News Line| Off Air
Generic placeholder image

Apr
15

රජයෙන් තවත් පිරිසකට රු.5000 දීමනාව හිමිවෙයි

Generic placeholder image

රටේ පවතින තත්ත්වය හමුවේ ජීවනෝපාය අහිමි වූ පෙරපාසල් ගුරුවරුන්ට, කුඩා තේ වතු හිමියන්ට, ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට, අත් යන්ත‍්‍ර හා පේෂ කර්මාන්තයේ යෙදෙන අයට, හස්ත කර්මාන්තයේ යෙදෙන්නන්ට, උසාවි නියෝග අනුව නඩත්තු ගැනීමට සුදුසුකම් ලැබූවන්ට, පෞද්ගලික බස් රියදුරු හා කොන්දොස්තරවරුන්ට, පාරම්පරික අයුර්වේද වෙදමහතුන්ට ඇතුළු කණ්ඩායම් රැසකට රු. 5000 දීමනාව අපේ‍්‍රල් 20 වනදා වන විට ලබාදෙන බව මේ වන […]


Apr
15

ටයිටැනික් ගිලී අදට අවුරුදු 108 යි – ටයිටැනික් නැව ගැන මේ දේවලුත් ඔබ දැන සිටියාද?

Generic placeholder image

ජැක්ගෙයි රෝස්ගෙයි ආදරය පටන් ගත් ටයිටැනික් නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලී අදට අවුරුදු 108 ක් ගතව තිබෙනවා. 1912 අපේ‍්‍රල් 15 වන දින උතුරු අත්ලාන්තික් සාගරයේ මෙම ටයිටැනික් නැව ගිළුණු බව සදහන්. වැඩිම සේවකයින් පිරිසක් සේවය කළ විශාලතම සාගර නෞකාව ලෙස හැදින්වූ මෙම ටයිටැනික් නෞකාව 1912 අපේ‍්‍රල් 14 වන දින 23.40 (නැවේ වෙලාව) අයිස් කුට්ටියක ගැටුණා. […]


Apr
15

විශාල මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

Generic placeholder image

හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 260 ක් සහ අයිස් මත්ද‍්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 56 ක් ප‍්‍රවාහනය කරමින් තිබූ විදේශීය යාත‍්‍රාවක් සමග ඉරාන ජාතිකයන් බවට සැක කරන පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. මෙරට සිට නාවික සැතපුම් 548 ක් දුරින් මුහුදේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මත්ද‍්‍රව්‍ය තොගය රැගත් යාත‍්‍රාව මීට සුළු මොහොතකට පෙර […]


Apr
15

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

Generic placeholder image

කොව්ඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළදී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් දෙදෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙරට කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ සංඛ්‍යාව 63 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.


Apr
15

වව්ලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06 ක්

Generic placeholder image

මියන්මාරයේ වෙසෙන වව්ලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06 ක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් එය වර්ථමානයේ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බව විද්‍යාඥයින් පවසනවා. අලුතින් අනාවරණය වූ වෛරස් විශේෂ 06 වව්ලන් විශේෂ 03 කින් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇති බව සදහන්. මෙලෙස අලුතින් අනාවරණය කරගනු ලැබූ වෛරස […]


Apr
14

ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝ කරයි

Generic placeholder image

ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මෙම මස 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. කෙසේ වෙතත් භාණ්ඩ ප‍්‍රවාහනයේ කාගෝ සේවා අඛණ්ඩව කි‍්‍රයාත්මක වන බව සදහන්.


Apr
14

මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 233 දක්වා ඉහළ යයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් 14 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 233 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 15ක්. මින් රෝගීන් 08 දෙනෙක් පලාලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද තවත් සිව්දෙනෙක් මුලන්කෝවිල් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වී තිබෙනවා. අනෙක් රෝගියා වාර්තා වන්නේ පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකින් බවයි […]


Apr
14

කොරෝනා ආසාදිත වරකාපොළ කාන්තාව ඇසුරු කළ 11 ක් ස්වයං නිරෝධායනයට

Generic placeholder image

කටුනායක ගුවන්තොටුපලේ පවිත්‍රතා කටයුතු සිදුකරන පෞද්ගලික ආයතනයක සේවිකාවන් දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට මීට පෙර තහවුරු කර ගැනීමෙන් පසු ඔවුන් සමඟ සේවය කළ නිට්ටඹුව,රදාවඩුන්න ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකුද අද PCR පරික්ෂණයට ලක්කිරීම සඳහා ගම්පහ මූලික රෝහලට රැගෙන යනු ලැබුවා. එමෙන්ම ගුවන්තොටුපලේ පවිත්‍රතා ආයතනයක සේවය කළ කොවිඩ් 19 ආසාදිත වරකාපොළ පදිංචි කාන්තාව ඇසුරු කළ තවත් පුද්ගලයින් […]


Apr
14

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාඩ් බදියුදීන් අත්අඩංගුවට

Generic placeholder image

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාඩ් බදියුදීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Apr
14

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතව රෝහල්ගත වී සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා ආසාධිතව සම්පූර්ණ සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 61 ක්.


Apr
14

රංජන් රාමනායක රක්‍ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක මෙම මස 20 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


Apr
14

තවත් ආසාධිතයින් තිදෙනෙක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් කොරෝනා ආසාධනය වී සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙරට කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ මුළු ආසාධිතයින් සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post