ලොවම කම්පා කරමින් හදිසියේ ගින්නකට අසු වූ නොත්‍ර දාම් දේවස්ථානය පැවතියාටත් වඩා ඉතා ආකර්ෂණීය ලෙස වසර 5ක් තුළ ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍රකාශ කරනවා. මෙම ගොඩනැගිල්ල වසර 850 ක් පමණ පැරණියි. ඉන් ඊට විශාල ලෙස හානි සිදු වුණා.
දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලැබීමත් සමඟ ශ්‍රි ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පිටියෙන් සමුගැනීමට නියමිතව තිබෙන බවට වූ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන පුවත අසත්‍ය බව ලසිත් මාලිංග ප්‍රකාශ කරනවා.
ICC නිල ෆේස්බුක් පිටුව දිමුත්ගේ කවරෙන් සැරසී තිබෙන අයුරු දැකගන්නට හැකි වුණා.
මෙවර අලුත් අවුරුදු සමයේදී සිද්ධි 13කදී පුද්ගල ඝාතන 15ක් ගැන වාර්තා වන බව පොලිසිය සඳහන් කරනවා.
https://youtu.be/ItOhdPT2xNI
දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමක් සමඟ බුකියේ ඇති වූ උණුසුම් මුදා හැරීම් කිහිපයක්ම දැකගන්නට පුළුවන් වුණා.
2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියට සහභාගී වන එංගලන්ත සංචිතය ඊයේ ප්‍රකාශයට පත් කර තිබුණා. එම සංචිතයට මේ දිනවල ඓඵ්ළ් පිටියේ සුපිරි දක්ෂතා දක්වන බාබඩෝස් ජන්ම ලාභියෙක් වී එංගලන්ත පුරවැසියෙක් බවට පත් වූ ජෝෆ්රා ආර්චර් නම් කර නොමැති වීම පිළිබදව කාගේත් අවධානය යොමුව තිබෙනවා. ඉයන් මෝර්ගන්ගේ නායකත්වයෙන් ලෝක කුසලානයට පිවිසෙන 15 දෙනෙක් සමන්විත එංගලන්ත සංචිතයට උප […]
උත්සව සමයේ ගත වූ දින 12 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 320 ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක වැඩිවීමක් බවයි. එම කාලසීමාව තුළ වාහන ලක්ෂ 12 කට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් […]
ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් දෙදෙනකු ජපානයේදී නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව ශ්‍රී ලංකා වේලාවෙන් අද(18) අළුයම ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පිහිටි නාසා අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයෙන් ගුවන් ගතකර තිබෙනවා. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සිසුවා සහ දුලානි චාමිකා විතානගේ සිසුවිය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබෙනවා. එය නිපදවා ඇත්තේ ජපානයේ ක්යූෂු තාක්ෂණික අධ්‍යයන […]
IPL තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් චෙන්නායි කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුළු 06ක ජයක් ලැබීමට සන්රයිසස් කණ්ඩායම සමත් උනා. මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී කඩුළු 05ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 132ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 5ක් තුලදී නියමිත ඉලක්කය පසුකරයමින් තරගයේ ජයග්‍රාහණය තමන් […]