News Line| Off Air
Generic placeholder image

Sep
24

ලෝටස් පාර වැසෙයි

Generic placeholder image

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, ලෝටස් පාර තාවකාලිව වසා දමා තිබෙනවා. විශ්‍රාම වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ විරෝධතා ක්‍රියාමාර්ගය අද(24) 14 වන දිනටත් පැවැත්වෙනවා. අධික වර්ෂාවද නොතකමින් ඔවුන් කොටුව දුම්රියපොල ඉදිරිපිට මෙම විරෝධතාවයේ නිරතව සිටින අතර විරෝධතාව සදහා ආබාධිත රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටින බව සදහන්. විරෝධතාවයේ නිරත […]


Sep
24

ගනේමුල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

Generic placeholder image

ගනේමුල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයකට හෙට (25) පැය 18 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ, කඩවත පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව පළමු අදියර යටතේ හෙට පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කඩවත – ගණේමුල්ල මාර්ගයේ කොස්හින්න සිට කිරිදිවැල දක්වා සියළුම අතුරු මාර්ග […]


Sep
24

සත්‍යග්‍රහයේ නිරත විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම්වලට ධනාත්මක තීන්දුවක්

Generic placeholder image

සත්‍යග්‍රහයේ නිරත විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම්වලට ධනාත්මක තීන්දුවක් ලැබෙනු ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. අද පැවති අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කෙසේ වෙතත් පවතින අධික වර්ෂාව මධ්‍යයේත් විශ්‍රාමික ආබාධිත රණවිරුවන් තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වෙමින් සිටිනවා.


Sep
24

එජාප යේ විශේෂ සාකච්ඡාවක් අද

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. පස්වරු 2ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක දෙකේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගි වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ට ද දැනුම් දී ඇති බව වාර්තා වනවා. එමෙන්ම අද රාත්‍රි 7ට අමාත්‍ය රංජිත් මද්දුම […]


Sep
24

ජීවිත 417 කගේ ජීවිත නාවික හමුදාව බේරා ගනියි

Generic placeholder image

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී තිබෙනවා. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිලවා ගේ උපදෙස් මත පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් විවිධ ප්‍රදේශවල මේවන විට අනුයුක්ත කර තිබෙන බව නාවික හමුදාව පවසනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, බද්දේගම, උඩුගම, පෝද්දල, ඉමදුව, නාගොඩ යන ප්‍රදේශවල […]


Sep
24

පැය 03කට කලින් ගුවන් තොටුපළට එන්න – ගුවන් මගීන්ට දැනුම්දීමක්

Generic placeholder image

පවතින අධික වර්ෂාව හේතුවෙන් පැය 3කට පෙර කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ලෙස එහි පාලනාධිකාරිය මගීන්ට දැනුම් දී තිබෙනවා. වර්ෂාව පැවතුන ද ගුවන් මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බැවින් ඊට සහයෝගය දැක්වීම සඳහා පැය 3කට පෙර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයට පැමිණෙන ලෙස ඔවුන් මගීන්ගෙන් ඉල්ලා සිටිනවා. කටුනායක ප්‍රදේශයෙන් ඊයේ (23) පෙරවරු 8.30 සිට අද […]


Sep
24

පුද්ගල පරිහරණය සඳහා වාහන ආනයනය කල අයට සහන කාලයක්

Generic placeholder image

2015 සිට 2017 නොවැම්බර් මස දක්වා කාලපරිච්ඡේදය තුළ පුද්ගල පරිහරණය සඳහා ආනයනය කර එහෙත් මෙතෙක් නිශ්කාශනය කරගත නොහැකිව හම්බන්තොට වරායේ රඳවා ඇති වාහන අයිතිකරුවන් හට එම වාහන නිශ්කාශනය කිරීම සඳහා සහන කාලයක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, තම පුද්ගලික පරිහරණය සඳහා තනි පුද්ගලයන් විසින් ආනයනය කිරීම සහ අදාළ ණයවර ලිපි ඔවුන්ගේ නමින් විවෘත […]


Sep
24

නාය යෑම් පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක්

Generic placeholder image

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑම් පිළිබද පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව නාය යෑමේ අවධානම දැඩිව පවතින ප්‍රදේශ ලෙස කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල , වලල්ලාවිට , මතුගම, අගලවත්ත යන ප්‍රදේශ වලත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදුව , බද්දේගම යන ප්‍රදේශ දක්වා ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය […]


Sep
24

ගිං ගඟේ ජල මට්ටම ඉහළට

Generic placeholder image

මේ වන විට ගිං ගඟේ ධාරා ප්‍රදේශයේ බද්දේගම ජල මිණුම් ස්ථානයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටම දක්වා ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එබැවින් පහල ධාරා ප්‍රදේශයේ ගඟ දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවධානයෙන් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි. අද(24) පෙරවරු 10 න් […]


Sep
24

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට දින නියම කරයි.

Generic placeholder image

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා දින නියම කර ඇති බවයි. එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහා නොවැම්බර් මස 01වනදා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර ඇත. තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ වන විට සිදුවන අතර එය සැප්තැම්බර් මස 30 […]


Sep
24

පවතින තද වැසි පිලිබදව රතු නිවේදනයක්

Generic placeholder image

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ‍නිවේදනය කරන්නේ දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මෙම තත්ත්වය හෙට(25) රාත්‍රී කාලය දක්වා තවදුරටත් පවතිනු ඇතැයි වැඩිදුරටත් එම නිවේදනයේ දැක්වෙයි. බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවත්, වයඹ, උතුර, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් […]


Sep
24

අධික වර්ෂාපතනයත් සමඟ කොළඹ මාර්ගවල ගමනාගමනයට බාධා

Generic placeholder image

කොළඹ තදාසාන්න ප්‍රදේශ කිහිපයක මාර්ගවල ගමනාගමනයට පවතින අධික වර්ෂාපතනයත් සමඟ බාධා එල්ල වී ඇති වාර්තාවේ. ඊයේ (23) රාත්‍රී සිට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව පොලීසිය සදහන් කළේය. ඒ අනුව කොටහේන ජේතවන පංසල ඉදිරිපිට ආමර්වීදිය, බාබර් වීදිය ප්‍රදේශය, කොටහේන බ්ලුමැන්ඩල් පාර සෙන් ජේම්ස් වීදිය, කොටුව රෙක්ලමේෂන් පාර ජින්තු පිටිය […]


News Articles
Latest Videos
Most Popular Post