සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එළඹෙන වෙසක් පොහොයට පෙර ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව සිංහල රාවය සංවිධානය ප්‍රකාශ කරනවා. එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසුවේ ඒ සඳහා භික්ෂූන් වහන්සේ 5,000ක් පමණ කොළඹට කැඳවීමට අවධානය යොමුව තිබෙන බවයි.
විදුලිබල නිෂ්පාදනය යථාතත්ත්වයට පත්වන තෙක් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ වැඩපිළිවෙලක් කි්‍රයාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස 3 ක කාලයේදී සියළු නිවෙස්වල විදුලි පහන් දෙකක් නිවා දැමීම මෙන්ම රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථානවල විදුලි පරිභෝජනය සියයට 10 ක ප‍්‍රමාණයකින් අඩු කිරීම සදහා ජනතාව හා ආයතන දැනුවත් කිරීමටයි […]
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයක් නිෂ්පාදනය කොට තිබෙනවා. එහි පෙර විකාශනයක් ඔබට පහතින් දැකගත හැකියි. https://youtu.be/mJ0U7uwCq9U
වදක තනතුරට සුදුසුකම් ලැබූ පිරිස් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ යළි කල් දමා තිබෙනවා. මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබුණේ ඉකුත් 21 සහ 22 යන දෙදින තුළයි. එහෙත්, එය අද (27) සහ හෙට (28) දෙදින දක්වා කල් දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කළා. කෙසේවෙතත් එම සම්මුඛ පරීක්ෂණ නැවත වතාවක් කල් දමා ඇත්තේ අදාළ […]
ඩුබායිහිදී පිටුවහල් කළ ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් හා බන්ධනාගාර නියාමක ලලිත් කුමාර යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපර්තමෙන්තුව පස්වරු 1.00 වන විටත ප්‍රශණ කරමින් තිබුණි. ඔහු පෙරවරු 9.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර පසුව ඔවුහු කටුනායක ගුවන් තොටුපොළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත්හ. මාකඳුරෙ මධූෂ් විසින් සංවිධානය කළ බව කියන ඩුබායි […]
ලබන 30 වැනිදා පෙරවරු 9 සිට , 31 වැනිදා පෙරවරු 9 දක්වා කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ , කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසා පුර මහල් නිවාස ආශ්‍රිත ප්‍රදේශවලට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවවන බව ජාතික ජලසම්පාදන හා […]
මත්පෙති හා ගංජා සමග පුද්ගලයෙකු මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනේ මහනුවර දිසා දූෂණ මර්දන අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව කල වැටලීමකදීයි. සැකකරු ෂතුව තිබී ට්‍රැමඩෝල් වර්ගයේ මත් පෙති 542 ක් සොයා ගෙන තිබෙනවා. ගබ්සා පෙති 845 ක් ද ඔහු සතුව තිබූ බවයි පොලීසිය පැවසුවේ. ෂැකකරු මත් පෙති හා ගබ්සා පෙති […]
බන්ධනාගාර ගතව සිට හෙරොයින් ජාවාරම මෙහෙයවන, මට්ටක්කුලියේ ‘කුඩු රොෂාන්’ නැමැත්තාගේ, බිරිඳවන, විජේසිංහ ආරච්චිගේ නිරෝෂණී නොහොත් ‘අරුණි බබා’ (30), සහ සාලින්ද ධර්මසිරි නොහොත් ‘තෙල්චූටි’, හෙරොයින් සහ ලක්ෂ 17කට අධික මුදල් සමග, STF අත්අඩංගුවට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා.
විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේදී පැහැදිලි පිළිතුරක් ලබාදෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ ආරම්භ වූ ආසියා ශාන්තිකර කලාපීය සහයෝගීතා සමුළුවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින්. ලබන මස මැද වනවිට විදුලි අර්බුදයට ස්ථීර විසඳුමක් ලබාදෙන බව කී අමාත්‍යවරයා 2014 වසරේ සිට […]
රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජීය වශයෙන් බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වනවිට පියවර රැසක් ගෙන තිබෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. කාන්තාවන්ගේ දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවයි අරලියගහ මන්දිරයේ අද (26) පැවති ධනාභිමානි කාන්තා සම්මේලනය අමතමින් අග‍්‍රාමාත්‍යවරයා පවසා සිටියේ. ප‍්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය යටතේ […]
20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය හැර සෙසු පක්ෂ සමග වෙනම සාකච්ඡාවක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ එකඟතාව පළ කර තිබෙනවා.ඒ. දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ ලබන සතියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ […]
ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ යොවුන් ගායක නදීමාල් පෙරේරාගෙන් සහ බන්ධනාගාර නියාමකවරයෙකු වන ලලිත් කුමාර හෙවත් කුරේ නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ප‍්‍රශ්ණ කිරීම් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ එම ප‍්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කෙරෙන බවයි. මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු […]