අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉවත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළා.
බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අද (17) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. කල් ඉකුත්වූ බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා පසුව ඇප මත නිදහස් කරනු ලැබුවා. එම නඩු කටයුත්ත සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාව මෙලෙස යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව සදහන්. කෙසේ වුවත් අධිකරණ විනිසුරුවරන්ගේ […]
කොළඹ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, අද උදෑසන කාලයේදී එහි අගය ඒකක 100 – 150 ත් අතර පැවති බවයි. මෙම තත්ත්වය ලබන මාසයේ මුල් සතිය දක්වා පැවතිය හැකි බව ඔහු සඳහන් කළා. කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් සහ ශ්වසන […]
වතු හිමිකරුවන්ට ලබා දී ඇති සහන කමිකරුවන් වෙත වි ගොවිතැන් කිරීම සඳහා මාර්තු පළමුවනදා සිට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට පියවර ගත් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වන නඩු විභාගයට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද උදෑසන කොළඹ මහාධිකරණයට පැමිණියා. සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය දෙසැම්බර් මස 27 වැනිදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ වෙතත්, […]
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30 ට තරගය ආරම්භ වෙනවා. දෙරට අතර පැවැති පළමු එක්දින තරඟය කඩුළු 10ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා. 2005 වසරෙන් පසු ඉන්දියාව ලැබු දරුණුතම එක්දින පරාජය මෙය වන අතර ඉන්දියාවට එරෙහිව ඕස්ට්‍රේලියාව […]
කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබූ තහනම වසර 25 කට පසු ඉවත් කර තිබෙනවා. ඒ අනුව, ගාලුමුවදොර පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රීඩාංගණයට හෙලිකොප්ටර් ගොඩබැස්විය හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. තහනම ඉවත් කරමින් ඒ, සඳහා අවසර ලබා දී ඇති දේශීය ගුවන් සමාගම් ගණන 4කි. පසුගිය අවරුදු 25 ක කාලයේදි අදාළ […]
නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරිමට අද සිට ආරම්භ වෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කළ බවයි. ලබන මස 16 වැනිදා දක්වා ඒ සඳහා අයදුම් කළ හැකි වෙනවා. එලෙස නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කෙරෙන්නේ 2017 වසරෙන් පසුවයි. මැතිවරණ කාලසීමාවක පක්ෂ ලියාපදිංචිය නීතිවිරෝධී බැවින් පසුගිය […]
ඉදිරි මාස තුනක කාලය තුළ මෙතෙක් කිසිඳු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 124 ක් තුළ ජාතික පාසල් ගොඩනගන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. මාතලේ ඊයේ පැවති පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. තමන් විසින් එවන ලද චක්‍ර ලේඛයක් තමන් විසින්ම උල්ලංඝනය කිරීමට සිදු වූයේ යැයි […]
අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.
පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් එකඟතාවකින් තොරව අද (16) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අවසන් කළ බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
දුර්ලභ ගණයේ ජීව පක්ෂීන් නීති විරෝධිව රැගෙනයාමට උත්සහ කළ බෙල්ජියම් ජාතිකයෙකු පේරු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 54 හැවිරිදි අදාල බෙල්ජියම් ජාතිකයාගේ ගමන් මළු තුළ තිබී ජිවි පක්ෂින් 20ක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සැකකරු විසින් කුඩා කාඩ්බෝඩ් පෙට්ටි තුළ බහා මෙම පක්ෂින් අලෙවි කිරිම සදහා ස්පාඤ්ඤය වෙත රැගෙනයාමට උත්සහ දරා ඇති බව සදහන්. […]