News Line| Off Air
Generic placeholder image

Feb
3

ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂවරුන්ට අධි චෝදනා ගොනු කරයි

Generic placeholder image

ස්වර්ණමහල් ජුවලර්ස් පෞද්ගලික ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ තිබෙනවා. ඒ, වලංගු බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම හේතුවෙන්.


Feb
3

UNHRC ය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව මෙරට රජය ප්‍රතික්ෂේප කරයි

Generic placeholder image

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව හිමකම් කඩ වී ඇති බවට ඉරිපත්කර ඇති වාර්තාව මෙරට රජය ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දන්වා යවා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් පහතින් : “එහි අන්තර්ගතය […]


Feb
3

ශානි අබේසේකර යළි රිමාන්ඩ්

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු තිදෙනා ලබන 17 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ගිනි අවි සම්බන්ධ සිද්ධියකට සාක්ෂි වසන්කර අධිකරණය නොමඟ යැවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔහු සහ අනෙක් දෙදෙනා මෙලෙස බන්ධනාගාරගත කෙරුණා.


Feb
3

නිදහස් දින සැමරුම වෙනුවෙන් හෙට කොළඹ වාහන ධාවනයට විශේෂ සැළැස්මක්

Generic placeholder image

හෙට පැවැත්වෙන 73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය හේතුවෙන් කොළඹ නිදහස් චතුරස්‍රය අවට වාහන ධාවනය සඳහා විශේෂ සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, හෙට උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුළ නිදහස් චතුරශ්‍රය අවට වාහන ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කෙරෙන බවයි. ඒ අනුව නෙළුම් පොකුණ […]


Feb
3

ලහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්නට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට ද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඊයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලින් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි. ඒ අනුව එළඹෙන ශ්‍රී ලංකා – බටහිර […]


Feb
3

කොවිඩ් ආසාදනය වී සිටි 840 දෙනෙකු සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි රෝගීන් 840 දෙනෙකු සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 59,883ක් ලෙසයි.


Feb
2

කොවිඩ් 19 එන්නත ලබා ගත් පිරිස ලක්ෂය ඉක්මවයි

Generic placeholder image

ඉකුත් 29 වැනිදා සිට අද දක්වා දින 5ක කාලය තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂය ඉක්මවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ, අද දිනය තුළ 23,217 දෙනෙකුට එම එන්නත ලබා දීමත් සමගයි. ඒ අනුව අදාළ එන්නත ලබා දුන් මෙරට සමස්ත සංඛ්‍යාව 118,767ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ.


Feb
2

අදත් කොවිඩ් ආසාදිත මරණ 7ක් – අවුරුදු එකහමාරක දරුවෙකුත් ඒ අතර

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය ගිය 7 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එලෙස මිය ගොස් ඇත්තේ වැලිගම, කොළඹ 15, වත්තේගම, නිට්ටඹුව, ගෙලිඔය, කොළඹ 2 සහ රාගම යන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු එකහමාරක් වයසැති දරුවෙක් ඇතුළු 7 දෙනෙක්. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ ගණන 330ක්. අදාළ මරණ පිළිබඳ […]


Feb
2

තවත් ආසාදිතයින් 354 දෙනෙකු හඳුනා ගැනේ

Generic placeholder image

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 354 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනා ගත් ආසාදිතයින් ගණන 715ක්. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ අද දිනයේ හඳුනාගත් සියලු ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව […]


Feb
2

කොවිඩ් ආසාදිතව මියගිය වෛද්‍ය ගයාන්ගේ අවසන් කටයුතු ගාල්ලේදී සිදු කෙරේ (ඡායාරූප)

Generic placeholder image

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට සිදු වූ පළමු වෛද්‍ය මරණය වාර්තා කරමින් අද උදෑසන මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඔහුගේ දේහය ආදාහනයකර තිබුණේ, ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමියේදීයි. රාගම ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව […]


Feb
2

කොවිඩ් ආසාදනය වූ අවුරුද්දක් වයසැති දරුවෙකු මියයයි

Generic placeholder image

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙකු කොවිඩ් 19 වෛසරය ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා. ඔහු පැවසුවේ රෝහලට ඇතුළත් කරන විටත් ඔහුට සෙම සහ උණ අපහසුතා තිබීම හේතුවෙන් ඉතා අසීරු තත්ත්වයේ පසු වූ බවයි. ඒ හේතුවෙන් එම දරුවා දැඩි සත්කාර ඒකකය වෙත යොමුකර ඇති අතර එහි […]


Feb
2

නව ආසාදිතයින් 361 දෙනෙකු හඳුනා ගනියි – 968 දෙනෙකුට සුවයි

Generic placeholder image

නව කොවිඩ් ආසාදිතයින් 361 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,344ක්. මේ අතර කොවිඩ් ආසාදනය වී සිට සුවය ලැබූ පුද්ගලයින් 968 දෙනෙකු අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ ගණන 59,000 ඉක්මවා ගියා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 59,043ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post