බෝම්බ සවි කෙරූ ඇළුමිනියම් තහඩු වලින් ආවරනය කරන ලද ලෝරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමින ඇති බවද බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇති බැවින් ශ්‍රී ලංකා වරාය වෙත ඇතුලුවන පිවිසුම් දොරටු වල සේවය කරනු ලබන සියලුම නිලදාරින් හා වරාය අධිකාරියේ සියලුම ආරක්ෂක නිලදාරින් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස දන්වනු ලැබේ.
මේ වන විට පාර්ලිමේන්තුව කතානායක කරු ජයසුරියගේ ප්‍රධානයෙක් රැස් වී තිබෙනවා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ප්‍රහාරයන්ගෙන් මිය ගිය පිරිස වෙනුවෙන් විනාඩි 2ක නිෂ්ශබ්දතාවයක්ද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරිමට පෙර සිදු කලා. මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතමින් සිටින්නේ විපක්ෂ මත්ත්‍රීවරුන්ගේ බාධාකිරීම් මැදයි.
මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීමට භාවිතා කරන බුර්කාව තහනම් කිරීමට යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වර්තාවෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ එම යෝජනාවට අයත් ලිපියක් මුහුණු පොත හරහා පල කර තිබුණේ මේ ආකාරයටයි.
මීට සුළු මොහොතකට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලබන 29 වනදා දෙවන පාසල් වාරය සදහා පාසල් ආරම්භ කරන බවයි.
ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෑත යුගයේ ආසියාකරයෙන් වාර්තා වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය බව රොයිටර් විශ්ලේෂණයක් තුලින් පෙන්වා දී තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට ඉන්දුනීසියාවේ බාලි දිවයිනට සහ ඉන්දියාවේ මුම්බායි පුරවරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට වඩා වැඩි හානියකින් සිදුව ඇති බවයි එමගින් සදහන් කර ඇත්තේ. 2002 වසරේ […]
පාස්කු ඉරිදා දිනයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කර තිබුණේ. කොළඹ ජාතික රෝහලේ පමණක් මෘත දේහ 151ක් තැන්පත් කර ඇති අතර, ඉන් 109 දෙනෙකුම හඳුනාගෙන තිබෙනවා.
කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසල සැකකටයුතු යමක් සම්බන්ධයෙන් ආරක්ෂ අංශ විසින් සෝදෙසි මෙහෙයුමක් මේ වන විට දියත් කර ඇති බව සියත 24 අපට වාර්තා වෙනවා. වැඩි විස්තර බලාපොරොත්තුවන්න..
අන්තවාදී කණ්ඩායමක ප‍්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයක් තමන් දැනුවත් නොකළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති කර්යාලයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබෙනවා.
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක […]
වැලිසර නවලෝක ක්‍රීඩා පිටිය ඉදිරිපිට තිබී බෝම්බයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. වාහනයක් තුළ තිබෙන පිපිරුම් ද්‍රව්‍යක් සොයා කරන ලද පරීක්ෂාවෙන් මෙය සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. New Updat පරීක්ෂා කිරීම් වලින් අනතුරුව කිසිදු සැක කටයුතු යමක් සොයා නොගත් බව පොලිසිය මීට සුලු මොහොතකට පෙර දැනුම් දුන්නා.ඒ අනුව තාවකාලිකව වසා තිබූ මාර්ග මේ වන විට විවෘතයි .
ඊයේ දින සිදු වූ දිවයිනේ විවිධ ප්‍රදේශ වලට අදාල පිපිරීම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනෙකු මැයි මස 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා අද (22) නියෝග කළා. ඔවුන් අතර අතර මුස්ලිම් ජාතිකයන් හත් දෙනෙකු, සිංහල ජාතිකයකු සහ දමිළ ජාතිකයකු සිටින බව වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට දන්වා […]
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තිබී සැක කටයුතු පාර්සලයක් පරීක්ෂාවට ලක් කොට තිබෙන බව ආරක්ෂක අංශ සදහන් කරනවා.