දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 217 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මිරිහාන පොලිසිය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් නිලධාරියෙක් ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.
අද (13) පස්වරු 6 සිට හෙට (14) උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. බීමත්ව හැසිරෙමින් ඇඳිරි නීතිය කඩකරන්නන්, ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කරන්නන්, අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් අද පස්වරු 6 සිට හෙට දක්වා ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා […]
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12කින් සිදු කිරිමට මේ වන විට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් පී.සී.ආර් පරික්ෂණ 609 ක් සිදු කිරිමට පියවර ගත් බව ඔහු පෙන්වා දුන්නා. මේ වන විට මෙරට තුළින් කොවිඩ් නයින්ටීන් […]
චීනයෙන් නැවත වරක් දිනක් තුළ කොරෝනා රෝගීන් 108 ක් හමු වී තිබෙනවා. ඔවුන්ගෙන් 10 දෙනෙකු විදේශිකයන් බව විදෙස් වාර්තා පැවසුවා. එහෙත් හුබෙයි ප‍්‍රාන්තයේ ගත වූ පැය 24 තුළ කිසිදු රෝගියෙකු වාර්තා වී නැහැ. කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් මේ දක්වා හමු වූ රෝගීන් සංඛ්‍යාව 82160 ක් වන අතර චීනයෙන් වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 3341 […]
රට තුළ මේ වන විට පවතින තත්ත්වය මත ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු එසැණින් විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. පැය 24 පුරා ක්‍රියාත්මක 071 030 1225 මෙම අංකය ශ්‍රී ලංකා ප්‍රසව හා නාරි වේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් හඳුන්වා දී තිබෙනවා.
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 210 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
කොරෝනා ආසාධනය වී සිටි බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වෛරස රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුලත් කර හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ පසුවුණා.
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 203 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දෙවන පාසල් වාරය ලබන මැයි මස 11 වනදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මින් පෙර දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අපේ‍්‍රල් මස 20 වනදා යි.
ග්‍රීන්ලන්තයේ කොරෝනා වෛරස රෝගයෙන් පෙලෙන පුද්ගලයින් 11 දෙනෙකු සිටි අතර මේ වන විට ඔවුන් සියළුදෙනා සුවය ලබා තිබෙනවා. ඒ අනුව මේ වන විට සක්‍රීය රෝගීන් නොමැති එකම රට බවට ගී‍්‍රන්ලන්තය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති ඇදිරි නීතිය අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය දිස්ති‍්‍රක්ක වල යලි දැනුම් දෙන තුරු දිගටම කි‍්‍රයාත්මකයි. සෙසු දිස්ති‍්‍රක්ක වල අපේ‍්‍රල් 14 වනදා උදෑසන 6 ට ඉවත් කිරීමට තිබූ ඇදිරි නීතිය අපේ‍්‍රල් 16 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව එම දිස්ති‍්‍රක්ක වල අපේ‍්‍රල් […]