News Line| Off Air
Generic placeholder image

Feb
9

174,193කට කොවිඩ් එන්නත ලබා දී අවසන්

Generic placeholder image

අද දිනය තුළ 6,431 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එන්නත ලබා දීම ආරම්භ කළ පසුගිය මස 29 වැනිදා සිට අද දක්වා කාලය තුළ මෙරට පුරවැසියන් 174,193 දෙනෙකුට එන්නත්කරණය සිදුකර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ. අදාළ තොරතුරු ඇතුළත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සකස් කළ වාර්තාව […]


Feb
9

කොවිඩ් ආසාදිත මරණ 5ක් වාර්තා වෙයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය ගිය තවත් පුද්ගලයින් 5 දෙනෙකු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තහවුරුකර තිබෙනවා. කපුලියද්ද, මොරටුව, කැටවල, කුරුණෑගල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු එලෙස මියගොස් තිබූ අතර ඔවුන් අවුරුදු 45ත් 81ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. එම මරණ 5 සමග […]


Feb
9

පාස්කු ප්‍රහාරයේ වාර්තා අසම්පූර්ණයි – නොපමාව තොරතුරු ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

Generic placeholder image

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ වාර්තා සහ තොරතුරු අසම්පූර්ණ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා. ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකර ප්‍රමාදයකින් තොරව අදාළ තොරතුරු ඉදිරිපත් කරන ලෙස ද නීතිපතිවරයා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.


Feb
9

නව ආසාදිතයින් 571 දෙනෙකු පෑලියගොඩ පොකුරට එක් වෙයි

Generic placeholder image

තවත් නව ආසාදිතයින් 571 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 66,796ක් ලෙසයි.


Feb
9

කොවිඩ් එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

Generic placeholder image

ජනමාධ්‍යවේදීන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක්කර තිබෙනවා. කොවිඩ් වසංගතය මෙරටට පැමිණි මොහොතේ සිට ඒ පිළිබඳ තොරතුරු ජනතාවට ලබා දෙමින් විශාල කාර්යයභාරයක නියැලෙන ඉදිරි පෙළ කණ්ඩායමක් වශයෙන් ඔවුන් ඉටු කරන ජාතික කාර්යය අඛණ්ඩව ඉටු කිරීම සඳහා අදාළ එන්නත ඔවුන්ට ලබා දීමට යෝජනා […]


Feb
9

තවත් 912 දෙනෙකු සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 912 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ ගණන 65,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 65,053ක් ලෙසයි.


Feb
9

පාසල් විවෘත කරන දින ප්‍රකාශයට පත් කෙරේ

Generic placeholder image

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 412ක් ලබන 15 වැනිදා විවෘත කිරීමට තීරණයකර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට යටත්වයි. එමෙන්ම දිවයිනේ සියලුම පාසල් මාර්තු 15 වැනිදා විවෘත කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ. ඊට අදාළ නිවේදනය පහතින් :


Feb
8

දෛනික ආසාදිත සංඛ්‍යාව 878ක් – මෙරට සමස්ත ආසාදිතයින්ගේ ගණන 70,000 පසු කරයි

Generic placeholder image

තවත් නව ආසාදිතයින් 364 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන්ගෙන් 345 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස වන අතර සෙසු 19 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් හඳුනා ගැනුණා. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් හඳුනා ගත් ආසාදිත ගණන 66,225 දක්වා ඉහළ ගියා. ඒ අනුව අද දිනයේ මේ […]


Feb
8

සුපිරි නළු “සූරියා” ටත් කොවිඩ් ආසාදනය වෙයි

Generic placeholder image

දකුණු ඉන්දීය ජනප්‍රිය දමිල රංගන ශිල්පියෙකු වන සරවනන් සිවකුමාර් හෙවත් “සූරියා” හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ තමන් මේ වනවිට කොවිඩ් 19 වෛරසය සඳහා ප්‍රතිකාර ලබන බවයි. එමෙන්ම මේ වන විට තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවත් සිය සටහන මගින් ඔහු පවසා තිබෙනවා. ඔහු […]


Feb
8

කොවිඩ් මරණ 9ක් වාර්තා වෙයි

Generic placeholder image

කොවිඩ් 19 වෛසරසය ආසාදනය වී මිය ගිය කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ 15, අනුරාධපුර, කුරුණෑගල, මීගමුව, කොළඹ 12, කයිට්ස්, හොරණ, ගුරුදෙණිය සහ මාවනැල්ල යන ප්‍රදේශවල පදිංචිව සිටි පිරිසක් එලෙස මිය ගොස් තිබුණා. ඔවුන් අවුරුදු 42ත් 95ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. අද වාර්තා […]


Feb
8

අපරාධ නඩු 26,749ක් අවසන්

Generic placeholder image

නීතිපති දෙපාර්තමේන්තුව යටතේ පැවැති අපරාධ නඩු 26,749ක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අවසන්කර තිබෙනවා. ඒ 2019 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට ඉකුත් වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලය තුළදීයි. එමෙන්ම නීතිපතිවරයා විසින් පුද්ගලයින් 14,000කට මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.


Feb
8

කැබිනට් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ ඇරඹෙයි

Generic placeholder image

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා. අදත් එම රැස්වීම පැවැත්වෙන්නේ සූම් තාක්ෂණය ඔස්සේයි.


News Articles
Latest Videos
Most Popular Post