News Line| Off Air
Generic placeholder image

Sep
24

අධිකරණ නියෝගය නොතැකු අය අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා උතුරේ නීතිඥවරුන් වර්ජනයක

Generic placeholder image

වර්ජනය සම්බන්ධයෙන් උතුරු පළාත් නීතිඥ සංගමයේ නියෝජිත ජ්‍යේෂ්ඨ නීතිඥ ඇන්ටන් පුලිදනායගම් මහතා පවසා ඇත්තේ අධිකරණ නියෝගය නොතකා ගොස් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාර භූමියේම අදාහනය කිරීමට කටයුතු කළ ගලගොඩඅත්තේ ඥානසාර නාහිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීම් කරමින් උතුරු පළාතේ නීතිඥවරුන් අද(24) සේවයෙන් බැහැරව කටයුතු කරන බවයි.  අද උදෑසන 11.00 ට මුලතිව් ම‍හේස්ත්‍රාත් අධිකරණය […]


Sep
24

අධිවේගී මාර්ගවල වේගය සීමා කරන ලෙස ඉල්ලීමක්

Generic placeholder image

දැනට පවතින අධික වර්ෂාවත් සමඟ අධිවේගි මාර්ගවල ගමන් ගන්නා රථවාහනවල වේගය පැයට කිලෝ මිටර් 60ක් දකවා සීමා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා ඇත.


Sep
23

දිල්රුක්ෂි ඩයස් ගැන අගමැති පහදයි

Generic placeholder image

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකට පත් කරන ලෙස ඉල්ලා තමන් කිසිදු අවස්ථාවක ලිපි යොමු කර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා. මේ අතර, සංචාරක ව්‍යාපාරය පිළිබදව සී.එන්.එන්. මාධ්‍යවේදී රිචඞ් ක්වෙස්ට් මෙහෙය වූ සම්මුඛ සාකච්ඡාවකට ද […]


Sep
23

තවත් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අවදානම් නිකුත් කරයි

Generic placeholder image

පවතින අධික වර්ශාපතනයත් සමඟ රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලටද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. කලවාන ප්‍රදේශයට ඉකුත් පැය 24 තුළ මිලිමීටර 75 කට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් හෙට (24) රාත්‍රි 7 දක්වා බලපැවැත්වෙන පරිදි එම අවදානම් නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා. කළුතර, […]


Sep
23

සජිත් ජනපති විමර්ශන කොමිසම හමුවේ පැය 7ක් සාක්ෂි දෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද පැය 7 කට වැඩි කාලයක් 2015 – 2018 වසර වල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදුන්නා. නිවාස සංවර්ධන අධිකාරියට පසුගිය වසර 3 ක කාලය තුළ නිසි අනුමැතියකින් තොරව ප්‍රමාණය ඉක්මවා සේවකයින් බඳවා ගත් බවට එහි ශ්‍රී […]


Sep
23

වැස්ස නිසා හෙට සහ අනිද්දා ගාල්ල සහ මාතර සියලු පාසල් වසයි

Generic placeholder image

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (25) යන දිනයන්හිදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර නියෝග කර තිබෙනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද (23) රාත්‍රියේ දී දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත් වලට මිලිමීටර් 200 ඉක්මවූ වැසි ඇති වනු ඇති බවයි. එමෙන්ම වයඹ, […]


Sep
23

ගාල්ල – වඳුරඹ ප්‍රදේශයේ නාය යාමක්

Generic placeholder image

ගාල්ල, වඳුරඹ ප්‍රදේශයේ නාය යාමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. වඳුරඹ පොලිස් වසමේ නාවල, කොකාවල ප්‍රදේශයේ නිවෙස් දෙකක් මෙලෙස නාය යාමට හසුව ඇති අතර එම නිවෙස් දෙකේ සිටි එක් කාන්තාවක් නිවස තුල පස් වලට යටවී සිටියදී සොයා […]


Sep
23

මහ වැස්සක් ගැන කාළගුණයෙන් අනතුරු අගවයි

Generic placeholder image

ඉදිරි පැය 24 ක කාලය තුළ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාවලටද මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. දිවයිනේ දැනට පවතින […]


Sep
23

අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට කටුවන ප‍්‍රදේශයේ දී වෙඩි

Generic placeholder image

කටුවන ප‍්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. පොලීසිය පැවසුවේ ප‍්‍රදේශයේ ගවයෙකු සොරකම් කිරීමක් සම්භන්ධයෙන් ලද පැමිණිල්ලක විමර්ශන අතරතුර මෙම වෙඩි තැබීම සිදු වූ බවයි. අදාළ විමර්ශන සදහා පොලීසිය ඊයේ රාත‍්‍රියේ හොරේවෙල හංදිය ප‍්‍රදේශයේ රැදී සිට තිබුණා. එහිදී මාර්ගයේ ධාවනය වු මෝටර් රථයකට නවත්වන ලෙසට සංඥා කල ද එය අණ […]


Sep
23

විධායක සේවා නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

Generic placeholder image

විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීමට හෙට (24) දිනයේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට කටයුතු නොකළහොත් 25 වැනිදා සිට වෘත්තීමය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා. තෝරාගත් පිරිසකට වැටුප් වැඩි කිරීමත් සමග විධායක සේවා නිලධාරීන්ට මෙම ගැටලුව ඇති වී තිබෙන බව එම සංගමයේ ලේකම් එච්.එල්. උදයසිරි මහතා කියා සිටියා. […]


Sep
23

මස්කෙළිය ප්‍රදේශයේ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 20ක් රෝහලට

Generic placeholder image

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක්ගෙන් වතු කම්කරුවන් 20 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ඔවුන් මස්කෙළිය පොලිස් වසමට අයත් තේ වතු 2ක තේ දළු නෙලමින් සිටින අතරතුර මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව සදහන්. මස්කෙළිය ගවරවිල වතුයායේ සහ මස්කෙළිය සාමිමලේ යන තේ වතුවල වැඩ […]


Sep
23

සෞදි ප‍්‍රහාරය බරපතලයි – එක්සත් අරාබි එමීර් රජයෙන් ප‍්‍රකාශයක්

Generic placeholder image

සෞදියට ඩ්‍රෝන ප‍්‍රහාර දෙකක් එල්ල කිරීම ඉතා බරපතල තත්වයක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පවසනවා. එහි විදේශ කටයුතු අමාත්‍ය අන්වර් ගර්ගාෂ් මේ බව සදහන් කලේ සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. යේමන යුද්ධයේ ප‍්‍රතිඵල මත මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බව පිලිගත නොහැකි බව ද ඔහු සදහන් කලා. ගල්ෆ් කලාපය තුළ අණාරක්ෂිත බව වර්ධනය වෙමින් […]


News Articles
Latest Videos
Most Popular Post