
27

ශි‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළට

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ වාර්තා වන කොරෝනා වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව රෝගීන් 396 ක් මේ වන විට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. මේ වන විට කොරෝනා ආසාධිතයින් 120 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසය ආසාධනය වී මෙරට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 07 ක්.


News Articles
Latest Videos
Most Popular Post