News Line| Off Air
Generic placeholder image

Sep
8

73ක වයසැති ඉන්දීය මවක් දරුවන් දෙදෙනෙකු බිහි කරයි

Generic placeholder image

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ජීවත් වන අවුරුදු 73ක් වන කාන්තාවක් බිළිඳියන් දෙදෙනෙකු ප්‍රසූත කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. පියාට අවුරුදු 82 වන බව පැවසෙන අතර මන්ගායම්මා යාරාමතී වන මව සහ 82 හැවිරිදි සීතාරාමා රාජාරාඕ විවාහ වූ දිනයේ සිටම දරුවන් බලාපොරොත්තුවෙන් සිටියත් එම දරු පල සිහිනය සැබෑ කර ගැනීමට හැකිව ඇත්තේ වයස් ගත වීමෙන් පසුවයි. […]


Sep
8

ජනපති සටනට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය නව මුහුණුවරකින්

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක නව ලකුණකින් සහ තරග වදින පක්ෂයේ නමත් නව මුහුණු වරකින් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව සිය ජන්ද ලකුණ සහ තරග වදින පක්ෂයේ නම ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනතාවට ඉදිරිපත් කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. එමෙන්ම ජනතා විමුක්ති […]


Sep
8

ගෝඨාභයගේ රට ගොඩ නගන ඉදිරි දැක්ම අද එළිදැක්වේ

Generic placeholder image

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් වියත්මග සංවිධානයේ මහා සමුළුව අද පැවැත්වෙනවා. ඒ කොළඹදීය. ඒ අනුව මෙහිදී ගෝඨාභය රාජපක්‍ෂ විසින් රට ගොඩ නගන සිය ඉදිරි දැක්ම ද එළිදැක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Sep
8

පාකිස්තානු සංචාරයට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් දෙගිඩියාවෙන්

Generic placeholder image

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස අවසානයේදී එක්දින තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගිවීම සඳහා එළඹෙන 25 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මේ තරග සංචාරය සදහා එක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් වන ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග යන ක්‍රීඩකයින් සිය අකමැත්ත පළ කර තිබෙන බව […]


Sep
8

තේරිම් කාරක සභාව ජනපතිගේ ප‍්‍රකාශය ලබා ගන්නා දිනය තීන්දු කරයි

Generic placeholder image

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කල තේරීම් කාරක සභාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් දිනයක් වෙන්කරදී තිබෙනවා. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ ලබන 20 වනදා පෙරවරු 10 00 ට ප‍්‍රකාශය ලබා ගැනීම සඳහා තේරිම් කාරක සභාවේ සාමාජිකයින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන බවයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය […]


Sep
8

තලේබාන් සාම ගිවිසුම අවලංගු කරන බවට ඇමෙරිකා ජනපතිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

තලේබාන් සංවිධානය සමඟ ඇති කරගත් සාම ගිවිසුම අවලංගු කළ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන්කර තිබුණේ තලේබාන් නායකයින් සමග සාකච්ඡ කිරීමට තමන් සූදානම් බවයි. නමුත් කාබුල් නුවරදී පසුගිය 04 වනදා ඇමරිකා භටයෙකු ඇතුලූ පිරිසක් ඝාතකය කිරීමේ වගකීම භාර ගැනීමත් සමග තලේබාන් සංවිධානය සමග සාකච්ඡුා නතරකර දැමීමට ට්‍්‍රම්ප් තීරණයකර ඇති […]


Sep
8

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැදවීමක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය සාකච්ඡාවක් සඳහා හෙට කැඳවා තිබෙනවා. පාකිස්තානු සංචාරය පිළිබද මෙහිදී සාකච්ඡ කරන බවයි ශ‍්‍රී ලංකා තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා සඳහන් කළේ. අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට අපරාධ චෝදනා එල්ල කිරීම ඉතාම බරපතල තත්ත්වයක් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගම්පහ ප‍්‍රදේශයේ පැවති […]


Sep
8

මැතිවරණ ආරක්ෂාවට පොලිසියෙන් ප‍්‍රධානියෙක්

Generic placeholder image

මැතිවරණ භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා. ජේ්‍යෂඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා මේ වන විට කටයුතු කරන්නේ බස්නාහිර පලාත හා රථ වාහන දිසාව භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත වහාම ක‍්‍රියාත්මක වන පරිදි මැතිවරණ රාජකාරි ආවරණය කිරීම සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති […]


Sep
8

පරිපාලන සේවා නිලධාරින් ලබන සතියේ ලෙඩ වෙයි

Generic placeholder image

ශ‍්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. ඒ පරිපාලන නිළධාරීන් මුහුණ දී ඇති ගැටලූ සදහා බළධාරීන්ගෙන් විසදුම් ලබා ගැනීම අරමුණු කරගනිමින්. ලබන 10 වනදා සහ 11 වනදා අසනීප නිවාඩු වාර්තා කරන බවයි ශ‍්‍රි ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කළේ ලබන 11 වනදා රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් ද […]


Sep
8

ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය නාමයෝජනා භාරදීමෙන් පසු

Generic placeholder image

ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදීමෙන් පසු එළිදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා සදහන් කළේ ඒ සදහා විශේෂ කමිටුවක්ද පත් කර ඇති බවයි.ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙෂ නම් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතායි.


Sep
8

ත්‍රස්තවාදීන්ට නිදැල්ලේ සිටීමට ඉඩ නොතබන බව යුද හමුදාපති කියයි

Generic placeholder image

ත‍්‍රස්ත‍්‍ර ක‍්‍රියාකාරකම් වලට සහය දුන් කිසිවෙකුට නිදැල්ලේ සිටිමට අවස්ථාව ලබා නොදෙන බව යුධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුධ හමුදාපතිවරයා මේ බව කියා සිටියේ මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණයේ පැවති දියකාවා යුධ අභ්‍යාසයේ අවස්ථාවක් නැරමීමට එක්වෙමින්.දියකාවා යුධ අභ්‍යාසය පසුගිය තුන්වනදා ආරම්භ වු අතර එය ලබන 23 න් වනදා තෙක් පැවැත්වීමට නියමිතයි.


Sep
7

කාබුල් නුවර බෝම්බ ප්‍රහාරයකින් 12 ක් මරුට

Generic placeholder image

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවු බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජනපද සේවා හමුදා සාමාජිකයෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය අය අතර රුමේනියානු හමුදා සෙබළෙකුද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම ප්‍රහාරය තලෙයිබාන් සංවිධානය විසින් සිදුකරන්නට ඇතිබවට සැක පළ කෙරෙන අතර මියගිය එක්සත් ජනපද හමුදා සේවා සාමාජිකයා 2017 වසරේ සිට ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක කටයුතුවල නිරත වී සිට […]


News Articles
Latest Videos
Most Popular Post