බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරඟයේදී මතබේදාත්මක තත්වයක් ඇති වුණා. ඒ ලංකාව පන්දුව පළුදු කරා කියලා විනිසුරුවන් චෝදනා කරපු නිසා. මේකට විරෝධය පල කරපු ලංකාව ක්‍රීඩා නොකර පිටියෙන් ඉවත් වුණා. මේ නිසා නායක චන්දිමාල්ට, ප්‍රධාන පුුහුණුකරු චන්දික හතුරුසිංහට හා කළමණාකරු අසංක ගුරුසිංහට එරෙහිව ICC ය පරීක්ෂණයක් පැවැත්වුවා. Skype තාක්ෂණය ඔස්සේ තමයි මේ පරීක්ෂණය පවත්වලා තිබ්බේ. […]
අද 2018 ජුලි මස 12 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.49 සිට 03.23 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.42 සිට 03.08 දක්වා සුභ දිශාව: උතුර මේෂ ලග්නය එඩිතරව කටයුතු කරන දිනයකි. ඔබේ කායික ශක්තිය මනාව පවතින දිනයකි. ක්‍රියාශීලිත්වය ඉතාම ඉහල දිනයකි. වෘත්තීය කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. නිසි තීරණ මත […]
මෙවර Mrs.World wide Sri Lanka 2018 කිරුළ දිනාගතේ ටානියා මෙලීසා ගුණතිලකයි. ශ්‍රී ලංකාව නියෝජනය කරන්න, ඇය පහුගිය දවසක සිංගප්පූරුවට ගියා. ඒ වුනත් තරඟයඉවරවෙන්නත් කලින් ඇය ආපහු ලංකාවට ආවා. එකට හේතුව වුණේ තරඟයේ ජය මුදල් මත ලන්සු තැබීම නිසා. මේ කිරුළ ලබාගන්න ලංකාව නියෝජනය කළ ටානියා, තරඟාවලියේදී සිදු වූ අසාධාරණය ගැන මේ විදිහට කියලා තිබුනා… මේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ දග පන්දු යවන්නෙක් තමයි අකිල ධනංජය කියන්නේ. ඔහු ලොවක් දැනගන්නේ ඉන්දීය කණ්ඩායමේ එක්දින තරඟාවලියේ තුන්වන තරගයේදීයි. ඒ වගේම ලංකාවේ මීලග වසර කිහිපයකදී දක්ෂ පන්දු යවන්නෙක් වෙන බව ඔහු දැනටමත් ඉඟි පළ කරල තියෙනවා. මේ කියන්න යන්නේ අකිල ගැන සියත 24 අපට දැනගන්න ලැබුණු අලුත්ම දෙයක් ගැන. අකිලත් ඇයගේ බිරිඳ […]
FIFA ලෝක කුසලානයේ තවත් තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරගයක් අද පැවැත්වෙනවා. ඒ එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතරයි. අද තරගයේදී කණ්ඩායම් 02 ම කරට කර සටනක් දෙයි කියලා පාපන්දු විචාරකයින් පවසනවා. එංගලන්ත කණ්ඩායම මෙවර තරඟාවලියේදී කැපී පෙනෙන දක්ෂතා නොදැක්වුවත් අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබීමට සමත් වුණා. හැබැයි මෙවර FIFA කුසලානයේ පෙරළිකාර කණ්ඩායම වන ක්‍රොඒෂියාව පිළිබදව කාගේත් […]
දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය ඉහළ යාමේ හැකියාව තවදුරටත් ඉහළ යනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මධ්‍යම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ති‍්‍රකුණාමලය සහ අම්පාර දිස්ති‍්‍රක්කවලත් පැයට කිලෝ මීටර 50 ත් 60 ත් අතර ප්‍රහාරාත්මක සුළං ඇති වෙන්න පුළුවන්. පුත්තලම ඉඳන් කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා හා පොතුවිල් සිට මඩකලපුව […]
ඊයේ ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගත්තේ තායිලන්තයේ ගුහාවක සිරවුන ළමා පාපන්දු කණ්ඩායමේ ගැලව ගැනීමේ මෙහෙයුම ගැන. ඊයේ හවස් වෙද්දී ගුහාවේ සිරවෙලා හිටිය සියලු දෙනාව මුදා ගන්න මෙහෙයුම් කණ්ඩායම් වලට පුළුවන් වුණා. දින 18 ක අසීරු මෙහෙයුමකින් පස්සේ තමයි මේ පාපන්දු කණ්ඩායම බේර ගත්තේ. රටවල් රැසක කිමිඳුම්කරුවන් රැසක් මේ දැවැන්ත මෙහෙයුමට සම්බන්ධ වුණා. මේ දැවැන්ත මෙහෙයුම […]
දුම්රියේ, පෞද්ගලික බස්වල ආසන වෙන්කර ගත්තට ලංගම බස් එකක ආසනයක් වෙන් කර ගන්න එක ලේසි නෑ. දුම්රියේ වුනත් ගොඩක් වෙලාවට දුම්රිය ස්ථානයකට ගිහින් නේ ආසන වෙන් කර ගන්න වෙන්නේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව බස් පර්යන්තයෙන් ආරම්භ වෙන දුරගමන් බස් රථවල ආසන වෙන්කර ගන්න ලබන 16 වැනිදා ජංගම දුරකථන මෘදුකාංගයක් (Mobile App) හඳුන්වා දෙන්න ප්‍රවාහන හා […]
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරඟාවලිය හෙට ආරම්භ වෙනවා. ටෙස්ට් තරඟ 2 කින් මේ තරඟාවලිය සමන්විතයි. පලවෙනි තරඟය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. ක්‍රිකට් තරඟ බලන පාසල් සිසුන්ට සුභ ආරංචියක් අද ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නා. ඒ ටෙස්ට් තරඟාවලිය නොමිලේ බලන්න අවස්තාව පාසල් සිසුන්ට දීලා තියෙනවා. පාසල් සිසුන්ට වගේම ක්‍රිකට් ඇකඩමි වල පුහුණුව […]
Faebook සමාගමට මේ අවුරුද්ද නම් එච්චර හොඳ එකක් වුණේ නෑ. අවුරුද්දේ මුල ඉඳන්ම බාල්දි පිට බාල්දි ඔවුන්ට පෙරලුනා. එකට ප්‍රධානම හේතුව වුණේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම Facebook ගිණුම් හිමියන්ගේ දත්ත අවභාවිතා කිරීම. මේ හේතුව නිසා ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 05ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කරලා තියෙනවා. ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල […]
ජනපති, අගමැති සහ මුදල් ඇමති අතර තිබ්බ සාකච්ඡාවකින් පස්සේ ඊයේ රාත්‍රියේ ඉඳන් ආයෙත් තෙල් මිල වැඩි වුණා. තෙල් මිල වැඩි වෙනවත් එක්කම මුලින්ම කෑගහන පිරිසක් තමයි බස් සංගම්. සුපුරුදු පරිදි ඔවුන් ආයෙත් බස් ගාස්තු වැඩි වීමක් ඉල්ලා සිටිනවා. සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා සියත ප්රවෘත්තී වෙත කිව්වේබස් ගාස්තු ඉහල […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.