ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2859 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 608ක්. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහත පරිදි වේ..
අද දිනයේ සිට දිවයින පුරා ඇති සතොස ශාඛා සියල්ල විවෘත කරන අතර 1998 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් හෙට සිට සතොස ශාඛා මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇනවුම් කර මිලදී ගැනීමට ද ජනතාවට අවස්ථාව හිමි වන බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පිරිස් මහතා පවසනවා.
තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හෙද කාර්යය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය තිබෙනවා. ඒ කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් .
බස්නාහිර, සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් වයඹසහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය […]
රත්නපුර කලවාන මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තේ කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබෙන්නේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි පූජ්‍ය බද්දේගම සමිති හිමි අද අපවත් වී තිබෙනවා. ඒ මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.අපවත් වන විට උන්වහන්සේ 68 හැවිරිදි වියේ පසුවූ වූ අතර ඉකුත්දා කොරෝනා ආසාදනය වීමෙන් උන්වහන්සේ රෝහල්ගත කෙරුණා. කෙසේ වෙතත්ප්‍රතිකාර ලබා යළි විහාරස්ථානයට පැමිණිමෙන් පසු ඇති වූ පෙනහලු ආබාධයක් හේතුවෙන් මෙලෙස උන්වහන්සේ අපවත් […]
තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 1,405ක්.
බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ නියම කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සමග තරගයේදී අසභ්‍ය වචන කියූ බවට වන චෝදනාවට අදාලවයි. ඒ අනුව අදාළ තරගයේ තරග ගාස්තුවෙන් 15% ක මුදලක් දඩ ලෙස නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
එන්නත්කරණ වැඩසටහනේ ඊලග පියවර ලෙස රත්නපුර හා යාපනය දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව හෙට දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 793 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයනි. එම පිරිස 161ක් වේ. නිරෝධායන නීති කැඩීමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 16,386ක්.
සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර […]