News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

ශ්‍රී ලංකාවේ සහජීවන වැඩපිළිවෙල පිලිබද බ්‍රිතාන්‍යයෙන් පැසසුම්

Generic placeholder image

සහජීවන ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙල බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍ය තරික් අහමඞ් සාමිවරයාගේ පැසසුමට ලක්වී තිබෙනවා. ඊයේ කොළඹ ජනාධිපති නිල නිවසේදී ඔහු ජනාධිපතිවරයා හමුව ඇති අතර එහිදී ගෝලීය තර්ජනයක් බවට පත්ව ඇති සියලූම ආකාරයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ ඇති වැදගත්කමද සාමිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය […]


Oct
2

හිටපු ජනපතිගේ පුත් යෝෂිත උසස්වීමක් සමග යළි සේවයට

Generic placeholder image

පසුගිය සතියේදී ඔහුව යලි නාවික හමුදා සේවයේ පිහිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අවසර ලබාදීමත් සමග වැඩතහනමකට ලක්ව සිටි නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ ඊයේ (01) සිට යලි නාවික හමුදාවේ සේවයට එක්ව තිබෙනවා. ඊයේ දිනයේදී සේවයට එක්වූ ලුතිනන් යෝෂිත රාජපක්ෂ තාවකාලික ලුතිනන් කමාන්ඩර් නිලයට උසස් කර අති අතර එලෙස උසස්වීම ලබා දී ඇත්තේ නාවික හමුදාවේ […]


Oct
2

වෙනස්කම් කිහිපයක් සමග ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කන්ඩායම අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද පාකිස්තානයේ කරච්චි නුවර ක්‍රීඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය වන්නේ නායක ලහිරු තිරිමාන්න, අනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජෙලෝ පෙරේරා, විනෝද් භානුක, ෂෙහාන් […]


Oct
2

දිවයිනේ තැපැල් කාර්යාලවල අන්තර්ජාල පද්ධතිය අක්‍රීයයි

Generic placeholder image

දිවයිනේ තැපැල් කාර්යාලවල අන්තර්ජාල පද්ධතිය අක්‍රීයව පැවතීම හේතුවෙන් තැපැල් සේවා කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසනවා. දින පහක සිට මෙම අන්තර්ජාල පද්ධතිය අක්‍රීයව පවතින බව එහි කැදවුම්කරු කේ.එම්.චින්තක බණ්ඩාර මහතා සදහන් කළා. මේ හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 653ක හා උප තැපැල් කාර්යාල 3410ක පරිගණක පද්ධතිය හරහා සිදුවන සේවාවන්ට බාධා […]


Oct
2

සජිත් ඊයේ ජනපති සමග සාකච්ඡා කළ දේ

Generic placeholder image

රටේ පොදු වාතාවරණය සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඊයේ (01) රාත්‍රියේදී සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ජනාධිපති නිල නිවසේ පැවති මෙම සාකච්ඡාව පැවති බව සදහන්. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් දිගින් දිගටම සාකච්ඡාවේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවධානය යොමුවුයේ දැයි […]


Oct
2

සජිත්ගේ අපේක්ෂකත්වය තහවුරු කෙරෙන එජාපයේ මහා සමුළුව හෙටයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික මහා සම්මේලනය හෙට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සුදානම් වෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම මෙහිදී ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වය තහවුරු කෙරෙන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.


Oct
2

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

ඉදිරි පැය 24 තුළ මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එම අවස්ථාවල පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම […]


Oct
2

ශ්‍රී ලංකා – පාකිස්ථානය තෙවැනි දිනටත් තරග බිමට

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවැනි එක්දින තරගය අද කරච්චි ක්‍රීඩාංගනයේදී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ටයි. තරග 03 කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු අතර දෙවන තරගයෙන් ලකුණු 67කින් පාකිස්තානය ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව පාකිස්ථානය මෙම තරගාවලියේ […]


Oct
2

ජනපති සහ බැසිල් අතර තවත් හමුවක්

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර තවත් හමුවක් ඉදිරි දින දෙක තුළදී සිදුවීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන් සිදුකළ විමසීමකදී ප්‍රකාශ කළා. මෙම හමුවේදී නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර, සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට නියමිතයි. පෙරේදා දිනයේ […]


Oct
2

වැඩබලන සොලිසිටර් ජනරාල්වරයෙක් පත් කරයි

Generic placeholder image

සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය වැඩ තහනමකට ලක් කිරීම හේතුවෙන් එම තනතුරේ වැඩ බැලීමට අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මතභේදයකට තුඩු දී තිබෙන නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ සහ ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග පැවැත්වූ බව කියන දුරකතන ඇමතුමට සම්බන්ධ සිද්ධිය […]


Oct
2

සජිත්ට තවත් සහයක්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ජනපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් ලෙස කටයුතු කල හිටපු අමාත්‍යවරයෙක් වෙන ආතාවුද සෙනෙවිරත්න මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඩබ්.බී. ඒකනායක මහතා සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. මේ පිලිබදව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී විශේෂ මාධ්‍ය […]


Oct
2

පරිපාලන නිලධාරීන්ට 15 000 ක පොදු දීමනාවක්

Generic placeholder image

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විවිධ ශ්‍රේණිවල නිලධාරීන්ට දැනට ගෙවන දීමනාව වෙනුවට රුපියල් 15 000 ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සදහා පරිපාලන රාජ්‍ය ආමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය හිමිව තිබෙනවා. පසුගියදා පරිපාලන නිලධාරින්ද වෘත්තීය ක්‍රියාවලට මෙම වැටුප් විෂමතා මුල් කරගෙන යෙදුනු අතර ඒ අනුව […]


News Articles
Latest Videos
Most Popular Post