ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මඟපෙන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සිදුකෙරේ. ඒ අනුව කර්මාන්ත ශාලා පවත්වාගෙන […]
ජනපි‍්‍රය රංගන ශිල්පී ශී‍්‍ර ලාල් අබේකෝන් මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මීරිගම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඔහු මිය ගියා. අභාවප‍්‍රාප්ත වන විට ඔහු 72 වන වියේ පසුවුණා. ඔහුගේ දේහය පිලිබද අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි. බොහෝ දෙනෙකු ඔහුව හදුනාගත්තේ කෝපි කඩේ ටෙලිනාට්‍යයේ අප්පුවාගේ චරිතය නිරූපණය කිරීමත් සමගයි.
කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ආර්ථිකය යළි පනගැන්වීම වෙනුවෙන් සැලසුම් කළ උපාය මාර්ග මේ සති අන්තයේදී ප‍්‍රකාශයට පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් නැත අද (16) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව පවසනවා. අකුණු […]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා. මන්නාරම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට ආදාලව මෙලෙස හිටපු මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. මිට දින දෙකකට පෙර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු […]
තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.
ඉන්දුනීසියාවේ ආගමික දේව මෙහෙයක් සඳහා ගොස් ඉකුත් මාර්තු 16 වැනිදා මෙරටට පැමිණි පුත්තලම,රත්මල්යාය අල්කාසිම්සිටි නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි 62 හැවිරිදි කොවිඩ් 19 ආසාදිතයාගේ වැඩිමහල් පුත්‍රයාටත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින අතරතුරයි. 38 හැවිරිදි වියේ පසුවන ඔහු කල්පිටිය ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් බව සදහන්. ඒ අනුව […]
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 237 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇත. එම […]
හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් නමැත්තා පසුගිය වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරකයන් සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා. වගකිවයුත්තන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 235 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නව ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගයි.