සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා Xඓ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේදී පන්දු රකිමින් සිටින විට ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස්ගේ ආබාධය බරපතල තත්ත්වයක නොමැති බව වාර්තා වෙනවා. කුසල්ගේ ආබාධය පිළිබඳව එක්ස් -රේ පරීක්ෂණයකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලය යහපත් වී තිබෙනවා. දකුණු අතේ වෙඳැගිල්ලේ පන්දුවක් වැදීමෙන් ඔහු මෙම ආබාධයට ලක් වී තිබුණා.
#10YearsChallange වෙනුවෙන් බුකිය රත් කරපු අමුතු Photos ටික මෙන්න….
රථවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.අදාළ චිපය තුළට රථවාහනයේ, යතුරුපැදියේ හෝ ට්‍රැක්ටරයේ අංකය ඇතුළු දත්ත ඇතුළත් කිරීමට සැලසුම් කර ඇතැයි මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. රථවාහන අක්‍රමිකතා වළක්වාගැනීමටත්, අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී සහ වාහන නවතා තබන ස්ථානවලදී විද්‍යුත් තාක්ෂණය ඔස්සේ සිදුකරන ගෙවීම් පහසුකරගැනීම සඳහාත් මෙලෙස නව තාක්ෂණය සහිත […]
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන නිල සංචාරය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටිති. ලසත්න අලගියවන්න නිශාන්ත මුතුහෙට්ටිගම, ලක්ෂ්මන් වසන්ත, සාරතී දුෂ්මන්ත, ඩිලාන් පෙරේරා, ශ්‍රියාණි විජේවික්‍රම, අංගජන් රාමනාදන් යන් මන්ත්‍රීවරු හා වරියන් ඒ අතර වෙති.මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ප්‍රශ්ණ කරන්නේ […]
මෙම වසරේ ජනවාරි මාසයේ සිට සියලුම වාහන සඳහා කි‍්‍රයාත්මක කාබන් බද්දෙන් රජය සතු වාහන නිදහස් කර නොමැති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් කර ඇති බවට ඇතැම් මාධ්‍යවල පළවු වාර්තාවේ කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. 2018 අයවැය මගින් සම්මත කරනු ලැබූ කාබන් බද්ද 2018 අංක 35 දරණ […]
ශ්රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් එකතු වී ගොඩනැගීමට නියමිත පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳ තීරණය පක්‍ෂ නායකයින් එක්ව ගන්නා තුරු සෙසු පිරිස් ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී, හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළා. ඉදිරිපත් වන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතාද, මහින්ද රාජපක්‍ෂ මහතාද, […]
ශ්රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට කී‍්‍රඩා අමාත්‍යවරයා තීරණය කර තිබෙන කී‍්‍රඩා අමාත්‍යාංශය පවසනවා. එම නිලවරණය පැවැත්වීමට මීට පෙර දින නියමව තිබුණේ පෙබරවාරි මස 07 වනදාටයි. ඒ අනුව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන දිනය පෙබරවාරි මස 21වනදා දක්වා කල් දමා ඇති බවයි කී‍්‍රඩා අමාත්‍යාංශය සඳහන් කළේ.
අලුත් අවුරුද්දෙ අලුත් කෙනෙක්ද සුන්ගෙයි හංසිගෙයි ෂයියාගෙයි මැද්දට ආවා කියලා ආරංචියි? ඔව්. මේ අවුරුද්ද ලබද්දී මගේ දෙවැනි දුව ඉපදුණා. මේ දවස්වල තවත් බලාපොරොත්තු ජීවිතයට ආවා. ඒත් එක්ක තවත් වැඩ කරන්න ඕනෙ කියලා හැඟීමකුත් එනවා. පවුල ගැන බලනවා වගේම සුපුරුදු විදියට කලාවේ වැඩ කටයුතුත් කරගෙන යනවා. අලුත් අමුත්තියට නමක් තිබ්බද? ඔව්. එයාගේ නම ශායා ලිලි. දෙවැනි […]
හෙරොයින් මත්කුඩු පැකට්ටුවක් රෝල්ස් එකක් තුල සගවා ආහාර ලබාදෙන ආකාරයෙන් මාතර මුලස්ථාන පොලීසියේ සිර මැදිරියක රදවා සිටි සැකකරුවෙකුට ලබාදිමට තැත්කළ හිටපු නාවික හමුදා සෙබළෙකු සැකපිට ප‍්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත්බව මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය පවසනවා. මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ මාතර, තිහගොඩ ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි හිටපු නාවික හමුදා සෙබළෙකුය. මාතර, තිහගොඩ ප‍්‍රදේශයේදි හෙරොයින් මත්කුඩු […]
පෞද්ගලික අංශයේ සේවකයින්ට අවම වැටුප රුපියල් 10000කින් වැඩි විය යුතු යැයි ඉල්ලා සිටින බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසනවා. අන්තර් සමාගම් සේවක සංගමයේ අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළා. පෞද්ගලික අංශයේ සේවකයින් වර්තමානය තුල ආර්ථික අර්බුදයකටද ලක්ව ඇති බව ඔහු මෙහිදී පැවසුවා. එසේම මේ වන විට […]
මැයි මස පළමුවැනි දින සිට ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කරනවා. මීට අදාළව ඉදිරි මාස 03ක කාලය තුළ, ජනතාව, පාසල් දරුවන් දැනුවත් කරන ලෙසට පළාත් සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට අද (16දා) උපදෙස් පත්‍රිකා නිකුත් කළ බව එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ජේ.කේ. ජයසිංහ මහතා […]
ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර හා අමාත්‍ය රාජිත සේනාරත්න අතර සිදුවූ සාකච්ඡාවක් දේශපාලන වේදිකාව උණුසුම් කර තිබෙනවා. ඇමති රාජිත සේනාරත්න ප්‍රසිද්ධව සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන සැලසුම් සහ ඉදිරි අපේක්ෂකයන් පිළිබඳ තීරණ ගන්නා ඉදිරිපෙළ නායකයෙකු වශයෙනුයි. කුමාර් සංගක්කාර මෙරට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර ඔහු 2020 එජාප පොදු අපේක්ෂකයා වනු ඇතැයි බොහෝ දෙනා මත ප්‍රකාශ කරනවා. […]