හෙට උදෑසන 6 සිට පැය 36ක කාලයක් කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ මීගමුව, ගල්කන්ද මංසන්ධිය වසා තබන බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ, දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අදාළ කොටස වසා තැබෙන බවයි. එම කාල සීමාව තුළ දුම්රිය ධාවනය සිදු කෙරෙන්නේ ද කටුනායක දක්වා පමණක් බවත් පොලිසිය දැනුම් දෙනවා.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි තවත් 894 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ එලෙස රෝහල්වලින් පිටව ගිය පිරිස සමග මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 61,461 දක්වා ඉහළ ගිය බවයි.
හිටපු අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ඇලෝෂියස් යන අය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. රවි කරුණානායක මහතාට අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දරන සමාගමක් නිකුත් කළ මුදල්වලින් නිවසක් මිල දී ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව අද කැඳවූවා. එහිදී මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් […]
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරනු ලැබ තිබෙනවා. අරවින්ද ද සිල්වා එම කමිටුවේ සභාපතිත්වය දරන අතර රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර එහි අනෙකුත් සාමාජිකයින් වනවා.
අතුරුගිරිය, වල්ගම ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ 82 හැවිරිදි කාන්තාවක් දූෂණයකර පළා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාවගේ දරුවන් දෙදෙනා වෙනත් නිවෙස්වල පදිංචිව සිට ඇති අතර ඇය වල්ගම ප්‍රදේශයේ පිහිටි නිවසේ තනිව වාසයකර තිබුණා. එම කාන්තාවගේ නිවස අසල පිහිටි කුඩා කඩ කාමරයක් කුලියට දීමට ඇති බවට පළකර තිබූ දැන්වීමකට අනුව ඒ පිළිබඳ තොරතුරු දැන […]
15 වැනි සියවසේ සිදු වූ යුරෝපා ජාතීන්ගේ ආක්‍රමණයත් සමඟ වසර 153ක කාලයක් ඔවුන්ගේ පාලනයට නතුව සිටි අප රට බටහිර යටත් විජිතකරණයෙන් නිල වශයෙන් නිදහස් වන්නේ 1948 වසරේ පෙබරවාරි මස 4 වැනිදා, එනම් අද වන් දිනකදීයි. සියවස් ගණනාවක් මෙරට රාජ්‍යත්වය කේන්ද්‍රකර ගනිමින් සුසැඳි පාලන තන්ත්‍රයකින් හෙබි ශ්‍රී ලංකාව බටහිර යටත්විජිතකරණයෙන් පසු දැවැන්ත පරිවර්තනීය වෙනසකට භාජනය වුණා. […]
අද දිනය තුළ 21,147 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ඉකුත් 29 වැනිදා සිට මේ දක්වා එම එන්නත ලබා දුන් මෙරට සමස්ත සංඛ්‍යාව 139,914ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ. ඒ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය සකස් කළ ප්‍රගති වාර්තාව පහතින් :
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 357 දෙනෙකු හඳුනා ගැනීමත් සමග දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 711 දක්වා ඉහළ ගියා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එලෙස හඳුනා ගත් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිත සංඛ්‍යාව […]
මෙරට සිදු වූ කොවිඩ් මරණ ගණන 332 දක්වා ඉහළ නංවමින් තවත් මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. වල්ගම්මුල්ල, දේවාලපොල, මීගමුව සහ යටියන්තොට යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක් ඇතුළු සිව් දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා. ඔවුන් අවුරුදු 66ත් 89ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය […]
හෙටට යෙදෙන 73 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් පිරිනැමෙන විශේෂ ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් පිරිසකට නිදහස දීමට තීරණයකර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව රැඳවියන් 146 දෙනෙකු හෙට එලෙස නිදහස් කිරීමට නියමිත බවයි.
වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන්ට මෙන්ම අවුරුදු 30ත් 60ත් අතර වයස් සීමාවන්වල පසු වන්නන්ට ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා දීමට රජය තීරණයකර තිබෙනවා. කොවිඩ් ආසාදිතයින්ගේ දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ වැඩි වශයෙන් රෝගී වී ඇත්තේ වයස අවුරුදු 30 සිට 60 දක්වා අතර පිරිසට බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් 354 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන් ගණන 66,000 සීමාව ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 66,052ක් ලෙසයි.