News Line| Off Air
Generic placeholder image

Sep
7

අගමැති මෝදි අභ්‍යවකාශ ප්‍රධානියා සනසයි

Generic placeholder image

ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහනෙහි හොඳම දේ ඉදිරියේදී ලැඛෙනු ඇතැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. අසාර්ථක වීම් හමුවේ එය නතර කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව බැංගලෝර් නුවර පිහිටා ඇති ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිට ජාතිය අමතමින් ඔහු සඳහන් කළා. චන්ද්‍රයා මතුපිට ගොඩබැස්වීම පිණිස යවනු ලැබූ චන්ද්‍රයාන්-2 යානය සෙඳහි පෘෂ්ඨයට කිලෝමීටර් 2 ක් පමණ දුරක් ඉතිරිය තිබියදී සන්නිවේදන […]


Sep
7

අගමැති රනිල් සමග සජිත් හෙට විශේෂ සාකච්ඡාවක්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් අද කොළඹට කැදවා තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරා මහතා පැවසුවේ, පළාත් පාලන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විශේෂ සම්මේලනයක් සඳහා ඔවුන් කැදවා ඇති බවයි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී සම්මේලනය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් […]


Sep
7

පුජා භූමි 75 කට ඉඩම් ඔප්පු

Generic placeholder image

පුජාභූමි සංකල්පය යටතේ 2015 වසරේ සිට මේ දක්වා බෞද්ධ සිද්ධස්ථාන 355 කට පුජාභූමි ඔප්පු ප‍්‍රදානය කර තිබෙනවා. ඉඩම් අමාත්‍යංශය සදහන් කලේ ලබන මස 10 වනදා තවත් පුජා භූමි ඔප්පු 75 ක් ප‍්‍රදානය කරන බවයි. එම උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ඉඩම් අමාත්‍යංශයේ සහ ඉඩම් දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වනවා. ඉදිරියේදීත් […]


Sep
7

ශ්‍රීලනිප ය සමග ඊයේ පැවති සාකච්ඡා සාර්ථකයි – ගෝඨාභය රාජපක්‌ෂ

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සමග තමා ඊයේ (06) පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‌ෂක ගෝඨාභය රාජපක්‌ෂ පවසනවා. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නියෝජනය කරමින් පක්‌ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, භාණ්‌ඩාගාරික ලසන්ත අලගියවන්න සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන පිරිස සහභාගී වී තිබෙනවා. ගෝඨාභය රාජපක්‌ෂ සමග […]


Sep
7

බංගලාදේශයේ සොමුද්‍රා අවිජාන් නෞකාව සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණෙයි

Generic placeholder image

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 07) කොළඹ වරායට ‍සේන්දු වී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගත්තා. ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් සහිරුල් හක් (Zahirul Haque) ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ […]


Sep
7

උසස් පෙළ ඇගයීම් වෙනුවෙන් පාසල් 4ක් සම්පූර්ණයෙන් වසයි

Generic placeholder image

2019 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන කොළඹ ආනන්ද, මහනුවර විද්‍යාර්ත, මාතර මහානාම හා කුරුණෑගල ලක්දාස් ද මෙල් යන පාසල් 2019.09.15 ඉරිදා සිට 2019.10.01 අඟහරුවාදා දක්වා සම්පූර්ණයෙන්ම වසා ඇගයීම් කටයුතු සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම පාසල් නැවත 2019.10.02 වන බදාදා විවෘත කිරීමට නියමිත අතර ඇගයීම් කටයුතු වෙනුවෙන් යොදාගත් […]


Sep
7

පළාත් කිහිපයකට අදත් වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද දිනයේදීත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. උතුරු සහ උතුරුමැද පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත්, 50ත් දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.


Sep
7

ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් තමා යටතට ගැනිමේ හැකියාවක් නෑ – ජයම්පති වික්‍රමරත්න

Generic placeholder image

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසුවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වත්මන් ජනාධිපතිවරයාගෙන් පසු තේරීපත් වන ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් තමා යටතට ගැනිමේ හැකියාවක් නොමැති බවයි.


Sep
7

ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට දිනයේදී

Generic placeholder image

ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට පැවැත්විමට නියමිතව ඇත. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයා පැවසුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙන බව ය. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තම පක්ෂයේ සහයෝගය ලබා දීමට එකඟතාව නිල වශයනේ ප්‍රකාශ […]


Sep
7

වැසි වාර කිහිපයක් අද පළාත් පහකට

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ද ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. යාපනය දිස්ත්‍රික්කයේ සිහින් වැසි සහ උතුරුසහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි […]


Sep
7

මාලිංග ඊයේ පිහිටවූ ලෝක වාර්තා මෙන්න – VIDEO

Generic placeholder image

ජාත්‍යන්තර විස්සයි20 පිටියේ පිට පිටම පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ලෝකයේ පළමු පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට අද එක්වුණා.ඒ නවසීලන්තය හා පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයේදී තෙවැනි පන්දුවාරය යොමුකළ ලසිත් මාලිංග පිළිවෙළින් කොලින් මුන්රෝ, හමීෂ් රදර්ෆෝඩ්, කොලින් ඩි ග්‍රෑන්ඩ් හෝම් හා රොස් ටේලර් දවාගනිමින් මාලිංග මෙම දක්ෂතාව දැක්වන්න සමත්කම් දැක්වූවා. […]


Sep
6

AskAKD කෙලින්ම අහන්න – කියන්න – ජනපති අපේක්ෂක අනුර කුමාර සජීවීව උත්තරදෙයි

Generic placeholder image

AskAKD කෙලින්ම අහන්න – කියන්න යන මැයින් ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මුහුණුපොත හරහා සිදුකරන වැඩසටහනේ සජීවී විකාශය…


News Articles
Latest Videos
Most Popular Post