News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

අන්තවාදීන් 130දෙනාම අත්අඩංගුවට ගෙන IS සම්පුර්ණයෙන්ම රට තුළින් ඉවත්කරනවා – ජනපති

Generic placeholder image

අන්තවාදීන් 130ක් පමණ සිටින බවත් ඔවුන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන ඓS සම්පුර්ණයෙන්ම රට තුළින් ඉවත්කරන බවත් ජනපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ කොටුව ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන සාකච්ඡාවකට එක්වෙමින්. මේ අතර පාස්කු ඉරිදා සිදුවූ ඛේදවාචකයයේ වගකීම මෙන්ම බුද්ධි අංශ අඩපණ කිරීමේ වගකීම රජය භාරගත යුතු බව ජනපති පවසනවා.එසේම සමස්ත මුස්ලිම් […]


Apr
26

මලයාසියාවත් එරට ආරක්ෂාව තර කරයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලින් අනතුරුව මලයාසියාව ද එරට ආරක්ෂක කටයුතු තර කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.විශේෂයෙන් තානාපති කාර්යාල සහ දේවස්ථානවලට විශේෂ ආරක්ෂක විධි විධාන යොදා ඇති බවයි එරට නියෝජ්‍ය පොලිස්පති අබ්දුල් හමීඞ් බදූර් ප්‍රකාශ කර ඇත්තේ.


Apr
26

සැකපිට තව 6ක් කිලිනොච්චියෙන් අල්ලයි

Generic placeholder image

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසනවා.අදාළ සැකරුවන් ඊයේ සවස කිලිනොචිචිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේ. පොලිසිය පැවසුවේ යුධ හමුදා නිලධාරීන් වෙත ලද තොරතුරු මත කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී පුද්ගලයින් සිව්දෙනෙකු, කිලිනොච්චිය ලුම්බිණි විහාරය ආසන්න අතුරු මාර්ගයේ සිටි පුද්ගලයෙකු හා කිලිනොච්චිය කනකඅම්බිගෙයි ප්‍රදේශයේදී […]


Apr
26

මේ දවස් වල අම්මලා තාත්තලා අහන්න ඕනේම කතාවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Apr
26

මුල්ලේරියාවේ වෙඩි තැබීමක් ව්‍යාපාරිකයෙකු මරුට

Generic placeholder image

මුල්ලේරියාව රණබිම මාවතේදී යතුරුපැදිවලින් පැමිණි තිදෙනෙකු විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි වාර්තා වන්නේ.


Apr
26

IS සාමාජිකයින් ලංකාවට පැමින සිටි බවට රජය දැනුවත් – අගමැති කියයි

Generic placeholder image

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ශ්‍රී ලංකාවෙන් සම්බන්ධවූවන් නැවත ලංකාවට පැමිණ සිටින බවට රජය දැනුවත් සිටි නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම නීතියට පටහැනි නොවන බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට නොහැකිවූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.එංගලන්තයේ ස්කයි පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. එසේම තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ දක්වා සළකා […]


Apr
26

අයි එස් අයි එස් සමාජිකයෙකු අලූ‍ත්ගම දර්ගා නගරයෙන් අල්ලයි

Generic placeholder image

අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකයෙකු අලූ‍ත්ගම දර්ගා නගරයේ දී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක්.පරිඝණක සම්බන්ධයෙන් දැනුමක් ඇති මෙම පුද්ගලයා අන්තර්ජාලය හරහා අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය සමඟ සබදතා පවත්වා ඇති බවට අණාවරණය වී තිඛෙනවා


Apr
26

පොලීසිය වරද නිවැරදි කරයි

Generic placeholder image

පසුගිය පාස්කු ඉරිදා දින ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානය සිදුකල මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාලව පුද්ගලයින් රැසකගේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් ඊයේ මාධ්‍යයට නිකුත් කලා.ඒ අනුව මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්, ෆාතිමා ලතීෆා, අබ්දුල් කාදර් ෆාතීමා කාදීයා, මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්, මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්, පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සහරා යන පුද්ගලයින් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට […]


Apr
26

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ගණන 253ක් දක්වා පහත බසී

Generic placeholder image

පසුගිය පාස්කු ඉරිදා දින කොළඹ, මඩකළපුව ඇතුළු ස්ථාන 08 කදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් ගෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 253ක් විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. මිට පෙර එම ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 359 ක් ලෙසයි දැක්වුයේ. එම නිවේදනය පහතින් පසුගිය දිනයන් හි ඇති වූ ත්‍රස්තවාදී […]


Apr
26

ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සියත 24 වෙත පවසා සිටියා. ඒ අනුව පුරප්පාඩු වූ තනතුර සදහා හැකි ඉක්මනින් නව පත් කිරීමක් සිදු කරන බවයි වාර්තාවෙන්නේ.


Apr
25

රට පුරා පීරමින් සෙවූ ලොරි රථය අල්ලයි

Generic placeholder image

පුපුරණ ද්‍රව්‍යා ඇති බවට සැක පල කරමින් රට පුරාම සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සෙවූ ලොරි රථය මීට සුළු මොහොතකට පෙර කොටහේන පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. එම ලොරි රථයේ අංකය වනුයේ Wp DAF – 4197 අංකයයි. පොලිසිය පවසන ආකාරයට එම ලොරි රථය ලියාපදිංචි කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල සහරා හෂ්මි නමටයි. […]


Apr
25

මොවුන් ගැන දන්නවා නම් වහාම පොලීසිය දැනුවත් කරන්න

Generic placeholder image

දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින හය දෙනෙකුගේ ඡායාරූප මේවන විට මාධ්‍යයට නිකුත් වී තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට අද නිකුත්කළ ඡායාරූප පෙළ පහතින් දැක්වෙයි. ඔවුන්ගේ නම් වන්නේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්,ෆාතිමා ලතීෆා,මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්,පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා,අබ්දුල් කාදර් ෆාතිමා කාදිය සහ මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන් නැමති අයයි. මොවුන් පිළිබඳ […]


News Articles
Latest Videos
Most Popular Post