News Line| Off Air
Generic placeholder image

Jan
12

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගණන කළුතරින් වාර්තා වෙයි

Generic placeholder image

පසුගිය පැය 24 තුළ කොරෝනා වෙෙරසය ආසාදනය වූවන් 569 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඉන් ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගැනුණේ දේශීයව වන අතර සෙසු ආසාදිතයා විදෙස් රටක සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්. මේ අතර ගත වූ පැය 24 තුළ හදුනාගත් ආසාදිතයින් අතරින් 110 දෙනෙකු වාර්තා වුණේ, කළුතර දිස්ත්‍රික්කයෙන්. […]


Jan
12

ඊයේ රාත්‍රී කොවිඩ් මරණ 8ක්

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වී මියගිය තවත් 8 දෙනෙකු පිළිබද තොරතුරු ඊයේ රාත්‍රී වාර්තා වුණා. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් සහ රාජගිරිය, මට්ටක්කුලිය, කොළඹ 12, කොළඹ 14, බණ්ඩාරගම, දකුණු කළුතර හා කාත්තන්කුඩි යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා. වයස අවුරුදු 36ක කාන්තාවකුත් ඔවුන් අතර වීම විශේෂත්වයක්. ඉකුත් 6 වැනිදා සිට ඊයේ […]


Jan
11

තාවකාලිකව අවලංගුකර තිබූ දුම්රිය ගමන්වාර 36ක් නැවත ධාවනයට

Generic placeholder image

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අවලංගුකර තිබූ දුම්රිය ගමන්වාර 36ක් නැවත ධාවනය සඳහා එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා. ඒ අනුව හෙට සිට අදාළ දුම්රිය ධාවනයට එක් කෙරෙන අතර එලෙස ධාවනයට එක්වන දුම්රිය පහතින් : ප්‍රධාන මාර්ගයේ 1133 – කොළඹ කොටුව සිට මීරිගම1140 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ1146 – කොළඹ කොටුව සිට මීරිගම1147 – කොළඹ […]


Jan
11

නීතීඥ සංගමයේ නිලවරණය සඳහා ජනපති නීතිඥයින් දෙදෙනෙකු නාම යෝජනා භාර දෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු නාම යෝජනා භාර දී තිබෙනවා. එලෙස නාම යෝජනා භාර දී ඇත්තේ, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්වරුන්. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය එළැඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Jan
11

යුක්‍රේන සංචාරකයින් පිරිසක් දළඳා මාලිගය නරඹයි (ඡායාරූප)

Generic placeholder image

දිවයිනට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගයේ සංචාරයක නිරත වුණා. දැඩි පරීක්ෂාවකින් අනතුරුව ඔවුන් එම සංචාරයේ නිරත වුණේ නිරෝධායන නීති රීතිවලට අනුවයි. ශ්‍රී දළදා මාලිගයේ මාධ්‍ය ඒකකය පැවසුවේ, එම කණ්ඩායමට දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු වීම සදහා වෙනම ප්‍රවේශයක් සූදානම්කර දී තිබූ බවයි. එමගින් මෙරට බැතිමතුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු වූ අතර […]


Jan
11

ජැක් මා දියුණු වුණේ කොහොම ද?

Generic placeholder image

ජැක් මා කිව්වම අපි කාටත් මතක් වෙන්නේ “අලි බාබා” කියන නම ඒකට හේතුව අලි බාබා සමාගමේ සභාපති තමයි ජැක් මා කියන්නේ. ඒ වගේම චීනයේ ධනවත්ම මිනිසා. මෑතක ඉඳලා ජැක් කරලියට එන්නේ ඔහු සමාජය තුළ පේන්න නැති නිසා. ඒත් එක්කම එක එක රටවල මාධ්‍ය වාර්තා කරන්න ගත්තා ජැක් අතුරුදන් වෙලා, අතුරුදන් කරලා කියලා. කොහෙමා වුණත් තව […]


Jan
11

පාප්වහන්සේටත් කොරෝනා එන්නත – උන්වහන්සේගේ වෙෙද්‍යවරයා කොරෝනා වැළඳී මියයයි

Generic placeholder image

ඉදිරි සතිය තුළ තමන් ද කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසනවා. උන්වහන්සේ වතිකානයේ පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන් ගැන මෙන්ම අන් අය පිළිබඳව ද සිතා එම එන්නත ලබා ගන්නා ලෙසයි. එය නොසළකා හරින්නේ නම් තමන් පමණක් නොව එමඟින් අන් අයව ද අවදානමක හෙළන බවයි උන්වහන්සේ අවධාරණයකර සිටියේ. ශද්ධෝත්තම පියතුමන් කුඩා කළ […]


Jan
11

සම්පායෝ ඇතුළු 7කට අධි චෝදනා 90ක් – 7 දෙනාට ඇප

Generic placeholder image

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු 7 දෙනෙකුට මීගමුව මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙනවා. ඔවුන්ට ගොනුකර ඇති අධි චෝදනා ගණන 90ක් බවයි වාර්තා වුණේ. එලෙස අධි චෝදනා භාර දීමෙන් පසු සැකකරුවන් 7 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.


Jan
11

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය තාවකාලිකව වසයි

Generic placeholder image

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, එම පීඨයේ ගොවිපළ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සීමාවාසික සිසුවෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමගයි. අදාළ සිසුවා සිය අධ්‍යයන කටයුතු සඳහා සය දෙනකුගෙන් යුත් කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස ජංගම සායනික කටයුතුවල යෙදී සිටි අයෙකු බවයි විශ්වවිද්‍යාල පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ. එම […]


Jan
11

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් යළිත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෙෙරසයේ මූලාරම්භය බවට සැළකෙන චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් හඳුනා ගනිමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට හුබෙයි ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 82 හඳුනාගෙන ඇති බවයි. මේ අතර එරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 103ක්. එම සංඛ්‍යාව මාස 5කින් පසු වාර්තා වන ඉහළම අගය බවයි චීනයේ […]


Jan
11

මුගුරකින් පහර දී කාන්තාවක් ඝාතනය කරයි

Generic placeholder image

නිවිතිගල, කරවිට ප්‍රදේශයේදී බීමත් පුද්ගලයෙකු විසින් මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කරනු ලැබ තිබෙනවා. පොලිසිය පැවසුවේ ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් එලෙස දුරදිග ගොස් ඇති බවයි. අදාළ පුද්ගලයා කාන්තාවන් දෙදෙනෙකුට පහර දී ඇති අතර ඔවුන්ව රත්නපුර රෝහලට ඇතුළත්කර තිබුණා. එහිදී එක් කාන්තාවක් මියගියා. 28 හැවිරිදි ඇය පහළ කරවිට […]


Jan
11

මවට අමානුෂික ලෙස පහර දී ලිංගික අතවර කළ පුත්‍රයා අත්අඩංගුවට

Generic placeholder image

තම මවට අමානුෂික ලෙස පහර දී ලිංගික අතවර කළ පුද්ගලයෙකු පසුගිය 8 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. තමන් වැන්දඹු තිදරු මවක් බවත්, සැකකාර පුත‍්‍රයා පවුලේ දෙවැන්නා බවත්, තමන්ට බිරිඳක් ගෙනැවිත් දෙන ලෙස ඔහු නිතර බල කරන බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා. ලිංගික අතවර කළ දිනයේ තම හිස යකඩ කණුවක හප්පා පහර දුන් බවත් […]


News Articles
Latest Videos
Most Popular Post