ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් එකම වේදිකාවකට කැඳවීමට සියලූ කටයුතු සූදානම් බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. එම අපේක්ෂකයන් ලබන මස 05 වන දා සුගතදාස කි‍්‍රඩාංගනයට කැඳවන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ. වැඩ සටහන සජීවීව විකාශය කිරීමට සැලසුම් කර තිබෙනවා. එදින ජනාධීපතිවරණ අපේක්ෂකයන් මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ආකාරය ගැන අපේක්ෂකයන්ගේ පොරොන්දු ලබා ගැනිමට […]
අබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාව 14 වන දිනටත් අද ක‍්‍රියාත්මකයි. රණවිරුවන් දෙදෙනෙකු ඊයේ රාත‍්‍රියේ සිට අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කලා. පසුගිය 11 වනදා මෙම විරෝධතාව ආරම්භ වුනේ තමන් මියගිය පසු භාර්යාව හෝ පවුලේ ඥාතියෙකුටද අදාළ විශ‍්‍රාම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින්. සියලූ ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට රජය ඊයේ තීරණය කලා […]
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට යළි තමා සමග එක්ව කටයුතු කරන ලෙස නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලීමක් කර සිටිනවා. ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ තිස්ස අත්තනායක මහතා පක්ෂය අසීරු අවස්ථාවල ශක්තියක් වු බවයි. විවිධ මතවාද හේතුවෙන් පක්ෂය හැර ගිය සියලූ පළාත් සභා / පළාත් පාලන නියෝජිතයින් ඇතුලූ ක‍්‍රියාකාරීන්ටද […]
දිස්ත‍්‍රික්ක 08 කට බලපා ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 79 959 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අයහපත් කාලගුණයෙන් මෙලෙස බලපෑම් එල්ල වී ඇත්තේ ගාල්ල මාතර හම්බන්තොට කලූතර කොළඹ ගම්පහ නුවර හා කෑගල්ල දිස්ත‍්‍රික්ක වලටයි. ආපදා තත්වයෙන් පවුල් 3 696 කට අයත් පුද්ගලයින් 14 899 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 16 ක රදවා සිටිනවා. පුද්ගල මරණයක් […]
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අනුමැතිය අද [24] රාත්‍රියේ පළවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා. මේ […]
මහනුවර දළදා පෙරහැරේ ගමන් කිරීම නිසා වඩාත් මතභේදයට තුඩු දුන් රෝගාතුරව සිටි වයෝවෘද්ධ ටිකිරි ඇතින්න අද පස්වරුවේ කෑගල්ල රන්දෙනිය ප්‍රදේශයේදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුන් නිවුන් දරු සම්පතක සෙනෙහස උරුම වී ඇති එහෙත් එම දරුවන් හදා වඩා ගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටි මව් පිය යුවළ දෙපළක් වෙනුවෙන් සහන සළසමින් මුදල් පරිත්‍යාග සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරුණා. කුඩා තුන් නිවුන් දරුවන් තිදෙනෙකුගේ මවක් වන වත්තල, හැදල ප්‍රදේශයේ පදිංචි මුදිතා ධනංජනී එදිරිවීර […]
යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපටම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. අද (24) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආබාධිත රණවිරුවන් ජීවත්ව සිටින තෙක් මෙම ගෙවීම […]
දෙමටගොඩ සිට බොරැල්ල දෙසට බේස්ලයින් මාර්ගය එක් මංතීරුවක් මේ වන විට අවහිර වී තිබෙනවා. අබාධිත රණවිරුවන්ගේ විරෝධතාවය හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
බෙලිඅත්ත – කොළඹ දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද සිට ක්‍රියාත්මක වනවා. මෙම දුම්රිය පස්වරු 3 ට මරදානෙන් පිටත්වන අතර, එය පස්වරු 6.05 ට බෙලිඅත්තට ළඟාවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා. අලූයම 2.15 ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය අලූයම 5.10 ට මරදානට ළඟාවනු ඇති. දුම්රිය අලූත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, වැලිගම, […]
2018 ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුලත් කර ඇති මියගිය සහ විදෙස්ගත ඡන්ද දායකයින්ගේ තොරතුරු ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සදහා 2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය යොදා ගැනෙණ අතර එහිදී ඡන්ද අවභාවිතය වැලැක්වීම සදහා මියගිය හා විදෙස්ගත ඡන්ද දායකයින්ගේ තොරතුරු ලබා ගැනීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ […]
අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දීමට පොලිසිය හදිසි දුරකථන අංක දෙකක හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 0112 587229 සහ 0112 2454576 යන අංකයන් ඔස්සේ විපතට පත් ජනතාවට පොලිසියට ඒ සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඊට අමතරව විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් ජීවිතාරක්ෂක සහ ආපදා […]