කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් 406 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 19,438ක් ලෙසයි. මේ අතර ආසාදිතයින් 6,471 දෙනෙකු රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර අද උදැසන 10 වනවිට කොරෝනා යැයි සැක සහිතව රෝහල්වලට ඇතුළත්කර ඇති සංඛ්‍යාව […]
මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව ලබන සඳුදා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා වෙත භාර දීමට නියමිතව තිබෙනවා. එම බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වයට හේතු වූ කරුණු සොයා බැලීම සදහා අමාත්‍ය අලිසබ්රි මහතා විසින් පසුගිය සඳුදා අදාළ කමිටුව පත් කරන ලැබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් වන අතුරු […]
මහර බන්ධනාගාරයේ පසුගිය 29 වැනිදා ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කර සිටියදී මියගිය රැඳවියන්ගේ සිරුරු බැහැර කරන ආකාරය පිළිබඳ තීන්දුව නිකුත් කිරීම කල් ගියා. ඊට අදාළව මෝසමක් මාර්ගයෙන් කරුණු දක්වමින් අදාළ නඩුව ගොනුකර තිබුණේ, සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවයි. රෝහල්ගත කිරීමෙන් පසු මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා හඳුනා ගැනුණු […]
අධික වැසි තත්ත්වය හමුවේ ධීවර කටයුතුවල යෙදෙමින් සිටියදී පසු ගිය පළමු වැනිදා අතුරුදන් වූ ධීවරයාගේ මළ සිරුර කරෙයිනගර්, ඌරි වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයාගත් බව පොලිසිය පවසනවා. ඔහු ඉස්සන් ඇල්ලීම සඳහා නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ ඇවිදිමින් සිටියදී රළ පහරට හසුව අතුරුදන් වූ බවට පසුගියදා තොරතුරු වාර්තා වුණා. එලෙස මිය ගියේ, වඩුක්කෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 38 […]
පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ අවසන් දිනය මේ මස 12 වැනිදා දක්වා දීර්ඝකර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ එම සේවාවල තනතුරු 12ක පුහුණුවට අභ්‍යාසලාභීන් 1000ක් බඳවා ගැනෙන අතර ඒ සඳහා එම අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.health.gov.lk ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි. අදාළ තනතුරු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට […]
කොරෝනා ආසාදිතයින් 627 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වුණා. අද රාත්‍රී වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 277ක් වන අතර පස්වරුවේ 350 දෙනෙකු හඳුනා ගැනුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා. එම මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව එම […]
තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. කොළොන්නාව, කොළඹ 12, කොළඹ 10 සහ කොළඹ 2 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගියා. අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
ඊයේ රාත්‍රී දිවයිනට ඇතුළු වූ බුරවි සුළි කුණාටුව හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 44,848 දෙනෙකු ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා. එම මධ්‍යස්ථානය පැවසුවේ, මේ හේතුවෙන් පුද්ගලයින් හය දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි. එමෙන්ම නිවාස 50කට පූර්ණ හානි සිදු වී ඇති අතර තවත් නිවාස 2,148ට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා. මේ අතර බුරවි සුළි කුණාටුව […]
මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ ගැනීම මගින් කලහකාරී හැසිරීමක් ඇති නොවන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, මහර රැඳවියන්ගේ කලහකාරී හැසිරීමට එම ඖෂධ භාවිත කරේ යැයි පැවසෙන ප්‍රකාශය වැරදි සහගත බවයි. එවැනි ප්‍රකාශයක් කිරීම මගින් මානසික රෝග සහ ඒ සඳහා ගන්නා ඖෂධ පිළිඳ වැරදි මතයක් ජනතාව […]
තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එලෙස මියගොස් ඇත්තේ, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. අද වාර්තා වූ […]
තවත් කොරෝනා ආසාදිතයින් 528 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් එලෙස වාර්තා වී ඇති බවයි. ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 878ක්.
බුරවි සුළි කුණාටුව මුලතිව් සහ ත්‍රිකුණාමල ප්‍රදේශ අතරින් දිවයිනේ නැගෙනහිර වෙරළට මේ වනවිට ඇතුළු වී ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේෙ, එය දිවයිනෙන් පිටතට ගමන් කරන විටත් සුළි කුණාටුවක මට්ටමේ පවතිනු ඇති බවයි. මේ අතර අද පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ, මුලතිව් […]