ඊයේ (21) මෙරට සිදු වූ ඛේදවාචයකේ බිය තවමත් මැකී ගොස් නැහැ. මුළු රටම එකම මළගෙදරක් කරන්න පැය 24ක් හෝ ගත වුණේ නැහැ. මුළු ලෝකයේම අනුකම්පාවටත් ශෝකයටත් පත් ලෝකවාසීන් සිය ශෝකය සහ ආදරය ලංකාවට පළ කර තිබුණේ මේ ආකාරයටයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේ තිබී ආඩි අම්බලම මාර්ගයේ තිබී දේශීය වශයෙන් නිෂපාදිත බෝම්බයක් මීට සුලු මොහොතකට පෙර ගුවන් හමුදාව විසින් සොයාගෙන නිෂ්ක්‍රීය කර තිබෙනවා. මී වන විටත් පොලිස් ඇදිරි නීතිය දිවයින පුරා ක්‍රියාතමක අතර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාල පියවර ගෙන ඇති පොලීසිය පවසනවා.
මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් ගැන තොරතුරු මීට පෙර බුද්ධි අංශය වාර්තා කල බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉංග්‍රීසි භාශාවෙන් කරන ලද ප්‍රකාශය තුල පිළිගනු ලැබුවා. නමුත් සිංහල භාශාවෙන් කල කතාවේදී ඒ පිළිබද සදහන්ක් නොවී තිබුනා. කෙසේ වෙතත් ඔහු ඒ පිලිබදව දැනුවත්ව නොසිටි බව තවදුරටත් සඳහන් කර තිබුනා.
අද දිනයේ සිදු වූ පිපිරීම් වලට අදාල කරුණු කලින්ම දැනුවත් කර තිබිය දී මෙවැනි සිදුවීමක් කෙසේ සිදුවුයේ යන්න දැයි මේ වන විට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇතැයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේය. මීට සතියකට පෙර ආරක්ෂක අංශ මේ පිළිබඳව දැනුවත්ව තිබූ බව මාධ්‍යවේදියෙකු කල ප්‍රශ්න කිරීමකදී කියා තිබෙනවා. උදේ පටන් සමාජ ජාලා හරහා බෙදා හැරුනු […]
අද දින සිදු වූ ප්‍රහාර සඳහා පුපුරන ද්‍රව්‍ය ගෙනා වෑන් රථය රියදුරුත් සමඟ වැල්ලවත්තේදී අද දින අත් අඩංගුවට ගැනුනා. ඊට අමතරව සිදුවූ ප්‍රහාර සම්භන්දයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට පානදුර නිවසක් සෝදිසියට ලක් කර තිබුනා. එමෙන්ම දෙමටගොඩ පිපිරීම සිදු වූ නිවෙස් හිමියාගේ සුපොබෝගී රථයේ තිබී හෝටලයට අයිති වතුර බෝතල් කිහිපයක් හමුවී තිබෙනවා.
Heartfelt condolences from the people of the United States to the people of Sri Lanka on the horrible terrorist attacks on churches and hotels that have killed at least 138 million people and badly injured 600 more. We stand ready to help! — Donald J. Trump (@realDonaldTrump ශ්‍රී ලංකාවට එල්ල වී ඇති ප්‍රහාරයන් ඇමෙරිකානු ජනපති […]
උඩවලව ජලාශයේ වේල්ල හා මොරකන්ද නැරඹීම තාවකාලිකව වසා දැමීමට රජය කටයුතු කර තිබෙනවා.
මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මේ වන විට නිල වශයෙන් මිය ගිය ගණන 207ක් බවට තොරතුරු තමන්ට වාර්තා වී ඇති බවයි. මෙහිදී වැඩිම මෘතදේහ ගණනක් ඇත්තේ මීගමුව රෝහලේ බවයි ඔහු ප්‍රකාශකර සිටියේ. එම ගණන 104ක්. එමෙන්ම කොළඹ ජාතික රෝහලේ මෘතදේහ 64ක් තැම්පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් […]
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්දන පිරවුම්හල් ආශ්‍රිත දැඩි රථ වාහන තද බදයක් මතුව ඇති අතර දිගු පෝලිම් දක්නට ලැබෙනවා. පවතින තත්වයත් සමඟ හෙට දිනයේදී ඉන්ධන හිගයක් ඇති වියහැකි බවයි වාර්තා වෙන්නේ..එමෙන්ම ආරක්ෂක හේතූන් මත ඉන්ධන බෝතල් වලට පිරවීම නතර කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.
මොහොතේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.
ප්‍රහාරවලින් මියගිය අයගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එසේම දිවයින පුරා ඇඳිරි නිතිය ක්‍රියත්මක කිරීමටත් රජය අවධානය යොමුකර තිබේ. අන්තවාදී කණ්ඩායම් සඳහා කිසිම ඉඩක් නොමැති බවත් අද සිට අන්තවාදී කණ්ඩායම්වලට දැඩි නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඇති වී ඇති නොසන්සුන්කාරී වාතාවරණය නිසා අද (21) සවස 6.00 සිට පසුවදා (22) උදෑසන 6.00 දක්වා රට පුරා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.