News Line| Off Air
Generic placeholder image

Feb
8

පාස්කු කොමිසමේ නිර්දේශ පිළිබඳ තමාව දැනුවත් කරන්නැයි අගරදගුරු හිමිපාණන් ජනපතිගෙන් ඉල්ලයි

Generic placeholder image

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් උන්වහන්සේ මේ බව දන්වා තිබුණා. 2019 අප්‍රේල් මස 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය […]


Feb
8

නව කොවිඩ් ආසාදිතයින් 514ක් හඳුනා ගනියි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 514 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ එලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන […]


Feb
8

කිරි ගොවීන්ට අය වැයෙන් යෝජනා වූ ලක්ෂ 5 ණය මුදල ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට උපදෙස් (ඡායාරූප)

Generic placeholder image

කිරි ගොවීන් සඳහා අය වැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දමන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන්නා. අය වැය යෝජනා අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති හා ජනතා සහන පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. ඒ […]


Feb
8

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම අනුමතයි

Generic placeholder image

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප රුපියල් 900ක් ලබා දීමට වැටුප් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. කම්කරු අමාත්‍යාංශය පැවසුවේ එම කම්කරුවන් සඳහා අයවැය දීමනා ලෙස රුපියල් 100ක මුදලක් ලබා දීමට ද වැටුප් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවයි.


Feb
8

මහින්දානන්දගේ නඩුවේ තීන්දුව ලබන 25 වැනිදා

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය ඇතුළු චෝදනා යටතේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී අද අවසන් කෙරුණා. එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනාවලින් නිදොස් කොට නිදහස් […]


Feb
8

හෙට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අහඹු PCR පරීක්ෂණ

Generic placeholder image

හෙට උදැසන 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. එය සංවිධාන කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින්. ඊට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පහසුකම් සළසා ඇති අතර ඒ සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බවයි වේත්‍රධාරීවරයා කියා සිටියේ. එමෙන්ම ඉදිරියේදී පාර්ලිමේන්තු […]


Feb
8

තවත් 740කට සුවයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 740 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ අනුව කොවිඩ් වැළඳී සුව වූ මෙරට සමස්ත සංඛ්‍යාව 64,141ක් බවයි එම අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.


Feb
8

අවුරුදු 30 සිට 60 දක්වා පුරවැසියන්ට මාර්තු 1 සිට කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයි

Generic placeholder image

මාර්තු මස 1 වැනිදා සිට වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩයට අයත් මෙරට සියලු පුරවැසියන්ට Covid-19 එන්නත් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ ඒ යටතේ මධ්‍යස්ථාන 4,000 කදී අදාළ එන්නත ලබා දීමට සැළසුම්කර ඇති බවයි.


Feb
7

කොවිඩ් ආසාදිත වී.ජ.මු ලොකුබණ්ඩාර IDH දැඩි සත්කාර ඒකකයට

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්කර ඇතැයි වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ සිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Feb
7

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වෙයි

Generic placeholder image

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තවත් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු තහවුරුකර තිබෙනවා. කොළඹ 15, වක්වැල්ල, වැලිමඩ, පමුණුගම සහ දුම්මලසූරිය යන ප්‍රදේශවලින් අදාළ මරණ වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 5 දෙනෙක්. ඔවුන් අවුරුදු 61ත් 84ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් […]


Feb
7

නව ආසාදිතයින් 410 දෙනෙක්

Generic placeholder image

නව ආසාදිතයින් 410 දෙනෙකු හඳුනානෙ ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 772ක් බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 807 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව […]


Feb
7

ඉන්දියාවේ ග්ලැසියර තට්ටු කිහිපයක් කඩා වැටී 150ක් මරුට – පිරිසක් අතුරුදන් (ඡායාරූප)

Generic placeholder image

ඉන්දියාවේ උත්තර්කාණ්ඩ්හි ග්ලැසියර තට්ටු කිහිපයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා. හිමාල කඳු මුදුනේ පිහිටි ග්ලැසියර තට්ටු කිහිපයක් එලෙස කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ ආශ්‍රිත ගංඟාවල ජල මට්ටම් ඉහළ යාමෙන් හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් එම පිරිස මියගොස් ඇති අතර ඉන් දේපළ රැසකට ද […]


News Articles
Latest Videos
Most Popular Post