News Line| Off Air
Generic placeholder image

Feb
7

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට සහ අනිද්දා ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රී 10 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට රාත්‍රී 10 සිට අඟහරුවාදා පස්වරු 4 දක්වා හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව මරදාන පාර, ඇලකන්ද යන ප්‍රදේශවලට සහ හැඳල පාරේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති. හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ […]


Feb
7

තවත් ආසාදිතයින් 362 හඳුනා ගනියි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 362 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 64,937ක්.


Feb
7

ප්‍රදේශ කිහිපයක් හෙට සිට හුදෙකලා බවින් ඉවතට

Generic placeholder image

හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත සහ වේළුවන පාර (දෙමටගොඩ) යන ප්‍රදේශත් පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම එලෙස හුදෙකලා බවින් ඉවත් වනු […]


Feb
6

මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 351 දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගියා. ඒ මීට සුළු මොහොතකට පෙර තවත් මරණ 8ක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමගයි. කොච්චිකඩේ, කඩවත, මොරටුව, කැළණිය, කොළඹ 14, කොළඹ 13, මහරගම සහ මුන්දලම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 8 දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා. ඔවුන් අවුරුදු 48ත් 85ත් […]


Feb
6

නව ආසාදිතයින් 383 දෙනෙකු හඳුනා ගැනේ

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 383 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 726ක්. මේ අතර වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි 1133 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව ගියා. ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ […]


Feb
6

බූස්සේ නිවසකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමු වෙයි – තවත් නිවසක කාන්තා මළ සිරුරක්

Generic placeholder image

බූස්ස – රූපීවල, මලිදූව ප්‍රදේශයේ නිවාස දෙකකින් කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු දෙකක් අද දහවල් පොලිසිය සොයා ගෙන තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුවයි. මලිදූව ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත්තේ 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් වන අතර පොලිසිය පැවසුවේ ඔහුගේ සිරුරේ කැපුම් තුවාල දක්නට තිබූ බවයි. ඒ හේතුවෙන් එම මරණය සැක සහිත බව ද […]


Feb
6

නව ආසාදිතයින් 343 දෙනෙකු පෑලියගොඩ පොකුරට එක් වෙයි

Generic placeholder image

නව ආසාදිතයින් 343 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 64,192 දක්වා ඉහළ ගියා.


Feb
5

අභාවප්‍රාප්ත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ බිරිඳටත් කොවිඩ් ආසාදනය වෙයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගිය විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ බිරිඳටත් වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ප්‍රතිකාර සඳහා මේ වනවිට ඇය අයි.ඩී.එච්. රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වන්නේ. කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය මෙරට දෙවැනි වෛද්‍යවරයා වන්නේ විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතායි. ඔහු මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින […]


Feb
5

අද 9,983 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දෙයි

Generic placeholder image

අද දිනය තුළ 9,983 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එන්නත්කරණය ආරම්භ කළ ඉකුත් 29 වැනිදා සිට මේ දක්වා කාලය තුළ 156,310 දෙනෙකුට එම එන්නත ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. අදාළ දත්ත ඇතුළත් කරමින් වසංගත රෝග විද්‍යා ඒකකය සකස් කළ වාර්තාව පහතින් […]


Feb
5

නව කොවිඩ් ආසාදිතයින් 393 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 393 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 729ක්. එමෙන්ම වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා අද දහවල් පුද්ගලයින් 894 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගියා. […]


Feb
5

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වෙයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය වැළඳී මිය ගිය තවත් සිව් දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. එම තොරතුරුවලට අනුව මිය ගොස් ඇත්තේ කොළඹ 3, නාවල, බගවන්තලාව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක්. ඔවුන් අවුරුදු 63ත් 89ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති […]


Feb
5

පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිත ගණන තවදුරටත් ඉහළට

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් 336 දෙනෙකු අද පස්වරුවේ හඳුනා ගැනුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ එලෙස හඳුනා ගත් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 63,456ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post