News Line| Off Air
Generic placeholder image

Jan
17

හඩ පටයක් නිසා යුක්‍රේන අගමැති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

Generic placeholder image

යුක්‍රේන අග්‍රාමාත්‍ය Oleksiy Honcharuk සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති Volodymur Zelenskiy වෙත යොමු කර තිබෙනවා. අගමැතිවරයා එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා සලකා බලමින් සිටින බව යුක්‍රේන ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනය කළා. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බව පවසමින් යුක්‍රේන අගමැතිවරයා විසින් සිය ජනාධිපතිවරයා විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයක් ඇතුලත් හඬ පටයක් කරලියට පැමිණීමත් සමග […]


Jan
17

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු මිලදී ගැනීම් සම්බන්ධව විමර්ශණය කිරීමට ස්වාධින කමිටුවක්

Generic placeholder image

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු මිලදී ගැනීම් සම්බන්ධව විමර්ශණය කිරීමට ස්වාධින කමිටුවක් පත් කිරීමට ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා. පසුගිය කාලයේ සිදුකරන ලද ඇතැම් මිලදී ගැනීම්වලින් විශාල අක්‍රමිකතා සිදුව ඇති බව වෘත්තීය සමිති විසින් පෙන්වා දී ඇති කරුනු අනුව අනාවරණ වීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බව සදහන්. අදාල කමිටුවේ වාර්තාව සති […]


Jan
17

19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹෙයි

Generic placeholder image

19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය දකුණු අපි‍්‍රකාවේදී අද ආරම්භ වුණා. ඒ යටතේ දකුණු අපි‍්‍රකානු 19 න් පහල කණ්ඩායමේ මුල්ම තරගය මේ වන විට පැවැත්වෙනවා. මේ වන විට දකුණු අපි‍්‍රකානු 19 න් පහල කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 111 ලබාගෙන තිබෙනවා. ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය 19 වන දින පැවැත්වීමට නියමිතයි.


Jan
17

ප්‍රදේශ කිහිපයකට හෙට වැසි

Generic placeholder image

සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක හෙට (18) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම ඌව හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.


Jan
17

ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කරයි

Generic placeholder image

ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කළා. සිවිල් ගුවන් සේවා රෙගුලාසිවලට යටත්ව මෙලෙස ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට තිබූ තහනම ඉවත් කළ බව එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි පැවසුවා.


Jan
17

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට

Generic placeholder image

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබෙනවා. ජනාධිපතිතුමා ඒ පිළිබඳ සිය නිර්දේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කළ බව සඳහන් වෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ ප්‍රසන්න ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් පුරප්පාඩු වී තිබෙනවා.


Jan
17

ඉකුත්දා හදිස්සියේ ගොඩ බැස් වූ ලයන් එයාර් යානයේ අසනීප වූ මගියාට වැළඳී ඇති රෝගය හදුනා ගැනේ

Generic placeholder image

ඉකුත්දා හදිස්සියේ ගොඩ බැස් වූ ලයන් එයාර් ගුවන් යානයේ සිටි ගුවන් මගින් තිදෙනෙකුට හදිස්සියේ අසනීප වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් සිදුකරනු ලැබුවා. නමුත් ඒ වන විට රෝගී වූ ගුවන් මගින් දෙදෙනෙකු ඒ වන විටත් ජිවිතක්ෂයට පත්ව සිටි අතර එහි සිටි අනෙක් මගියා වැඩි දුර ප්‍රතිකාර සදහා ගොතටුව පිහිටි ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුලත් […]


Jan
17

ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් පවත්වා ශ්‍රි ලංකා නිවුන් සංගමය ගිනස් වාර්තාවකට සැරසෙයි

Generic placeholder image

ලොව විශාලතම නිවුන් පුද්ගල හමුවක් පවත්වා ගිනස් වාර්තාවක් තැබීමට ශ්‍රි ලංකා නිවුන් සංගමය සැලසුම් කර තිබෙනවා. කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදී ලබන සඳුදා එම හමුව පැවැත්වීමට නියමිතයි. ඊට සහභාගීවීමට කැමති ඕනෑම වයසක නිවුන් පුද්ගලයන් ප්‍රාදේශිය ලේකම් විසින් සහතික කළ තම උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ජාතික හැඳුනුම්පතේ පිටපතක් රැගෙන එදින පෙරවරු 10.00ට පෙර පැමිණිය යුතුයි. අවුරදු 18ට […]


Jan
17

ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ වි මාසයක් තුළ ප්ලාස්ටික් බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක්

Generic placeholder image

2019-2020 වසරේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වි මාසයක් වැනි කෙටි කාලයක් තුල ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින් එක්රැස් කර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්යයාලයේ ස්ථානාධිපති බි.ඩබ්ලිව්.හේමන්ත මහතා පැවසුවා. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් බි.ඩබ්ලිව්.හේමන්ත මහතා කියා සිටියේ මෙවර ශ්‍රි පාද වන්දනා සමයේදි වන්දනාකරුවන් පොලිතින්උර භාවිතයෙන් වැලකි සිටින […]


Jan
17

ඛනිජ වැලි සම්පත සෘජුව අපනයනය කිරීම නවතයි

Generic placeholder image

මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමේ තාක්ෂණය සහිත ක‍්‍රමවේද හඳුන්වා දී ලංකා ඛනිජ වැලි සමාගම මෙරට විදේශ විනිමය උපයන ප‍්‍රධානතම රාජ්‍ය ආයතනය බවට පරිවර්තනය කිරීම තම අරමුණ බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළා. ඊයේ (16) පුල්මුඬේ පිහිටි ලංකා […]


Jan
17

චීන ඉතිහාසයේ පළමුවරට උපත් අනුපාතිකය පහළ යයි

Generic placeholder image

චීන ඉතිහාසයේ පළමුවරට උපත් අනුපාතිකය පහළම අගය වාර්තා කර තිබෙනවා. වසර 70 කට ඉහතදී මහජන චීනය පිහිටුවීමෙන් පසු පසුගිය වසරේදී මෙලෙස උපත් අනුපාතිකය පහළම අගය වාර්තා කර ඇති අතර එය සටහන්වී ඇත්තේ උපත් 1000 කට 10 යි දශම 4 යි 8 ක් ලෙසටයි. පසුගිය වසරේදී චීනය තුළ සිදුවූ මුලු උපත් සංඛ්‍යාව එක් කෝටි 46 ලක්ෂ […]


Jan
17

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගයට

Generic placeholder image

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාග කිරිමේ අරමුණින් එරට සෙනෙට් සභිකයින්, ජූරි සභිකයින් ලෙස දිවුරුම් දී තිබෙනවා. එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන් සෙනෙට් සභිකයින් කියා සිටියේ “අපක්ෂපාතීව යුක්තිය ඉටු කිරීම”වෙනුවෙන් තමන් මෙලෙසෙ දිවුරුම් දිම සිදු කරන බවයි. ඒ, අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ගොනු කර ඇති දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් ලබන 21වැනිදා සිට […]


News Articles
Latest Videos
Most Popular Post