News Line| Off Air
Generic placeholder image

Jan
14

තෛපොංගල් දිනය වෙනුවෙන් ජනපති, අගමැති සහ විපක්ෂ නායක සුබ පැතුම් එක් කරයි

Generic placeholder image

හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අදයි. “අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත ලෙස දැක්වෙන අතර කෘෂිකර්මාන්තයෙන් ලබා ගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරුවීමට කෘතගුණ දැක්වීම එම උත්සවයේදී සිදු කෙරෙනවා. මේ අතර ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය වු නැවුම් සහල්, කිරි හා මුසු කොට ඉතිරවීමෙන් තමන්ටත් තම පවුලටත් රටටත් සහ සමස්ත ලෝකයාටත් සෞභාග්‍යය උදා […]


Jan
14

කොරෝනා මරණ ගණන 247 තෙක් ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මරණ පිළිබඳ ඊයේ රාත්‍රී තොරතුරු වාර්තා වුණා. එලෙස මිය ගියේ බත්තරමුල්ල, කොළඹ 15 සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචිව සිටි තිදෙනෙක්. එම මරණ සමග ශ්‍රී ලංකාවේ සමස්ත මරණ ගණන 247 දක්වා ඉහළ ගියා. අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :


Jan
14

දිමුත්ට පළමු ටෙස්ට් තරඟය අහිමි වෙයි – නායකත්වය චන්දිමාල්ට

Generic placeholder image

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වයේ වෙනසක් සිදුව තිබෙනවා. එම තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරමින් ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේ දිමුත් කරුණාරත්න කණ්ඩායම් නායකයා බවයි. එහෙත් පුහුණුවීම් අතරතුර දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුුට නායකත්වය මෙන්ම අද තරඟය ද අහිමි වී තිබෙනවා. ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ නායකත්වය හිමි වන්නේ, […]


Jan
14

අදත් පස්වරු කාලයේ වැසි

Generic placeholder image

අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 50ට වැඩි වැසි ඇති විය හැකි බවයි. සෙසු ප්‍රදේශවල සවස 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට […]


Jan
13

පාර්ලිමේන්තුවේ 463 දෙනෙකුට PCR පරීක්ෂණ

Generic placeholder image

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 463 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ අද පැවැත්වූ බව පාර්ලිෙම්න්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ, පාර්ලිෙම්න්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට කොරෝනා වෙෙරසය ආසාදනය වීම හේතුවෙන්. පසුගියදා පාර්ලිමේන්තුව විෂබීජහරණයට ද ලක් කෙරුණා. එමෙන්ම වෙෙරසය ආසාදනය වූ මන්ත්‍රීවරයා සහ අමාත්‍යවරයා ඇසුරු […]


Jan
13

නව කොරෝනා වෙෙරසය ආසාදනය වූ 102ක් අසල්වැසි ඉන්දියාවෙන් හඳුනා ගනියි

Generic placeholder image

නව කොරෝනා වෙෙරසය ආසාදනය වූ 102 අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ පවසන්නේ එලෙස වෙෙරසය ආසාදනය වූ සියලු දෙනා විශේෂිත පහසුකම් යටතේ අදාළ ප්‍රාන්තවල ප්‍රතිකාර ලබන බවයි. එමෙන්ම එම පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් සියලු දෙනා නිරෝධායනයට ලක්කර තිබෙනවා.


Jan
13

රන්ජන්ගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය අජිත් මාන්නප්පෙරුමට?

Generic placeholder image

බරපතල වැඩ සහිතව වසර 4ක් සඳහා සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තවත් මාස 6කින් නිල වශයෙන් අහෝසි වන බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළා. ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එළැඹෙන සඳුදා සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබෙනවා. සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක […]


Jan
13

එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Generic placeholder image

ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් 22 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි.


Jan
13

UNP යේ තනතුරුවල වෙනසක්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වුණා. එම රැස්වීමේදී පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදු කිරීමට තීරණයකර තිබෙනවා. ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන මහතා පත් කෙරුණා. එමෙන්ම පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතායි. මෙතෙක් කලක් පක්ෂයේ මහා ලේකම් ධුරය හෙබවූ අකිල […]


Jan
13

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන වාසුදේව අමාත්‍යවරයාගෙන් දැනුම් දීමක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඉකුත් 6 වැනිදා සිට අමාත්‍යවරයා හමු වූයේ නම් ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස වාසුදේව නානායක්කාර මහතා දැනුම් දෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එම නිවේදනයේ සඳහන්ව තිබූ කරුණු පහතින් : “ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම […]


Jan
13

මේජර් අජිත් ප්‍රසන්නට ඇප

Generic placeholder image

අධිකරණයට අපහාස කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් හා නීතිඥ අජිත් ප්‍රසන්න මහතා දැඩි ඇප කොන්දේසි සහිතව මුදා හරින ලෙස නියෝග කෙරුණා. පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අජිත් ප්‍රසන්න මහතාව රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික […]


Jan
13

නාච්චාදූව ජලාශයේ වාන් දොරටු අරියි – පහත් බිම්වල ජනතාවට විමසිලිමත් වන්නැයි උපදෙස්

Generic placeholder image

පවතින අධික වැසි තත්ත්වය හමුවේ අනුරාධපුර, නාච්චාදූව ජලාශයේ වාන් දොරටු විවෘතකර තිබෙනවා. මල්වතුඔය පහළ කොටසේ වෙසෙන ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ විමසිල්ලෙන් පසුවන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post