News Line| Off Air
Generic placeholder image

Apr
23

දෙවන ප්‍රහාරයක් ගැන ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවයි

Generic placeholder image

මෙරට තුල ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් ඉදිරියේදී යළිත් ප්‍රහාර දියත් කිරීමේ අවධානමක් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ ශ්‍රී ලංකා බලධාරීන්ට අනතුරු අඟවා ඇති බවට ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබුණේ. මේ පිළිබදව ලිපියක් Hindustan Times වෙබ් අඩවියේද පලකර තිබුණා. ජාතික තව්හිත් ජාමාත් නම් ඉස්ලාමිය අන්තවාදී සංවිධානයේ ජාල් අල්-කුයිටාල් හෙවත් රිල්වාන් නැමැත්තා ඇතුළු පිරිස මෙම ප්‍රහාර […]


Apr
23

අද රෑ 9යට යළි ඇඳිරි නීතිය

Generic placeholder image

අද රාත්‍රී නවයේ සිට හෙට අලුයම 4 දක්වා යලිත් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබෙනවා.


Apr
23

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්තයින් භාරගනී

Generic placeholder image

321 දෙනෙකුට මරු කැදවමින් පසුගිය ඉරිදා දිනයේ දිවයිනේ ප්‍රදේශ ගණනක පුපුරා ගිය බෝම්බවල වගකීම ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයක් වෙන ISIS ත්‍රස්තයින් භාරගෙන තිබෙන බවට රෝයිටර් පුවත් සේවය වාර්තාකර තිබෙනවා.


Apr
23

කින්ස්බරිරථ වාහන අංශයේ සැක කටුයුතු බයිසිකලයක් සෝදිසියට

Generic placeholder image

කින්ස්බරි රථ වාහන අංශයේ සැක කටුයුතු බයිසිකලයක් සෝදිසි කරන බව නවතම ආරන්චි මාර්ග වලින් දැන ගන්නට ලැබී ඇත. එමෙන්ම මහ බැංකුව අවටද ආරක්ශාව තරකර ඇත.


Apr
23

සැකකටයුතු වාහනයක් කොළඹ අවට

Generic placeholder image

බෝම්බ සවි කෙරූ ඇළුමිනියම් තහඩු වලින් ආවරනය කරන ලද ලෝරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමින ඇති බවද බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇති බැවින් ශ්‍රී ලංකා වරාය වෙත ඇතුලුවන පිවිසුම් දොරටු වල සේවය කරනු ලබන සියලුම නිලදාරින් හා වරාය අධිකාරියේ සියලුම ආරක්ෂක නිලදාරින් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස දන්වනු ලැබේ.


Apr
23

පාර්ලිමේන්තුව රැස්වෙයි

Generic placeholder image

මේ වන විට පාර්ලිමේන්තුව කතානායක කරු ජයසුරියගේ ප්‍රධානයෙක් රැස් වී තිබෙනවා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ප්‍රහාරයන්ගෙන් මිය ගිය පිරිස වෙනුවෙන් විනාඩි 2ක නිෂ්ශබ්දතාවයක්ද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරිමට පෙර සිදු කලා. මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතමින් සිටින්නේ විපක්ෂ මත්ත්‍රීවරුන්ගේ බාධාකිරීම් මැදයි.


Apr
23

බුර්කාව තහනම් කිරීමට යෝජනාවක් අද පාර්ලිමේන්තුවට

Generic placeholder image

මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසීමට භාවිතා කරන බුර්කාව තහනම් කිරීමට යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වර්තාවෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ එම යෝජනාවට අයත් ලිපියක් මුහුණු පොත හරහා පල කර තිබුණේ මේ ආකාරයටයි.


Apr
23

දිවයිනේ සියළුම පාසල් ආරම්භය ලබන 29 වනදා දක්වා කල් යයි

Generic placeholder image

මීට සුළු මොහොතකට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලබන 29 වනදා දෙවන පාසල් වාරය සදහා පාසල් ආරම්භ කරන බවයි.


Apr
23

මෑත ඉතිහාසයේ ආසියාවේ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය පාස්කු ඉරිදා ප්‍රහාරයයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මෑත යුගයේ ආසියාකරයෙන් වාර්තා වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය බව රොයිටර් විශ්ලේෂණයක් තුලින් පෙන්වා දී තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට ඉන්දුනීසියාවේ බාලි දිවයිනට සහ ඉන්දියාවේ මුම්බායි පුරවරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට වඩා වැඩි හානියකින් සිදුව ඇති බවයි එමගින් සදහන් කර ඇත්තේ. 2002 වසරේ […]


Apr
23

පිපිරීම් වලින් මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළට

Generic placeholder image

පාස්කු ඉරිදා දිනයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කර තිබුණේ. කොළඹ ජාතික රෝහලේ පමණක් මෘත දේහ 151ක් තැන්පත් කර ඇති අතර, ඉන් 109 දෙනෙකුම හඳුනාගෙන තිබෙනවා.


Apr
23

කොල්ලුපිටියෙත් පොලිස් සෝදිසි මෙහෙයුමක්

Generic placeholder image

කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසල සැකකටයුතු යමක් සම්බන්ධයෙන් ආරක්ෂ අංශ විසින් සෝදෙසි මෙහෙයුමක් මේ වන විට දියත් කර ඇති බව සියත 24 අපට වාර්තා වෙනවා. වැඩි විස්තර බලාපොරොත්තුවන්න..


Apr
23

මාව කවුරුත් දැනුවත් කර තිබුණේ නැහැ – ජනපති කියයි

Generic placeholder image

අන්තවාදී කණ්ඩායමක ප‍්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයක් තමන් දැනුවත් නොකළ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති කර්යාලයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post