News Line| Off Air
Generic placeholder image

Sep
2

සියොන් ප්‍රහාරකයාගේ හිස යළි ගොඩ ගැනේ

Generic placeholder image

මඩකලපුව – කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ වළදමා ඇති පාස්කු ඉරිදා සියොන් දේවස්ථානට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්වාදියාගේ හිස කොටස අධිකරණ නියෝග මත යළි ගොඩ ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ, මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් ඉදිරියේයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීමක් අනුව අදාළ නියෝගය ලබාදී තිබුණා. එහිදී මෙම […]


Sep
2

අගමැති රනිල්ගේ මාලදිවයින් සංචාරය හරහා දෙරට අතර සබඳතා නව මානයකට

Generic placeholder image

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය හරහා දෙරට අතර සබඳතා නව මානයකට රැගෙන යන බව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි මහතා ප්‍රකාශ කළා. දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සංස්කෘතික සහ සමාජ සබඳතා තවත් ශක්තිමත් වීමද එමගින් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා. ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි මහතා මෙම අදහස් පළකලේ මාලදිවයිනේ 3 දින […]


Sep
2

කටුනායක ගුවන්තොටුපොලේ සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක්

Generic placeholder image

කටුනායක ගුවන්තොටුපොලේ සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සදහන් කළා. සංචාරක ප‍්‍රවර්ධනය අරමුණු කරගනිමින් මෙය සිදු කරන අතර එමඟින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන විදෙස් සංචාරකයින්ට මෙන්ම දේශීය මගීන්ට ද කොළඹට නොපැමිණ දුම්රියෙන්ම වේයන්ගොඩ හරහා නුවර, බදුල්ල, යාපනය, ත‍්‍රිකුණාමලය වැනි ප‍්‍රදේශවලට ගමන් කිරීමේ […]


Sep
2

හොලිවුඩ් නළු කෙවින් හාට් දරුණු රිය අනතුරකට ලක්වෙයි

Generic placeholder image

තමන්ගේ 40 වැනි උපන්දිනය වෙනුවෙන් හොලිවුඩ් නලුවෙකු වන කෙවින් හාට් මිලදී ගත් 1970 Plymouth Barracuda වර්ගයේ ක්ලැසික් කාර් එකේ ගමන් කරමින් සිටියදී ඊයේ (01) අනතුරකට ලක්ව තිබෙනවා. හාර්ට්ව ණොර්ත්‍රිඩ්ගෙ රෝහලේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ගිය අතර ඔහුගේ රියදුරු වෙනත් රෝහලකට ගෙන ගිය බව විදෙස් වාර්තා සදහන් කළා. කෙවින් හාර්ට් Ride Along and The Secret Life of […]


Sep
2

අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ අවසන් කැමැත්ත අද පස්වරුවේ ඉටු කරයි

Generic placeholder image

සිය අවසන් කැමැත්තට අනුව අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දේහය අද පස්වරුවේ රාගම වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා අද දහවල් සිය නිවසේදි අභාවප්‍රාප්ත වූ අතර අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු අභාවප්‍රාප්ත වනවිට 86 වන වියේ පසුවුණා.


Sep
2

මානවවාදී බවින් පිරිපුන්, සදාචාරවත් දරුවෙකු බිහි කිරීමට ගුරුවරයා මැදිහත් විය යුතු බව ජනාධිපති කියයි

Generic placeholder image

දරුවා විෂය ප‍්‍රවීණයෙකු මෙන්ම මානවවාදී බවින් පිරිපුන්, සදාචාරවත් දරුවෙකු ලෙස බිහි කිරීමට ගුරුවරයා මැදිහත් විය යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. දරුවෙකුගේ අනාගතය තීරණය වන්නේ ගුරුවරයාගෙන් බැවින් දරුවන් සම්බන්ධ තීන්දු තීරණ වලදී ගැඹුරු අවබෝධයෙන් සහ මනුෂ්‍යත්වය පෙරටුකොට ගත යුතු බව අද (02) කොළඹ පදනම් ආයතනයේ පැවති බස්නාහිර පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප‍්‍රදානෝත්සවය අමතමින් එතුමා කියා සිටියා. […]


Sep
2

1000 GB FREE

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Sep
2

පෝස්ටර් වලින් වසා තැබූ පින්නදූව පාලම හැඩ කළ අයුරු

Generic placeholder image

පින්නදූව පාලම හැඩ කළ අයුරුයි පහත ඡායාරූප වල දැක්වෙන්නේ.මෙයින් කියන්නේ රට වෙනුවෙන් රටේ තරුණයන්ට තියන උවමනාව දේශපාලකයාට හෝ පාලකයාට නැති බවයි. අපි හැදුනොත් රට හැදනව කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ.


Sep
2

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව අජන්ත කියයි

Generic placeholder image

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ප්‍රකාශ කළා. තවද ඉදිරියේදී ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද අද (02දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළා. “කිසිම කළ කිරීමක් නෑ. මම සතුටින් සමුගන්නේ. මගේ ආබාධය නිසා තමයි මට මෙච්චර […]


Sep
2

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

86 වන වියෙහි පසු වූ, වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.


Sep
2

ජලය ඉල්ලා පාරට ආ මිනිස්සු

Generic placeholder image

ජල ගැටලුවක් හේතුවෙන් මේ වන විට වැල්ලවාය, ආනපල්ලම ප්‍රදේශයේ ජනතාව මේ වන විට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. ජලය නොමැතිව එදිනෙදා කටයුතු සිදු කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත් වී ඇති ජනතාව අද (02) උදෑසන ආරම්භ කර ඇති මෙම උද්ඝෝෂණය හේතුවෙන් මාර්ග ද අවහිර වී ඇති බව වාර්තා වුණා. වගකිව යුතු බලධාරීන්ගේ […]


Sep
2

දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට හසු වූ තවත් වන අලියෙක්

Generic placeholder image

දඩයක්කරුවෙකුගේ වෙඩි ප්‍රහාර කිහිපයකට ලක්ව බරපතළ තුවාල ලැබූ, මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරි සැරූ වන අලියෙකු, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපල තුළ ඇඳවැටී සිටින අයුරු දැකගත හැකි විය. වන අලියා වයස අවුරුදු 15ක් පමණ වන උස අඩි 8ක් පමණ වේ . වන අලියාගේ උදරය ප්‍රදේශයට වෙඩි ප්‍රහාර කිහිපයක් වැදී ඇති අතර […]


News Articles
Latest Videos
Most Popular Post