කොටහේන කොච්චිකඩේ පල්ලිය අසල ප්‍රදේශයකදී වෑන් රථයක් තුල තිබී තවත් බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. පසුව එය ආරක්ෂක අංශ විසින් නිෂ්ක්‍රිය කිරීමට පුපුරවා හැර තිබෙන බවයි වාර්තා වෙන්නේ.මේ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු සියත 24 තුළින් බලාපොරොත්තු වන්න.
එල්ල වූ ප්‍රහාර හේතුවෙන් අහිමි වූ එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්ද් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වී තිබෙන බව අද අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මහතා හා කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළා.
හෙට දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මීට සුළු මොහොතකට පෙර රජය නිල වශයෙන් එය දැනුම් දෙනු ලැබුවා. වැඩි විස්තර සියත 24 තුලින් බලාපොරොත්තුවන්න…
රටේ ඇතිව තිබෙන වර්තමාන තත්වය හේතුකොටගෙන නියමිත දිනයට පැවැත්වීමට තිබූ මැයි රැලිය නැවැත්වීමට තීරණය කර ඇත.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පානයට නුසුදුදු වන තරම් ජලය පානය වෙනුවෙන් ලැබී තිබෙන බව පවසමින් පැතිරෙන කටකතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ප්‍රකාශ කරනවා. ඒ අනුව ජනතාවට කලබල නොවන ලෙස දැනුම්දී තිබෙනවා.
අද රාත්‍රී 8 සිට හෙට උදෑසන 4 වන තෙක් නැවතත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පොල්සිය කටයුතු සම්පාදනය කොට තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ (21) සිදු වූ පිපිරීම් වලින් මිය ගිය පුද්ගල ජීවිත ගණන 290 දක්වා ඉහළ ගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. එහිදී තුවාල ලබා තිබෙන පිරිස 500 ය ඉක්මවා තිබෙනවා.
ඊයේ (21) සිදු වූ සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි විදේශිකයන් විශාල ලෙස මේ වන විට රටින් පිටවෙමින් තිබේ. ඉතිහාසයේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගත වූ මාස කිහිපයේදී වාර්තා ගත ආදායකම් උපයමින් තිබෙන අවස්ථාවක සිදුවූ මෙම ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් විදේශිකයන් රටින් පිටවෙමින් තිබේ. මේ වන විට කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ දැඩි තදබයක්ද […]
ඊයේ (21) දිවයිනේ සිදු වූ පිපිරීම් අතුරින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කරනවා. මෙසේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වූ ස්ථාන 6 ලෙස නම් කර තිබෙන්නේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් තුන සහ දේවස්ථාන ත්‍රිත්වයයි.
රටේ මේ වන විට උදාවී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙන බව පාර්ලිමේන්තු මහලේකම් වරයා සඳහන් කරනවා.
දඹුල්ලේ ලැඟුම් හලකින් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.