News Line| Off Air
Generic placeholder image

Sep
3

ශ්‍රී ලංකා ක්‍රිකට් අද කෝප් කමිටුව හමුවට

Generic placeholder image

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද යළි රැස් වනවා.අද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිළධාරීන් කැදවා ඇති බවයි කාරක සභාවේ සාමාජිකයෙකු සදහන් කලේ. එම ආයතන වල කාර්ය සාධනය සහ වර්තමාන ප‍්‍රගතිය විමර්ශනය සඳහා මෙම කැදවීම් සිදු කර තිබෙන අතර මඩකලපුව විශ්ව විද්‍යාලය හා හීරා පදනමේ සාමජිකයින් කමිටුව හමුවට කැදවා ඇත්තේ ලබන 17 […]


Sep
3

” දියකාවා ” මින්නේරියට

Generic placeholder image

ශ‍්‍රි ලංකා යුද හමුදාව විසින් 10 වන වරටත් පවත්වන ”දියකාවා” යුද අභ්‍යාසය අද ආරම්භ කිරීම සඳහා සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. එහි සමාරම්භක උත්සවය යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන පැවැත්වෙන්නේ් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී. රටවල් 10 සෙබලූන් 81 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුධ අභ්‍යාසය අද සිට ලබන 23 වනදා දක්වා පැවැත්වෙන බවයි යුධ හමුදා […]


Sep
3

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන 20යි 20 ගැටුම අද

Generic placeholder image

ශ‍්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන 20 යි 20 තරගය අද මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ශ‍්‍රී ලංකාවට එරෙහි පළමු 20 යි 20 තරගයෙන් කඩුලූ 05 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. අයි.සි.සි 20 යි 20 එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ 08 වන ස්ථානය අතර නවසීලන්තය 06 […]


Sep
3

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් අද පස්වරුවේ

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර උළෙල කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී අද පස්වරු 02 00 ට ආරම්භ වීමට නියමිත අතර සමුළුව පැවැත්වෙන්නේ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. හිටපු ජනාධීපති චන්ද්‍රිකා බණ්ඩරණායක කුමාරතුංග මහත්මිය ඇතුලූ ජේ්‍යෂ්ඨයින්ට මෙවර සමුළුව සඳහා ආරාධනා කර තිබෙනවා මෙවර සමුළුවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන […]


Sep
3

පැරණි ක්‍රමයට පළාත් සභා ජන්දයට ඉඩක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනපතිට දැනුම් දීමක්

Generic placeholder image

පලාත් සභා සංශෝධන පනත යටතේ හෝ පෙර පැවති මැතිවරණ නීතිය යටතේ පලාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත දැනුම්දී තිබෙනවා.ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා විසින් මේ බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. සමාලෝචන කමිටු වාර්තාවක් නොමැතිව සංශෝධිත පනතේ විධි විධාන ප‍්‍රකාරව මැතිවරණය පැවැත්වීම සඳහා සීමානිර්ණ කමිටුව විසින් […]


Sep
3

පළාත් කිහිපයකට අදත් තද වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වල තද වැසිඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් සදහන් කරනවා. එමෙන්ම දිවයින හරහා හමන සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50 දක්වා වැඩි විය හැකි බවත් ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලික සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු […]


Sep
2

කැච් අතාරින්න බලාගෙන කවුරුත් එන්නේ නෑ – කුසල් මෙන්ඩිස්

Generic placeholder image

තමන්ට ලෝක කුසලාන තරගාවලියේ උඩපන්දු තුනක් ගිහිලී ගිය බවත් ඊට පෙර තමන් කණ්ඩායමේ සිටි හොඳම පන්දු රකින්නා බවත් ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් පැවසුවා. පල්ලෙකැලේ පිටියේදී නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි 20 තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. “මමත් කැච් අතඇරලා තියෙනවා. වර්ල්ඩ් කප් එකේම කැච් 3 ක් ඇතෑරුණා. ටීම් එකේම […]


Sep
2

බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවෙන් මෙරටට කෝටි 900ක්

Generic placeholder image

බෝරා මුස්ලිම්වරුන්ගේ ගෝලීය සමුළුව අද (02) මෙරටදී ආරම්භ වුණා. මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම හරහා රුපියල් කෝටි නවසීයකට අධික ආදායමක් දැනටමත් මෙරටට ගලාවිත් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා ප්‍රකාශ කළා. බෝරා මුස්ලිම්වරුන්ගේ ගෝලීය සමුළුව අද බම්බලපිටිය වෙරළ මාවතේ බෝරා ප‍්‍රධාන පල්ලිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ අතර එළැඹෙන සැප්තැම්බර් 12 වැනිදා […]


Sep
2

ක‍්‍රීඩාව දියුණු නොවීමට ප‍්‍රධාන හේතුව ක‍්‍රීඩා සමාගම් බව හරීන් කියයි

Generic placeholder image

ක‍්‍රීඩාව දියුණු නොවීමට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ක‍්‍රීඩා සමාගම් බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර පැවති උත්වයකට එක්වෙමින්. මේ අතර ඕනෑම තරගයකදී උඩ පන්දු අතහැරීමට ඉඩ ඇති බව කුසල් මෙන්ඩිස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ශ‍්‍රී ලංකාවට එරෙහි පළමු 20 යි […]


Sep
2

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමේ පිටු 21,000 ලිපි ගොනු අමාත්‍යාංශ 02 කට

Generic placeholder image

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා නීතිපතිවරයා විසින් සිංගප්පූරු රජය වෙත සිදු කළ යුතු උදර්පණ ඉල්ලීම සකස් කිරීමට අවශ්‍ය සියලුම ලේඛන ඇතුළත් විශාල ගොනුවක් ආරක්ෂක අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාර දී තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කළේ එම ලිපි ගොනුව අද එම […]


Sep
2

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම අරඹයි

Generic placeholder image

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය අද (02) සදහන් කළා. ඒ , තෙවැනි වරටද පැවැති දරුවන් සඳහා දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසද සමුළුව අමතමින්. ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ට නිකුත් කරන එම උප්පැන්න සහතිකයෙන් ‘මාපියන් විවාහක ද ?” යන තීරුව ඉවත් කර ඇතැයි […]


Sep
2

ජනපතිගේ විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකමතික තීන්දුවක්

Generic placeholder image

පළාත් සභා සංශෝධන පනත යටතේ හෝ පෙර පැවති නීති යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ප්‍රකාශ කර තිබෙනවා. ඒ, ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව පිළිබදව කරුණු පැහැදිලි කරමින්. සමාලෝචන කමිටු වාර්තාවක් නොමැතිව සංශෝධිත පනතේ විධි විධාන ප්‍රකාරව […]


News Articles
Latest Videos
Most Popular Post