හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට පෙර වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙනවා. එහිදී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර රැදවියන් සදහා ලබා දෙන ඇදුමකින් සැරසී සිටින ආකාරය සහ බන්ධනාගාර බස් රථය වෙත රැගෙන එන ආකාරය දක්නට ලැබුණා. පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත ගෙන යෑම සදහා එලෙස බන්ධනාගාර බස් රථය වෙත රාමනායක මහතාව රැගෙන […]
අද පස්වරුවේ සිට හෙට දහවල් කාලය දක්වා ත්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එ් අනුව තඹලගමුව, කින්නියා, කුච්චිවේලි, ත්‍රිකුණාමලය නගරය අවට සහ සියලු අතුරු මාර්ගවලට අද පස්වරු 5 සිට හෙට දහවල් 12 දක්වා පැය 19ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.
තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා. යුක්‍රේන ජාතික සංචාරකයින් 165 දෙනෙකු එලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඩුවම් නියම වූ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සදහා මීට සුළු මොහොතකට පෙර මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල […]
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට කොරෝනා වෙෙරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. ඉකුත් දින කිහිපය තුළ අමාත්‍යවරුන් දෙදෙනෙකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෙෙරසය වැළදී ඇති බවට තහවුරු වුණා. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් වෙෙරසය ආසාදනය වූවන්ගේ ආශ්‍රිතයින් ලෙස හදුනා ගැනුණු අතර ඔවුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායනය සදහා යොමු වන ලෙසයි දැනුම් දුන්නේ. […]
මහියංගණය, කෙසෙල්පොත ප්‍රදේශයේදී අනියම් සැමියාට කැත්තකින් පහර දී ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ බිරිද වසර කිහිපයකට ඉහතදී මිය ගොස් ඇති අතර එම පුද්ගලයා සමග අදාළ කාන්තාව කලක සිට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවයි. එහිදී ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් පසුගියදා ඇති වූ ගැටුමකදී එම කාන්තාව අදාළ පුද්ගලයාට […]
වසර 4ක සිර දඩුවම් හිමි වූ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, රාමනායක මහතාව නිරෝධායනය සදහා මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය අද රන්ජන් රාමනායක මහතාට බරපතල වැඩ සහිතව වසර 4ක සිරදඩුවම් නියම කළේ, ඒ මහතාට එරෙහිව පවරා තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ […]
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩ්න් දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා. ජෝ බයිඩ්න් වෙත පළමු එන්නත් මාත්‍රාව ලබා දුන්නේ, මීට සති තුනකට පමණ පෙරයි. අනෙකුත් ඇමරිකානුවන් තුළ ද ෆයිසර් එන්නත පිළිබඳ විශ්වාසය ඇති කිරීම සඳහා මෙලෙස එන්නත් ලබා ගත් බව ජෝ බයිඩ්න් පවසා තිබෙනවා. […]
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට වසර 4ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමකර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රාමනායක මහතාව වරදකරු කරමින්. සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු […]
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවතින නඩුවේ තීන්දුව අද ලබා දීමට නියමිතව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව තව සුළු මොහොතකින් ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
සිය නැන්දණියට අමානුෂික ලෙස පහර දුන් ගම්පොළ, වල්ලහගොඩ ප්‍රදේශයේ කාන්තාවත් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව සිය නැන්දණියට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වෙමින් පවතිනවා. සිය නැන්දණියට පිහියකින් පහර දෙන එම කාන්තාව ඇයව තල්ලුකර දමන ආකාරයත් පසුව පහර කෑමට ලක් වූ කාන්තාව බිම ඇද වැටෙන ආකාරයත් අදාළ වීඩියෝවේ […]
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු වන්නැයි දැනුම් දී ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු කියා සිටියේ හෙට සහ ලබන සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම පරීක්ෂණ පැවැත්වීමට අදාළ කටයුතු සූදානම්කර ඇති බවයි. අදාළ දිනවල මන්ත්‍රීවරුන් මෙන්ම කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සදහා සහභාගී විය හැකි බව ද වේත්‍රධාරීවරයා […]