News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

කල්මුණේ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි

Generic placeholder image

කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.පොලිසිය පවසන්නේ ඊයේ (26) රාත්‍රීයේ එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති බවයි. පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාව එක්ව එම ප‍්‍රදේශයේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කළේ ඉන් පසුවයි. එම අවස්ථාවේ පිපිරීම් කිහිපයක් සිදුවූ බවද වාර්තා වුණා. දෙපාර්ශවය අතර හටගත් වෙඩි හුවමාරුවලින් […]


Apr
27

ඉදිරි ජනාධිපතිවරණයට මම තරග කරනවා – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි

Generic placeholder image

තමන් ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග කරන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියා.බුද්ධි අංශ ශක්තිමත් කිරිමට, හිස ඔසවා තිබෙන මුස්ලිම් අන්තවාදයෙන් ජනතාව බේරා ගැනිම සහ රටේ ආරක්ෂාව තහවුරු කිරිමට තමන් කැපවෙන බව හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී ප්‍රකාශ කර සිටියා. “මේ සිදුවිමේදි රජය කලබලයට පත්වෙලා ඉන්නේ. ඔවුන් මේ […]


Apr
26

කල්මුණේ ප්‍රදේශ කිහිපයකට වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඇඳිරි නිතිය පනවයි

Generic placeholder image

කල්මුණේ චවලකඩේ සමන්තුරේ යන ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මකවන පරිදි දැන් සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.


Apr
26

පාසල් හා සරසවි යළි විවෘත කිරීම මැයි 06 දක්වා කල් යයි

Generic placeholder image

පවතින ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලූ පාසල් සහ විශ්වවිද්‍යාල විවෘත කිරීම ලබන මැයි 6 වනදා දක්වා කල් දමා තිබෙනවා.ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ අද රැස්වූ ආරක්ෂක කවුන්සිලයේදී මෙම තීරණය ගෙන ඇති බවයි.


Apr
26

කල්මුණේදී ආරක්ෂක අංශ සහ තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක්

Generic placeholder image

කල්මුනේ සායිදුමරදු ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග යම් කණ්ඩායමක් වෙඩි අතර හුවමාරුවක් සිදුව තිබෙනවා. මේ සම්බන්දයෙන් පොලීසිය වැඩි දුරටත් සදහන් කලේ මරාගෙන මැරෙන ඇදුම් නිෂ්පාදනය කරන ස්ථානයක් පිළිබදව ලැබුනු තොරතුරක් මත එය සෝදිසි කිරීමට යාමේදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි. වැඩි විස්තර බලාපොරොත්තුවන්න..


Apr
26

දිවයිනේ සියලුම නිවාස පරික්ෂාවට

Generic placeholder image

රට පුරා කරන සෝදිසි මෙහෙයුම් වලදී දිවයිනේ සියලුම නිවාස පරික්ෂාවට ලක් කෙරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළා. ජනාධිපති මාධ්‍ය අංශය හරහා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් එතුමා සඳහන් කළේ නිවාස වල ස්ථීර පදිංචිකරුවන්ගේ ලැයිස්තුවක් සකස් කිරීමට ද කටයුතු කරන බවයි. නාඳුනන පුද්ගලයින් කිසිඳු ස්ථානයක ජීවත්විය නොහැකි බව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබෙන […]


Apr
26

බදූර්දීන් අමාත්‍යතුමාගේ සොහොයුරා අත් අඩංගුවට

Generic placeholder image

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා යුද හමුදා විසින් බාරයට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය වෙත බාර දී තිබෙනවා.පසුගිය දා සිදු වු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ඔහු හමුදා නිළධාරීන් කණ්ඩායමක් විසින් සිය බාරයට ගත් බව යුධ හමුදාව පවසා සිටියේ. කෙසේ නමුත් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලීසිය විසින් ඔහුව මුදා හැර තිබෙනවා.


Apr
26

ලබන 28 වන දා සිට දිවයිනට තද වැසි

Generic placeholder image

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ලබන 28 වනදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව ආපදා කළමනකාරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියා. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා […]


Apr
26

කොම්පඤ්ඤවීදිය පල්ලියක තිබී කඩු 46ක් හා යුද හමුදා ඇදුම් හමුවේ

Generic placeholder image

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක තිබී කඩු 46ක් සොයා ගෙන තිබෙනවා. තවද ඒ සමග යුද හමුදා නිළ ඇදුමට සමාන ඇදුම් කිහිපයක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මෙම ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමටද පොලීසිය සමත්ව තිබේ.


Apr
26

අණ නොතකා ගිය වාහනයක් කාන්තාවන් දෙදෙනෙකු සමග අත් අඩංගුවට

Generic placeholder image

තංගල්ල නගරයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් සමඟ එහි ගමන් කළ සිවුදෙනෙකු අත් අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසා සිටිනවා. 25වන දා සවස කතරගම දෙස සිට පැමිණි වෑන් රථය නැවැත්වීම සඳහා රථවාහන පොලිස් නිලධාරියෙකු අණ කර ඇත. මෙහිදී වෑන් රථයේ රියදුරු අණ නොතකා පලා ගොස් ඇති අතර පසුව වෑන් රථය ලුහුබැද ගිය […]


Apr
26

Facebook අද සිට නැවතත්?

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටින්නේ රටේ පවතින තත්වය හේතුවෙන් සමාජ ජාලා වෙත පිවිසීමට රජය විසින් අවහිරතාවය අද ඉවත කිරීමට බලාපොරොත්තු වන බවයි. නමුත් ඊයේ සමාජ ජාලා හරහා අසත්‍ය තොරතුරු පැතිර ගොස් තිබෙනවා. මේ තත්වය පාලනය කර ගත නොහැකි වුවහොත් සම්පූර්නයෙන්ම එම සමාජ ජාලා අවහිර කරන බව පවසා තිබෙනවා.


Apr
26

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේම වැඩ කල සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගෙ ඥාතියකු අත් අඩංගුවට

Generic placeholder image

ඉකුත් පාස්කු ඉරිදා දිනයේදී කොළඹ සිනමන්ඞ් ග‍්‍රෑන්ඩ් හෝටලයේ පිපිරවීම සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ්කරුගේ ඥාතියෙකු මහනුවර ගලහ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුනා. මෙම පුද්ගලයා සිනමන්ඞ් ග‍්‍රෑන්ඩ් හෝටලයේ ආරක්ෂක අංශයේ සේවය කරන්නෙකු බවද පැවසෙනවා. ඔහු ළග තිබී ජංගම දුරකතන 150ක්ද, සොයා ගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post