News Line| Off Air
Generic placeholder image

Jan
13

බ්‍රිතාන්‍යයේ නව වෙෙරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවටත්

Generic placeholder image

බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෙෙරස් ප්‍රභේදය මෙරටිනුත් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෙෙද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ සිටින අයෙකුට එම වෙෙරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති බවයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු කණ්ඩායමක් පැවැත්වූ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී […]


Jan
13

සිරගත කළ රන්ජන්ගේ මන්ත්‍රී ධුරය තව මාස 6කින් අහෝසියි

Generic placeholder image

සිර දඬුවම් හිමි වූ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නීත්‍යානුකූලව අහෝසි වන්නේ තවත් මාස 6කින් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව මත රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවට අදාළ අවසන් තීන්දුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළා. අදාළ තීන්දුව මගින් ප්‍රකාශ කෙරුණේ බරපතල වැඩ සහිතව සිව් වසරක් සඳහා […]


Jan
13

පස් හැවිරිදි දැරියක් අමානුෂික ලෙස අපයෝජනය කළ පුද්ගයෙකු අත්අඩංගුවට – දැරියට බරපතලයි

Generic placeholder image

පස් හැවිරිදි දැරියක් අමානුෂික ලෙස අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා අපයෝජනයට ලක් වූ දැරියගේ පියාට අයත් වතු යායක සේවය කළ අයෙකු වන අතර නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවක දැරියව රවටා ළඳු කැලෑවකට රැගෙන ගොස් මෙලෙස අපයෝජනයකර ඇති බවයි පොලිසිය පැවසුවේ. දැරිය රක්වාන ප්‍රාදේශීය රාේහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහරෝහල වෙත […]


Jan
13

මුදල් සහ රත්‍රං සමග දෙදෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

රුපියල් එක් කෝටියකට අධික මුදල් සහ පවුම් 40ක ස්වර්ණාභරණ සමග දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ වැටලීමකදීයි. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, රුපියල් එක් කෝටි විසි හය ලක්ෂ හතලිස් තුන් දහසක මුදලක් ඔවුන් සතුව තිබී සොයා ගත් අතර එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් […]


Jan
13

ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල කොරෝනා ක්ෂණික පරීක්ෂණ

Generic placeholder image

වෙළඳපොළ, මසුන් අලෙවි කරන ස්ථාන ඇතුළු ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල කොරෝනා ක්ෂණික පරීක්ෂණ සිදු කිරීමට තීරණයකර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම බස්නාහිර පළාතෙන් වෙනත් පළාත් වෙත ජනතාව පිටව යන විට මින් පෙර සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ යළිත් පැවැත්වීමට ද තීරණයකර ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ. ඒ අනුව අදාළ […]


Jan
13

මෙරට කොවිඩ් මරණ ගණන 244 දක්වා ඉහළට

Generic placeholder image

කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වී මිය ගිය තවත් සිව් දෙනෙකු පිළිබඳ තොරතුරු ඊයේ රාත්‍රී වාර්තා වුණා. කොළඹ 13, හංවැල්ල, මාතලේ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් එලෙස මියගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 මරණ ගණන දැක්වෙන්නේ 244ක් ලෙසයි. අදාළ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :


Jan
13

කැලෑවකින් හෙරොයින් තොගයක් සොයා ගනියි

Generic placeholder image

බලපිටිය, කොස්ගොඩ ප්‍රදේශයේ ළඳු කැලෑවකින් හෙරොයින් තොගයක් සොයාගත් බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්යය බලකාය සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාළ හෙරොයින් තොගය සොයා ගත් බවයි. හෙරොයින් කිලෝ ග්‍රෑම් 20ක ප්‍රමාණයක් එලෙස සොයා ගැනුණා. බෙදා හැරීමේ අරමුණින් එම හෙරොයින් තොගය සඟවා තබන්නට ඇති බවට සැක කරන […]


Jan
12

කොවිඩ් 19 ආසාදනය වූ තවත් 310 දෙනෙකු හඳුනා ගැනේ – මෙරට ආසාදිතයින් ගණන 49,000 පසු කරයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 310 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන්ගෙන් 8 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනා ගත් ආසාදිතයින් වන අතර සෙසු 302 හඳුනාගෙන ඇත්තේ, පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසයි. එම පිරිස සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා වාර්තා […]


Jan
12

“පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි” – මැතිවරණ කොමිසම

Generic placeholder image

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව තම කොමිසමේ ස්ථාවරය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා. මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය කාරණයක් බවයි. පළාත් සභා දැනටමත් ක්‍රියාත්මක කෙරෙන බවත් එය ආණ්ඩුකාරවරයා සහ නිලධාරීන් කිහිපදෙනෙකු […]


Jan
12

පෑලියගොඩ, 90 වත්ත හුදෙකලා කෙරේ

Generic placeholder image

පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමට අයත් 90 වත්ත ප්‍රදේශය අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා තත්ත්වයට පත් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඊට අදාළ නිවේදනය පහතින් :


Jan
12

ජෝ බයිඩ්න්ගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් වොෂින්ටනයට අමතර ආරක්ෂාවක් ඉල්ලයි

Generic placeholder image

ඇමරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරයා ලෙස තේරීපත්ව සිටින ජෝ බයිඩ්න්ගේ පදවි ප්‍රාප්ති අවස්ථාව යෙදෙන එළැඹෙන 20 වැනිදා වොෂිංටන් ඩීසී අගනුවරට අමතර ආරක්ෂාවක් දෙන්නැයි එහි නගරාධිපතිනිය ඉල්ලීමක්කර තිබෙනවා. විදෙස් මාධ්‍යප පැවසුවේ, පසුගියදා වොෂින්ටන්හි කැපිටල්හිල් ගොඩනැගිල්ල ආශ්‍රිතව ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සළකා බලා අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද දෙපාර්තමේන්තුවෙන් ඇය එම ඉල්ලීමකර ඇති බවයි. ඉකුත් 6 වැනිදා ඇති […]


Jan
12

කොරෝනා ආසාදිතව සිටි තවත් 530කට පූර්ණ සුවය

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 530 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 42,621ක් දක්වා ඉහළ ගියා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,088ක්.


News Articles
Latest Videos
Most Popular Post