News Line| Off Air
Generic placeholder image

Oct
23

එංගලන්තයේ එසෙක්ස් ප්‍රදේශයේ ලොරියක පුද්ගල මළ සිරුරු 39 ක්

Generic placeholder image

එංගලන්තයේ එසෙක්ස් ප්‍රදේශයේ ලොරියක තිබී පුද්ගල මළ සිරුරු 39 ක් සොයාගෙන තිඛෙනවා. වැඩිහිටි පුද්ගලයන් 38 දෙනෙකුගේ සහ තරුණයෙකුගේ සිරුරක් ඒ අතර වන බව විදෙස් වාර්තා සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් ලොරියේ රියදුරු වන 25 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිඛෙනවා.


Oct
23

සජිත්ගෙන් ගෝඨාභයට අභියෝගයක්

Generic placeholder image

නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය ඔස්සේ සියලුම දෙනා ඉදිරියේ ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරනවා. එතුමා සිය ටිවිටර් ගිණුම හරහා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. මෙහිදී එකිනෙකාගේ ප්‍රතිපත්ති පිලිබදව රටටම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට හැකි බවයි එතුමා එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.


Oct
23

මීනගයා නිසා මඩකලපු මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා

Generic placeholder image

අද රාත්‍රියේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව බලා ධාවනය වීමට නියමිත තැපැල් දුම්රිය බොහෝදුරට අවලංගු කිරීමට සිදුවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ, අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලිපැනීමකට ලක්වූ මීනගයා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මෙතෙක් අවසන් නොවීම හේතුවෙන්. පීලිගත කළ දුම්රිය මැදිරි සහ පීලිපැනීමකට ලක් නොවූ මැදිරි කිහිපයක් දැනට එම ස්ථානයෙන් ඉවත් කර ඇති අතර […]


Oct
23

බොර තෙල් මිල ගණන් පහළට

Generic placeholder image

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් සංචිත තුළ බොර තෙල් ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතු කොටගෙන මෙලෙස බොර තෙල් මිල පහල ගොස් තිබෙනවා. බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 59 කට ආසන්න මිලකටයි.


Oct
23

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලබන 31 වනදා නිල වශයෙන් පිහිටුවයි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සියලුම පක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලබන 31 වනදා නිල වශයෙන් පිහිටුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වේයැයි බියෙන් පසුවන කන්ඩායමක් සමාජයේ […]


Oct
23

ලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් ශ්‍රීලනිප රැක ගැනීම ප්‍රමුඛ කාර්යක් – හිටපු ජනපතිනි

Generic placeholder image

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලය පිලිබදව අවදානය යොමු කරමින් සිය සමාජ මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මාවතකට යොමු කර ගැනීම කාලීන අවශ්‍යතාවක් බවත් ඒ සදහා තමන් ජනතාව සමග එක්ව කටයුතු කිරීමට ඉදිරිපත් වන බවයි. එමෙන්ම ලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය […]


Oct
23

අපේ පියානෝව අපි බලා ගන්නම් – රංජන් රාමනායක කියයි

Generic placeholder image

රටට අවශ්‍ය වන්නේ ජනතා ප්‍රශ්නවලට සෘජුව පිළිතුර ලබාදෙන ජනාධිපති අපේක්ෂයවරයෙක් බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා. පුත්තලම ප්‍රදේශයේ පැවති රැළියන් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජනාධිපති අපේක්ෂකවරයෙකු වන පුද්ගලයා අත්දැකීම් හා පලපුරුද්ද තිබුය යතු බව රංජන් රාමනායක මහතා මෙහිදී කියා සිටියා. ජනාධිපතිවරණයේදී සිංහල නොදන්නා ඇමරිකානු පුරවැසියෙකුට ඡන්දය ලබා දෙනවාද නැතහොත් ප්‍රේමදාස මහතාගේ […]


Oct
23

2023 දී (Non-stop) ගුවන් ගමනක් යෑමට මගීන්ට අවස්ථාවක්?

Generic placeholder image

ලොව දීර්ඝතම අතරමග නොනැවතෙන මගී ගුවන් ගමනක් ආරම්භ කිරීමට ‘ක්වොන්ටස් ගුවන් සේවය විසින් පසුගියදා ඊට අවශ්‍ය පියවරවල් පරික්ෂාවට ලක් කළා. ඒ අනුව එම සමාගම විසින් ලන්ඩන් සිට සිඩ්නි දක්වා අතරමග නොනැවතෙන ගුවන් ගමනක් පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව යළි ඉන්ධන පිරවීම වළකාලමින් ගුවන් යානයට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීම සඳහා ක්වොන්ටස් […]


Oct
23

තාජුදීන් ඝාතන සිද්ධිය පිළිබද නඩු විභාගය ලබන 07 වෙනිදා

Generic placeholder image

වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව පවරා තිබෙන නඩුව මේ මස 07 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා. විත්තිකරු වන අනුර සේනානායක රෝගාතුරව ප්‍රතිකාර ලබන බව විත්තියේ නීතිඥවරයා අද අධිකරණයට  දැනුම් දුන් අතර ඒ පිලිබදව සලකා බලා ලබන 07 වෙනිදට මෙම නඩුව […]


Oct
23

මරණ දඬුවම ගැන සජිත් කතා කරයි

Generic placeholder image

මෙරට ත්‍රස්තවාදය සහ කුඩු ජාවාරම් කරන නීති විරෝදී ක්‍රියා කරන සෑම දෙනාටම විනිවිද භාවයෙන් යුතුව නිතිය ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විශේෂයෙන්ම එවැනි පුද්ගලයින්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු යැයිද එතුමා අවධාරණයෙන් යුක්තව ප්‍රකාශ කර සිටිනවා. මිනිසාට හිංසා කිරීමට, මිනිස් ඝාතන සිදු කරනවාට තමා කොතරම් අකමැති වුවත් රට […]


Oct
23

මෙවර ජනපතිවරණයේ සුවිශේෂිතා මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි සන්දිස්ථානයක් ලෙස මෙවර ජනපතිවරණය සදහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ හේතුවෙන් සෑම දෙනාම පාහේ මෙම ජනපතිවරණ උණුසුම භුක්ති විදමින් පසුවෙනවා. දිනෙන් දින උණුසුම් වන ජනපතිවරණ සටන දෙස සෑම දෙනාම ඉතා උද්යෝගයෙන් නෙත් අයා බලා සිටින අවස්ථාවක සත්තකින්ම මෙවර ජනපතිවරණයේ සුවිශේෂිතා සොයා බැලීම වටී. ඒ අනුව මෙවර ජනපතිවරණයේ ඇති සුවිශේෂතා වන්නේ, 01. […]


Oct
23

ගුවන්විදුලි සංස්ථාවේ වැඩබලන සභාපති ලෙස හෙරල් සේනාධීර පත් කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා විදේශ ගතව ඇති බැවින් එම සංස්ථාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී හෙරල් සේනාධීර මහතා පත් කර තිබෙනවා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ උපදෙස් මතයි.


News Articles
Latest Videos
Most Popular Post