ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගයේ මුලින් පන්දුවට පහර දීමේ අවස්තාව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තම කණ්ඩායම සතුකර ගත්තා. ඒ කාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම අද තරගයට ධනුෂ්ක ගුණතිලක සහ ළහිරු මදුසංඛ ක්‍රීඩා කරන අතර පෙර තරගයේදී අනතුරට පත්වූ කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරියව විවේකගන්වා තිබෙනවා. […]
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලකදීයි.මිය යන විට එතුමන් 73 වන වියේ පසුවුණා.
රට පුරා කතාවුණ බෝරා මුස්ලිම්වරු ගැන දැනගන්න සිරාවට අහන්න.
පියත් රාජපක්‍ෂගේ අලුත්ම ගීතය ඊයේ දිනයේ එළිදක්වනු ලැබුවා. මෙය කෝද්රේ ලෙස නම් කර තිබෙනවා. මෙහි තනු නිර්මාණය සිදුකලේ වසන්ත දුග්ගන්නාරාළ විසින්. එම ගීතය පහතින්
කොළඹ අක්ෂි රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් 10 ක් තුළ සිදුකෙරෙන ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය රාත්‍රී කාලයේදීත් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව, ලබන 15 වනදා සිට මෙය ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කොළඹ අක්ෂි රෝහල තුළ දෛනිකව සිදු කෙරෙන සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදුකරන ප්‍රමාණය ඉහළ […]
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා අදාළ ලියකියවිලි වලට ජනාධිපතිවරයා අත්සන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පසුගියදා ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබුවා. ඒ අනුව එම නඩු […]
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වෙන 08 වන වටයේ සාකච්ඡාව ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී. ඒ අනුව මිට පෙර සාකච්ඡා වට හතක් පවත්වා ඇති අතර අද මෙම හමුව සදහා සහභාගී වන පිරිස වන්නේ දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් හා ශ්රී […]
අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ.ජයවර්ධන අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් තම සංගමය මෙම තීරණයට එළඹි බවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5.50 කින් වැඩි […]
විපක්ෂයේ මාධ්‍යය හමුවක් අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේ ජනපති මෛත්‍රී පාල සිරිසේන මහතා ඊලග ජනපති ධුරයේ බලතල අඩුවීම ගැන කරපු ප්‍රකාශය සාවද්‍ය බවයි. එමෙන්ම ඊලග ජනපතිවරයාගේ බලතල පිළිබද රටම දැනුවත් කල යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වගන්තිය උපුටා ගැනීමින් ඒ මහතා පෙන්වා […]
සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට මුගාබේ මහතාගේ වයස අවුරුදු 95 ක් වන අතර අයහපත් සෞඛ්‍ය තත්වයක් හේතුවෙන් ඔහු දීර්ඝ කලක් තිස්සේ ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වනවා. දශක තුනකට ආසන්න කාලයක් රොබට් මුගාබේ මහතා සිම්බාබ්වේ රාජ්‍යයේ පාළන බලය හෙබවූවා.
බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු දෙකක තේ දලු නෙලමින් සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරය දෙකකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 55 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. අද උදෑසන 10 ට හා 11 ට මෙම බඹර ප්‍රහාර එල්ල වී ඇති අතර තුවාලකරුවන් බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.