ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්නෙන් නිවාස 50ක් පමණ විනාශ වී ඇති බවයි පැවසෙන්නේ. නිවසක දල්වා තිබූ පහනක් ගිනි ගැනීමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් වුණා..ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 78ක් පමණි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නායක ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 6කට කඩුලු 4ක් දවා […]
කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ කඩවත – කිරිල්ලවල ප්‍රදේශයේදී අද අලුයම ලොරි රථයක් එම මාර්ගයේ පෙරලී අනතුරට ලක්වීම හේතුවෙන්. එම අනතුරට ලක් වූ ලොරි රථය මේ වන විට මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ තවත් කොරෝනා මරණයක් වාර්තා වුණා. ඒ් අනුව මෙතෙක් මෙරට කොරෝනා වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 527ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගෙන වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 05,11,13 ශ්‍රේණි අද ආරම්භ කර තිබෙනවා. මේ අතර අනෙකුත් පළාත්වල සියලු ශ්‍රේණී සදහා අද පාසල් ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරන්නේ. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි ලබන මස 19 වෙනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවර එළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තදවැසිද ඇතිවියහැක. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් […]
ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මිය ගිය පුද්ගලයින් අතර යතුරු පැදිකරුවන් තිදෙනෙකු හා සහ පදිකයින් 04 සිවුදෙනකු ඇතුලත්.
මියන්මාරයේ විරෝධතා අතරතුර එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් තවත් උද්ඝෝෂකයින් 12 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. විරෝධතා ආරම්භ කල දිනයේ සිට මේ දක්වා මියන්මාරයේ උද්ඝෝෂකයික් 70 ක් පමණ මියගොස් ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.
අසාද් සාලි මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය පිලිබදව පරීක්ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පත්කර තිබෙනවා. එම කණ්ඩායම සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත බවයි පැවසෙන්නේ.
2021 වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා මේ බව සදහන් කර තිබෙනවා
වර්ෂාවක් පවතින වේලාවක ගසක් යටට වී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මතට අකුණු සැරයක් පතිත වී තුවාල ලබා ඔවුන් රෝහල් ගත කර තිබෙනවා. එම අකුණු සැරය පතිත වන අයුරු අසල තිබුණු ආරක්ෂිත කැමරාවක සටහන් ව තිබුණා. මෙම පුවත ඉන්දියාවෙන් වාර්තා වනවා.
මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසයේ තෙවන රැල්ලකට මුහුණ පා සිටින ඉතාලිය එය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් පුර්ණ වසා දැමීමකට ලක් කිරීමට සුදානම් වන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අනුව ඉතාලියේ බොහෝ ප්‍රදේශ වල පාසල් හා සාප්පු සංකීර්ණ වසා දැමීමට නියෝග කර ඇති බව ද වාර්තා වෙනවා. මිලාන් අවට ලොම්බාර්ඩි ඇතුළු මෙන්ම රෝමය අවට […]