News Line| Off Air
Generic placeholder image

Dec
4

225 ම කැමති උනත් මම කැමති නෑ රනිල්ට අගමැතිකම් දෙන්න බෑ ජනපති කියයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම අත්සන් කර නිර්දේශ කලත් තමන් රනිල් වික්‍රමසිංහ යලි අගමැතිධුරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියා.එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර ඊයෙ පැවති සාකච්ජාවේදී මේ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙහිදී එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් යලිත් වරක් අගමැති […]


Dec
3

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව කියමින් ගොනුකළ පෙත්සමට අදාළ නියෝගය

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කලා. දීර්ඝ කරුණු විමසීකින් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මගින් මෙම නියෝගය ලබා දුන්නා. ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් […]


Dec
3

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. උතුර, උතුරු-මැද පළාත් සඳහාත් ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක සඳහාත් මෙම නිවේදනය නිකුත් කර තිබේ. අද මධ්‍යාහ්න 12.00 සිට හෙට මධ්‍යාහ්න 12.00 දක්වා වලංගුවන පරිදි නිකුත් කළ මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉහතින් සඳහන් කළ ප්‍රදේශ සඳහා ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-1500 දක්වා තද වැසි […]


Dec
3

කොළඹ කොටුව දක්වා වන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Generic placeholder image

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ රීගල් සිනමාහල ප්‍රදේශයේ සිට කොළඹ කොටුව දක්වා වන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා. මෙම විරොධතාවයට සංවිධානය කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා ලබා නොදීමට විරෝධය පලකරමින්.


Dec
3

එජාපේ සාකච්ඡාව අවසන්

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙරාතුව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබෙනවා. හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ පොදු එකඟතාවක් වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැති බවයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර හමුවක් අද (03දා) රාත්‍රී 8.00ට පැවැත්වීමට නියමිතව තිබේ.


Dec
3

බ්‍රිතාන්‍යත් ලංකාව අනුගමනය කරයි

Generic placeholder image

සිය රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීය හැකි එකම කි‍්‍රයාමාර්ගය මහමැතිවරණයක් පැවැත්වීම බව බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය පවසනවා. එම පක්ෂයේ ඡායා කැබිනට්ටුවේ බ්‍රෙක්සිට් ලේකම් කීර් ස්ටාමර් පවසන්නේ අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, මුහුණ දී සිටින ව්‍යවස්ථා අර්බුදය විසඳිය හැකි හොඳම කි‍්‍රයාමාර්ග වන්නේ ද මහමැතිවරණයක් බවයි. අද (03) දිනය තුලදී බ්‍රෙක්සිට් කි‍්‍රයාවලියේ නීතිමය ස්වභාවය පැහැදිළි කිරීමට […]


Dec
3

මහින්දගේ අගමැතිධූරයට ඉදිරිපත් වූ පෙත්සම් ගැන තීන්දුව

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ධූර දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් පිළිබඳ තීන්දුව අද සවස 3.00ට ලබාදෙන බව අභියාචනාධිකරණය සඳහන් කළා. එම පෙත්සම් පසුගිය (30 දා) හා අද (03 දා) සලකා බැලීමෙන් අනතුරුව මෙම අභියාචනාධිකරණය මේ […]


Dec
3

ධනංජය ද සිල්වා විවාහ ගිවිස ගනියි! (PHOTOS)

Generic placeholder image

යොවුන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ඔහුගේ පෙම්වතිය වූ සන්ද්‍යානි සමඟයි. එම අවස්තාවේ ඡායාරූප පහතින්,


Dec
3

මහින්ද ඇතුලු 49 ට එරෙහි රිට් පෙත්සම් විභාගය ඇරඹෙයි

Generic placeholder image

මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 49 දෙනෙකු අගමැති ධුරය සහ ඇමතිධුර දැරිමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොණු කල පෙත්සම වැඩිදුර සළකා බැලීම ආරම්භ වී තිබේ. ඒ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීයි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 48 දෙනෙකුට එරෙහිව විශ්වාසභංග 2 ක් පාර්ලිමේන්තුව තුළ සම්මත […]


Dec
3

කොටින්ගේ ආයුධ රැසක් හමුවෙයි

Generic placeholder image

මුලතිව් පුදුකුඩිඉරිප්පු සුදන්තිරපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් වල දමන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ප්‍රකාශ කර සිටියා. මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු පොලිස් නිලධාරීන්ගේද සහය මත පුදුකුඩිඉරිප්පු පොල්ස් වසමට අයත් සුදන්තිරපුරම් රක්ෂිතයේ අදාළ යුද උපකරණ තොගය සොයාගෙන ඊයේ දින […]


Dec
3

‘කරුණා අම්මාන්..මතක තියාගන්නවා මම සරත් ෆොන්සේකා‘ – මඩකලපුවේ කරුණාගේ කතාවට සරත් ෆොන්සේකාගෙන් සැර පිළිතුරක්

Generic placeholder image

පොට්ටු අම්මාන් නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන බවට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ කරුණා අම්මාන් පසුගියදා සති අන්ත පුවත්පකට ප්‍රකාශ කර තිබුණි. එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මඩකළපුව වවුනතිව් මාර්ග බාධකයේ සේවයේ නියුතුව සිටි ‍පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනයද එල්.ටී.ටී.ඊ යේ යළි පිබිදීමේ වැඩපිළිවෙළ ඔස්සේ හිටපු කොටි සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් සිදුවන්නට ඇතැයි විශ්වාස කළ හැකි බවය. කෙසේ වෙතත් මෙම […]


Dec
3

සජිත්ගෙන් විමල්ට ලැබුණු නිවාස අධිකාරියේ සේවකයින් පිරිසක් ඉවත් වෙයි

Generic placeholder image

නිවාස සංවර්ධන අධිකාරියට අනියුක්තව ස්ථිර නොවී සේවය කළ සේවක පිරිසක් සේවයන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.  මෙම සේවක පිරිස නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ ලේක් හවුස් වටරවුම ආසන්නේය විරෝධයක නිරතවෙමින් සිටියි. මේ හේතුවෙන් ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අමාත්‍ය විමිල් වීරවංශ මහතාගේ නිවාස, ඉදිකිරීම් හා සමෘද්ධි අමාත්‍යාංශට […]


News Articles
Latest Videos
Most Popular Post